• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චිල්රන් මේකින් මැෂින් I Sri Lanka Latest News

November 19, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ලොක්කා මනු කුසෙහි ප්‍රතිසන්ධි (පිළිසිඳ) ගතවන්නටත් පෙරාතුව සිය පිය මහ රජතුමාණන්ගේ බීජකෝෂාශ්‍රිත සංක්‍රාන්ති සමයේ ගන්ධබ්බයකු පරිද්දෙන් සංවර්ධනාත්මක අසංකාරික (කාගෙ හෝ මෙහෙයුමකින් තොරවැ) චින්තයෙන් සත්‍යගවේෂීව සිටින කල්හි ස්වයංභූත ඥානයෙන්ම අපේ දේශයට හෙවත් ශ්‍රී ලංකා ඉල්ලංකාවට (විකොනොමික් ලෑන්ඩ් Wiconomicland කීවාටද කම් නැත) ගතමනාවක් (විනිමය) සොයාගැනීම සඳහා ඉතා ෆිටේෆිට් (උචිත) යැයි පහළ වූ සංකල්පය වනාහි ”රෝන්දෙ” (සංචාරක) කර්මාන්තය උස්මුරුත්තාවට පත්කිරීමය.(Sri Lanka Latest News)

ඒ සඳහා වී පැදුරට (පොර වුවත් හොඳයි) කුකුළන් එන්නා සේ රෝන්දෙ ගසන්නන් ගෙන්වා ගැනීමට පහිණහල් (තැපැල් කන්තෝරු) ඇතුළු පැරැණි ගොඩනැගිලි හෝටල් බවට ට්‍රාන්සර් කළ යුත්තේම යැයි පසක් කරගත්තේය.

පහිණහල් පමණක් නොව රටේ සියලු ආකර්ෂණීය පෞරාණික ගොඩනැගිලි ලැගුම්හල් රෑඟුම්හල් බවට පත්කළ යුතුය යන මතය කූඩැල්ලකු සිය මවගෙන් ”චිච්චි” ඉරීම සඳහා එල්ලී සිටින ආකාරයටත් වඩා දැඩිව එල්බ ගත්තේමය. ඒ වෙනුවෙන් සිය ගෝලබාලයන් තලඅතු හුළුඅතු අල්ලන්නන් අත්පා මසාජ් කරන්නන් මෙහෙයවා ළුැවේය.

එවිට වලල්ලෙන් පුවක් ගහෙන් බහින්නා සේ සුද්දන් චීනුන් ජපනුන් කොරියන් පමණක් නොව බරියන් පරියන් පවා අවුත් ප්ලේන්වලින් ”බ්රූස්” ගා බහින්නේ යැයි ”කාක්කා පල්ල, මයිනාපල්ල, ගංජනෝනා පල්ල යැයි” සපථ කළේය.

වජ්රාභයා, සයියගෙ පුතා වයියා, කසාගල රත්නයා ඒ චින්තනය (චින් කෙසේ වෙතත් අනිත් හරිය) මහජනයාට හිස්පොල්ලේ යනතුරුම පෙව්වවාහුය. සිය සනුහරේ (පක්‍ෂයේ) උනට වස්ති කළාහුය.

එතකොට කාටද බොලේ ආඩම්බරේ, ආඩම්බරකාර පප්පාට තියා ඒ පප්පාගේ අප්පාටවත් නැති එකක් මේ ආඩම්බරේ යැයි කීවෝය.

මේ කර්මාන්තයට රෝන්දෙ යන දේශීය වචනය යෙදීමට හේතුපාදක වූයේද දේශජ (දේශයේ ජනිත) දේට මුල් තැන දියයුතුය යන සංකල්පය බලවත් නිසා පමණක් නොව මේ රටේ වෙසෙන අප්‍රමාණික (ගණංපදං නැති) සුනඛ ධේනුවන්ගේ පුත්‍රයන්ටද ගෞරවයක් වශයෙන් බවද පැවසීය. සුනඛ පුත්‍රයනට ගරුබුහුමන් දැක්වීමට හේතුවද මෙහිලා සඳහන් කරනු වටී. නැතහොත් බලවත්ම අඩුවකි.

