ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ මහා සංහිඳ වූ අභාවප්‍රාප්ත මහගම සේකරයන්ගේ ප්‍රිය බිරිඳ කුසුමලතා මහගමසේකර මහත්මිය ඊයේ (22) දින අභාවප්‍රාප්ත වූවාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත.
මියයන විට ඇය 88 හැවිරිදි වියෙහි පසු වූවාය.
ඇයගේ දේහයට අවසන් ගෞරවය සඳහා දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා පෙරවරු 10 සිට තැන්පත් කර තබනු ලැබේ.
අවසාන කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහන පරිශ්‍රයේදී සිදු කෙරේ.
lankasara










