මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්රික්කයේ වැව් 415ක් පිටාර ගලමින් තිබෙනවා. (Sri Lanka Latest News)
එම තත්ත්වය හමුවේ ප්රදේශවාසීන්ගේ එදිනෙදා කටයුතු සියල්ල ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
වව්නියාවේ මහවැව් වූ පාවක්කුලම් ඇතුළු ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, සුළු වාරිමාර්ග සහ මහාවාරිමාර්ග යටතේ ඇති වැව් 415ක් අද (23) උදෑසන වනවිට පිටාර ගලමින් පවතී.
මෙලෙස වැව් පිටාර ගැලීම නිසා ප්රදේශයේ මහ කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු විශාල ප්රමාණයක් ජලයෙන් යටවී ඇති බවද සඳහන්ය.
dasathalankanews










