දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය 2016-.09.01 දිනැති 1982 අංක 33 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව රසගන්වන ලද දුම්වැටි විශේෂයක් වන ඩන්හිල් දුම්වැටිවලට එරෙහිව මාතර, අනුරාධපුර සහ කොළඹ නඩු පැවරූ බවත් මේ නිතිමය ක්‍රියාදාමවලට එදිරිව ලංකා දුම්කොළ සමාගම්වල අභියාචනාධිකරණයට නඩු පැවරූ අවස්ථාවේ ඒ සියලුම නඩු කටයුතු සලකා බැලූ අභියචානාධිකරණය 2023.11.17 වැනි දින මීට අදාල තීන්දුව ලබා දුන්නත් එය අභියාචනාධිකරණයේ වෙබ් අඩවියේ පළ කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිදුවූ ක්‍රියාදාමය සම්බන්ධයෙන් සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News











