• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප් සභාපති රංජිත් බණ්ඩාර සජිත්ට ලියුමක් ලියයි! පුතා කෝප් එකට ඇවිත් වාඩිවුණු හැටි කියයි! I Sri Lanka Latest News‍

November 18, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
කෝප් කමිටුවේ ජංජාලයක්! ක්‍රිකට් ආයතනය ගැන ප්‍රශ්න කරද්දී සභාපති රංජිත් බණ්ඩාරගේ පුතාත් ඇවිදින් කෝප් කමිටුවේ වාඩිවෙලා! පින්තූරත් එළියට ඇවිත්! විපක්ෂනායකවරයාටත් වාඩිවෙන්න බැරි කෝප් කමිටුවේ කණිෂ්ක බණ්ඩාර වාඩිවුණේ කොහොමද? සජිත් අදත් පාර්ලිමේන්තුවේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය පුතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කෝප් සභාපති රංජිත් බණ්ඩාර මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.Sri Lanka Latest News‍

එය පහත දැක්වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලියමි…

අද පාර්ලිමේන්තුවේ මා නොමැති අවස්ථාවක මාගේ වෘත්තීය කිර්ති නාමයට හානි කරවමින් “ඔබේ පුතා COPE එකට ආවේ කොහොමද?” කියා ඔබතුමා අසා තිබේ. මා හිතුවා ඔබතුමාට තේරෙන සරල භාෂාවෙන් උත්තරයක් දිය යුතුය කියා. මේ සමග අමුණා ඇති ලිපි ලේඛනද කරුණාකර බලන්න.

මා දන්නේ නැහැ ප්‍රේමදාස මහත්මා මොන විභාග පාස් කර තිබෙනවාද කියා. පාර්ලිමේන්තු වෙබ් පිටුවේ නම් LSC ගිය බවක් සඳහන් වෙනවා. ඒත් කිසියම් වෘත්තියක නිරත වෙලා ඉඳලා තිබෙනවද කියා සඳහනක් නැහැ. එහෙම කර තිබෙනවා නම් මේ මා කියන ටික තේරුම් ගනීවි. මා හිතන්නේ ඔබගේ පියාගේ අකල් අභාවයෙන් පසුව ඔබ දිගටම දේශපාලනය තමා කර තිබෙන්නේ.

මට නම් හොඳට හැදුනු පුත්තු දෙන්නෙක්ම ඉන්නවා. ඔවුන් ගැන මා ඉතා ආඩම්බර වෙනවා. ඔවුන් දෙදෙනාම හොඳට උගත් වෘත්තිකයන්. ඒ එක පුතෙක් තමා දැනට මාගේ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ. ඔහු ළඟදීම නීතිඥ වෘත්තියට ඇතුළු වීමට නියමිතයි.

ප්‍රේමදාස මහතානෙනි, මා කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයකු වන අතර ආර්ථික විද්‍යා විෂය පිළිබඳ දේශකයකු හා ලේඛකයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම නායකත්වය, උපායමාර්ගික කළමනාකරණය, ව්‍යාපාර උපදේශනය, ව්‍යවසායකත්ව සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ආශ්‍රිතව කර ඇති සුවිශේෂී මැදිහත් වීම් සම්බන්ධයෙන් යම් කීර්තියක් දිනා සිටින බව වෘත්තීය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දනී.

ඔබ දන්නා පරිදි දැනට මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම සමාජ සුබසාධන, ප්‍රජා සංවර්ධන සහ මානව කුසලතා බලගැන්වීම සඳහා කැප වූ සංවිධානයක් වන “කිරුළ පදනමේ” සභාපතිවරයා ලෙසත් මා කටයුතු කරනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, නොර්වීජියානු කෘෂිකර්ම විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධියත්, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් මා සම්පූර්ණ කර තිබෙනවා.