මේ දේශයට පැමිණි නන්නත්තාරවූ පළමු කණ්ඩායම රට අභ්‍යන්තරයට කැටුව යාමට පමණක් නොව බින්න ස්ථාපනයට නොහොත් බින්න බැහීමටද මූලික පහසුකම් සලසන ලද්දී සුනඛ ධේනුවක් බව මහාවංශය ආදි වංශකතාවල පවා අටුවා, ටීකා, ටිප්පණි, චූර්ණිකා වන්නං, සට්ටං සහිතවම විස්තරකර ඇති හෙයිනි.

ඒ ඇත්තී නිසා සුනඛ ධේනු පරම්පරාවට ගෞරව බහුමානයෙන් මෙහිලා තැකිය යුතු වුවත් අපේ ගංජා නෝනා කරණකොටගෙන සමස්ත මහජනතාව ගෙන්ම පාහේ ඒ භාරදූර කර්තව්‍යය ඉෂ්ටසිද්ධ වීම හේතුවෙන් මම (ලියුම්කරු) බාමි. (බාමි යන්න රැවුල නොව ඉදිරිපත් නොවන අරුතේය-පසුබාමි යන්නෙහි ෂෝට් ෆෝම් එකය-සීගිරිගී)

පාඨක භවතුන් උකටලී නොවනු මනා හෙයින් ඒ කතා වත්තුවද කියා සිටිම්හ.

ඒ විජය කියන මහ හොරා සහ ඔහුගේ හත්සියයක් පමණ වූ බව කියන සෙසු මිත්‍ර ගණයාද අපේ මහ ලොක්කී හෙවත් උක්කුං පෙයාර් එකහමාරක් තිබූ බව කියන කුවේණිජ්ජා බැහැ දැක්ක වීමට යාමේ මාර්ගෝපදේශිකාව වශයෙන් කටයුතු කරන ලද්දී සුනඛ ධේනුවක් හෙයිනි. (උක්කුං පෙයාර් එක හමාර යනු පියයුරු (පයෝධර) තුනකි. පය ධරනුයේ පයෝධරයි. දෙමළ භාෂාවෙහි පායාසම් යන පදය මීට සමගාමී වන අතර බසෙහි (භාෂාවේ) උන්නතිය උදෙසා බස බස ගාන්නන්ගේ දැනුම සඳහා පහයමි). කුවේණි නැන්දම්මාට පියයුරු තුනක් තිබූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහනි. එහෙත් සයිස් එක ගැන සඳහන් කර නැත.

විජය කියන හොරාටද වියට ගෙඩි එකහමාරක තරම් වලිගයක් තිබූ බවද කියැවේ. එහෙත් උහුගේ සනුහරේ මේ වනවිට සිටින උන්ට නම් අඩි ගණනක්ය.) රටට කැට ඇති වින්නැහිය ඒකමය.

පොතේ ගුරා වශයෙන් මේ විස්තරය දෙසාබෑවේ අපේ ලොක්කා රෝන්දෙ කරුමාන්තය උස්සා තැබීමට (Promote) මේ රටේ පහිණහල් (තැපැල් කන්තෝරු) සියල්ලම පාහේ හෝටල් කිරීමේ ව්‍යාපෘතියක් දිගෙලි කර ක්‍රියාත්මක කර ඇති නිසාය. ඒ සඳහා අත්පත් කරගත යුතු ස්ථාන කවරේද යන්න විපරම් කර බැලීම උදෙසා ”බලුඩෝග්” ටීම් එකක්ද යෙදවූ බව කසාගල උන්නැහේ ව්‍යාපෘතිය ප්‍රසූථ කිරීමට පෙරාතුව මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණ කෙළේය.

ඒ ටීම් එක නගරයක් නගරයක්, දනව්වක් දනව්වක් පාසා පතුගෑවෝය. ඔවුන් පසුපස යාම සඳහා සංඛ්‍යා විමර්ශක කණ්ඩායමක් ද අනුගත වූවෝය. මේ දෙවර්ගය වෙන්කර හඳුනාගනු වස් විමර්ශක කණ්ඩායම ගෙලට හිරවෙන සේ ”කරපටි” Tie බඳින අතර සෙසු කණ්ඩායමට හම් පටි බන්ධිතය. හම් පටි කණ්ඩායමේ රාජකාරිය වශයෙන් හෝටලයකට සුදුසු පැරණි ගොඩනැගිල්ලක් දුටුකල්හි උනට පබ ”බාක්” කරන්නට හුරුකරවා යෙදවූ බවයි. ඒ මෙසේය.

