ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට වූ ලිපියකට අස්සන් ගැනීම සදහා විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයෙක් උත්සාහ දරා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම මන්ත්‍රීවරයා ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රීවරුන් හමුවට පැමිණ මෙම ලිපියට අස්සන් තබන ලෙස ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.
නමුත් මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබද සැක සිතූ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් විසින් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඒ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම්දීමට පියවර ගෙන ඇති බව පැවසේ.
එහිදී විපක්ෂනායවරයාද පෙන්වා දී ඇත්තේ මෙම මන්ත්‍රීවරයා අදාළ ලිපිය රැගෙන තමන් හමුවටද පැමිණි බවත්, තමන්ද ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බවත්ය.
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ සංවාදය එළියේ සාකච්ඡා වීම වැළැක්වීම මෙම මන්ත්‍රීවරයාගේ අරමුණ වී ඇති බව මෙහිදී පෙන්වා දී ඇති සජබ මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයේ මෙම මන්ත්‍රීවරයාගේ හැසිරීම සැකයට තුඩු දුන් එකක් බවද විපක්ෂනායකවරයාට පෙන්වා දී ඇත.