මා විසින් ලියන ලද ශාස්ත්‍රීය ලිපි සහ ආර්ථික විශ්ලේෂණ ජාතික හා ජාත්‍යන්තර සඟරා රාශියක පළ වී තිබෙනවා. ආර්ථික විද්‍යාව සහ ආශ්‍රිත විෂයන් තේමා කොටගත් කෘතීන් ගණනාවක් මා විසින් විසින් රචනා කොට තිබෙනවා. ශ්‍රී ලංකා ඉකොනොමික් ජර්නලයේ සහ ලංකාවේ කීර්තිමත් කළමනාකරණ සඟරාවක් වන කළමනාකරණ ඩයිජෙස්ට්හි කර්තෘවරයා ලෙසත් මා කටයුතු කර තිබෙනවා.

කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල, ඉම්පීරියල් ස්කූල් ඔෆ් බිස්නස්, DKB හෝල්ඩින්ග්ස් සහ B-7 රිසෝට් ඇතුළු සමාජ ව්‍යාපාර කිහිපයක් පිහිටුවීමට මා මූලිකත්වය අරගෙන තියෙනවා.

ඔබතුමා දන්නේ නැතුව ඇති ආයතනික සැලසුම්, නව ව්‍යාපාර ආකෘති, නව නිෂ්පාදන සංවර්ධන උපාය මාර්ග, කළමනාකරණ සහ අලෙවිකරණ උපාය මාර්ග සංවර්ධනය හරහා කෙටි කාලයක් තුළ සිය ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවකට මා සහාය වී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙසත්, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, මර්චන්ට් ඉන්ෂුවරන්ස් ඇතුළු දැවැන්ත සමාගම් සමුහයක අධ්‍යක්ෂ ධූර දරා ඇති තිබෙනවා.

මගේ 30 වසරක වෘත්තීය ජීවිතය පුරාවටම මහබැංකුව, මුදල් අමාත්‍යංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ මට්ටමේ තනතුරු රාශියක් හොබවා තිබෙනවා. එමෙන්ම සෙරෙන්ඩිබ් එන්ජිනියරින් ගෲප් පීඑල්සී හි අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා මෙල්වයර් ගෲප් හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. “ශ්‍රී ලංකා පදනම” ජාතික නායකත්ව අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛතම ජාතික මධ්‍යස්ථානය ලෙස පරිවර්තනය කිරීමට මම මූලික වු බව කාගෙත් පිළිගැනීමයි. දැනටත් මා දිවයිනේ ප්‍රමුඛපෙළේ ව්‍යාපාර ගනණාවක උපාය මාර්ගික උපදේශකයකු ලෙස කටයුතු කරනවා.

ඉතින් මා අධ්‍යාපනික සුදුසකම් සහිත වෘත්තිකයෙකු බැවින් ඔබ මෙන් කටයුතු කිරීමට මට නොහැකිය. ඔබ හැසිරෙන ආකාරයට හැසිරෙන්නට මට බැරිය. මිනිසුන්ට නිරපරාදේ අගෞරව කිරීමට මට නොහැකිය. ඔබ රටක් පාලනය කරන්න කල්පනා කරනවා නම් මේ රටේ වෘත්තිකයන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඉගෙන ගන්න. ඔවුන්ට නිකරුණේ අගෞරව නොකරන්න. කරුණු සොයා බලා කතා කරන්න. ඔබට එසේ කිරීමට හැකියාව සහ ධෛර්ය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

මෙයට හිතවත්

මහාචාර්ය රංජිත් බණ්ඩාර, PhD (Qld.,)

SendShareShare
Previous Post

තේරීම් කාරක සභාව ක්‍රිකට් අර්බූදයට විසඳුමක් නෙමෙයි! ප්‍රශ්නය විසඳන්න විපක්ෂනායකවරයාගෙන් අලුත්ම උත්තරයක්! VIDEO I Sri Lanka Latest News‍

Next Post

මැරෙන්න කලින් දවසේ පුංචි සෙහන්සා තමන්ගේ මරණය හීනෙන් දැකලා! උපන්දිනේ දවසෙදිම ඉස්කෝලෙ තාප්පෙට යටවෙලා මැරුණු සෙහන්සා ගැන දුක හිතෙන කතාවක් එළියට එයි!  I Sri Lanka Latest News‍

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.