• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝලි 100 ඒවා 50ක් ගහලා වර්තා පිට වාර්තා තියද්දි ලංකාව තියපු වාර්තා 14 I Sri Lanka Latest News

November 23, 2023
in Exclusive, News, Sports
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවසීලන්තයට එරෙහිව 2023 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේදී සචින් තෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තා 03ක් බිඳදැමීමට විරාට් කෝලි සමත් වූයේය. පළමුව ඔහු සිය 50 වැනි එක්දින ශතකය වාර්තා කළේය. ඒ, තෙන්ඩුල්කාර් තැබූ ශතක 49 වාර්තාව බිඳ හෙළමිනි.(Sri Lanka Latest News)

2003 ලෝක කුසලාන තරගාවලියේදී තෙන්ඩුල්කාර අර්ධ ශතක 07ක් වාර්තා කළේය. එය ලෝක කුසලාන තරගාවලියකදී මෙතෙක් නොබිඳුණු වාර්තාවකි. ඒ ඉනිම 11කදීය. 2023 ලෝක කුසලාන තරගාවලියේදී කෝලි ඉනිම 10කින් 08කදීම ලකුණු 50 වැඩි ඉනිම 08ක් ක්‍රීඩා කළේය.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ඒකපුද්ගල ලකුණු සංඛ්‍යාව වර්ෂ 2003දී සචින් තෙන්ඩුල්කාර් වාර්තා කර තිබිණි. ඒ, ලකුණු 673කි. කෝලි වසර විස්සකට පසු අද ඒ වාර්තාවත් බිඳ හෙළුවේය. ඒ, තරගාවලියේදී ලකුණු 674ට වැඩි ගණනක් ලබාගනිමිනි.

අද ක්‍රියාත්මක වන්නේ 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයයි. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.

රෝහිත් ෂර්මා ලකුණු 47කි. ශුබ්මන්ගිල් නොදැවී 80කි. විරාට් කෝලි ලකුණු 117කි. ශ්‍රෙයාස් ලියර් ලකුණු 105කි. කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 39කි. සූර්යකුමාර් යාදේව් ලකුණු 01කි.

කඩුලු 04ක් පමණක් දැවී හඹා යා නොහැකි සේ සැලකෙන ඉලක්කයක් වූ ලකුණු 398ක ජයග්‍රාහී ලකුණක් ඉන්දියාව විසින් නවසීලන්තයට ලබාදී තිබේ. මේ ජයග්‍රහණය කළහොත් එය වැඩිම ලකුණු හඹායෑම ලෙස වාර්තාගත වනු ඇත. එවිට ඒ අවමානිත ලෝක වාර්තාව අපෙන් ඉන්දියාවට යනු ඇත. ඒ වාර්තාව අපේය.

කෝලි තැබුවේ වාර්තා තුනක් පමණි. මුලින්ම තරගාවලියෙන් ඉවත්වී ගම් රට බලා පැමිණි අප මේ ලෝක කුසලාන තරගාවලියෙන් පැමිණියේ වාර්තා 14ක් තබාය. අප හොඳටම කළ ආකාරය ගැන කවුරුත් කතා කරන්නේ නැත.
අපේ වාර්තා 14

  1. තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.
  2. තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත.
  3. වැඩිම දුවද්දී දැවීයෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
  4. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් කණ්ඩායම අපය. ඔක්තෝබර් 04 වැනිදා දිල්ලියේ පැවැති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේදී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයකදී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.
  5. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද්හි පැවැති ශ්‍රී ලංකා පාකිස්තාන තරගයේදී ලකුණු 344ක ඉලක්කය හඹා ගොස් පාකිස්තාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුලු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
  6. තරගාවලියේ වැඩිම කඩුලු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේදී අප පරාජය වූ කඩුලු ගණනේ එකතුව 87කි.
  7. තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලෝම දැවී ගියහ. ඒ, ඉන්දියා – ශ්‍රී ලංකා තරගයේදීය.
  8. මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවීයෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය හමුවේ එසේ දැවී ගියේය.
  9. තරගාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බින්දු ප්‍රමාණය 29කි.
  10. තරගාවලියේ එක් ඉනිමකදී වැඩිම අමතර ලකුණු ලබාදුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබාදුන් අමතර ලකුණු ගණන 36කි.
  11. තරගාවලිය පුරා වැඩිම නෝ බෝල් ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නෝ බෝල් 33කි.
  12. ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් ආබාධයට ලක් වූයේ අපේ කණ්ඩායමේය. ක්‍රීඩකයන් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක්වූහ.
  13. ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පිරිසක් සහභාගි වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.
  14. වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේද අපේ රටෙනි. එම ප්‍රමාණය 14කි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට කෙළවී ඇති ආකාරය මේ වාර්තා 14 තුළ සංක්ෂිප්ත වී ඇති බව ලියා තබමු.

ලංකාසර වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ඊයේ ජනාධිපතියි විපක්ෂනායකයි පාර්ලිමේන්තුවේදී සිංහල භාෂාවෙන් උණුසුම් වාදයක පැටලුණා! අද ඉංග්‍රීසි භාෂාවෙන් දෙදෙනාගේ සටන බලන්න! අන්තිමට ජනාධිපති කතාව නවත්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ආදරෙන් I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.