ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවට ලබා දීමට හේතුව වී ඇත්තේ අප රටේ ක්‍රිකට් පරිපාලනයේ ඇති අර්බුධකාරී තත්ත්වය බව වාර්තා වන බවත් මීට පෙර පැවැත්වූ අයි. සී. සී තරගාවලි 5ම ක්‍රියාත්මක වූයේ අන්තර්වාර කමිටු යටතේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2000 දී පැවැති 19 පහළ ලෝක කුසලානය, 2002 චැම්පියන් කුසලානය, 2006 පැවැති 19 පහළ ලෝක කුසලානය, 2011 සී. ඩබ්ලිව්. සී සහ 2012 ලෝක කුසලාන ටී 20 තරගාවලිය එසේ අන්තර්වාර කමිටු යටතේ ක්‍රියාත්මක වූ බැවින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කළ යුතු බවත් මේ සඳහා හේතු වූ රට පාවා දුන් දේශද්‍රෝහී ක්‍රියාවට විරැද්ධව නීත්‍යානුකූල පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.










