ගැබිනියක වන යුද හමුදා සෙබළියකගේ උදරයට කැත්තකින් පහරදී තුවාල කළේ යැයි කියන පොලිස් සැරයන්වරයෙක් හොරොව්පතාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (18) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. (Sri Lanka Latest News)
තුවාල ලැබූ යුද හමුදා සෙබළිය (30) හොරොව්පතාන රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වන්නීය.සැකකාර සැරයන්වරයාගේ බිරිය සහ පුතාද ඇයට බැණවැදී පහරදීම් කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වන බැවින් ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කපුගොල්ලෑව පොලිසියේ රාජකාරි කරන අයෙකි. යුද හමුදා සෙබළියට පහරදීමට යොදා ගත්තේ යැයි කියන කැත්තද පොලිස් බාරයට ගෙන ඇත.
හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පෙරේදා (18) එම ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා තම නිවස වැසි ජලයෙන් යටවීම වළක්වා ගැනීමට පස් බැම්මක් සකස් කර ඇති අතර ඒ හේතුවෙන් සැරයන්වරයාගේ නිවස වැසි ජලයෙන් යටවීම නිසා දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිව තිබෙන බව පොලිසිය කියයි.
gossiplankanews










