මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනි වලේ ඊයේ (21) දෙවන දිනයේ කැණීම්වලදී මිනිස් ඇට සැකිළි දෙකක් කොටි සාමාජිකයින්ගේ නිල ඇදුම් වලට සමාන ඇදුම් හතරක් හා තවත් ද්‍රව්‍ය කීපයක් හමු වී තිබේ. (Sri Lanka Latest News)
ඒ අනුව මේ වන විට එම සමූහ මිනී වලෙන් හමුවූ සමස්ත මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම සමූහ මිනී වළේ යට තවත් මිනිස් ඇට සැකිලි හා විවිධ ද්‍රව්‍ය ඇති බවට තහවුරු කරගත් විද්‍යාත්මක සාධක කිහිපයක් නිසා මෙම මස 24 වැනිදා කොක්කුතුඩුවායි සමූහ මිනී වළ හා ඒ අවට ප්‍රදේශය ස්කෑන් හා රේඩාර් පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කොට ඇත.
ඒ සඳහා මුලතිව් අධිකරණයෙන්ද අවසර ලැබී ඇති අතර, එදිනට නිලධාරීන් රැසක් එම කටයුතු අධීක්ෂණය කිරීම පිණිස එහි කැඳවා ඇත.
lankasara










