මාලදිවයිනේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.Sri Lanka Latest News
මාලේ නුවර සිට අද (18) උදෑසන 09යි 30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගා වූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පියවර ගෙන තිබිණ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ලංකාවට පැමිණි වහා ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙසට ගොස් කේක් කපා ඒ මහතාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීමය.
එම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.