උහු සියලු ගොඩනැගිලි ඉවකරමින් යන්නෝය. උනට යෙහෙකැයි, මනාප යැයි (නස්නකරවා තිබූ දත්තවලට අනුව) හැඟුණු කල්හි බාර්ක් කිරීමට නියමිතය. ඒ බාර්ක් එක ත්‍රිවේද කාරක වේ. එහි අර්ථ ගුණ මෙසේය.

”වන් බාර්ක් ලිට්ල් ගුඩ් One Bark little good එක සැරයක් බිරුවොත් ටිකක් හොඳයි. ටූ බාර්ක් මිඩ්ල් Two Bark middle දෙසැරයක් බිරුවොත් මධ්‍යමයි. ත්‍රී බාර්ක් ගුඩස්ට් Three Bark goodest තුන් සැරයක බිරුවොත් ඉතා හොඳයි.

ඒ අනුව ඉතා සුදුසු ඒවා බවට පාර්ලිමේන්තුව, රජගෙදර, ටවර් හෝල් එක, ඇට්ල්ස් හෝල් එක, නිදහස් චතුරස්‍රය පමණක් නොව ආනන්ද නාලන්ද ආදිය අගනුවරින් ද, දළදා මාලිගාව ගැටඹේ පමණක් නොව, අස්ගිරි මල්වතු විහාරස්ථාන මහනුවරින්ද තෝරාගත් බව කසාගලතුමා කස කසාම කීවේය.

එසේ පවරාගත් පසු මහනායක හාමුදුරුවන් වහන්සේලාට වැඩසිටීම උදෙසා ටකරං ෂෙඩ් ඉදිකර දී තිබේ. ලොක්කාගේ විශේෂ නියෝගයක් පරිදි ඒ සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍ය පහසුකම් සපයා ඇති බවද හොඳම වර්ගයේ ගණකම වානේ තහඩු පමණක් භාවිත කළ බව සයියගෙ පුතා (ව)යියා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබා කීවේය.

මව්රටට දැනගන්නට ලැබෙන අන්දමට මහනුවර Hotel De Tooth Relic අදානිගේය.Hotel De Usgiri Singh ආරක්‍ෂක ලේකම් රාජ්නාත් සිංගේය. මෝදි භවාන් Modhi Bavaan යටිනුවර වීදියේය.

චීනයේ චියෑං චුං චෑගේ Post of the Post මහනුවර කටු කටුගෙදර(ගේ) පරිශ්‍රයේ විවෘත කර ඇත්තේය.

චීනයේ තැපැල් ඇමැති ”ලියුං කියුං” වැඩ ඇමැති ”කියුං කෙරුං” සහ ආහාර ඇමැති ”ඉවුම් පිහුම්” එම උත්සවයට සහභාගි වී ඇත්තාහ.

දිවයින පුරා මේ සේ විවෘත කර ඇති සහ මතු මත්තේ විවෘත කිරීමට යෝජිත සෑම හෝටල් සංකීර්ණයකටම දේශීය බඩු (නිෂ්පාදන) සැපයීමේ සෝල් ඒජන්ට් මාවතගම ජොංජොං ඩිස්ටිලරීස් ආයතනයයි.

අස්ගිරි ග්‍රවුන්ඩ් එක ගයනා නෝනාට නයිට් බසාර් එකකට නිසිනින්දේ වෙන්කර ඇති බවද වරින්වර ඇය ටොප්ලස් මෙන්ම ඩවුන්ලස් ඩාන්ස් ද ඉදිරිපත් කර ඇත්තීය. එපමණක් නොව ගැහුවම නාගසලං කොළ දිවාරාත්‍රී අලෙවි කෙරෙන සප්ලයි චේන් එකේ අධිපතිනියද ඇය වේ.

ඒවායේ ක්වැලිටිය Quality ගැන කීමට රූපවාහිනී වැඩසටහනේ තේමා ගීතය ”මල් මල් වාගේ, බඩු මිටිය මගේ ඇදලා ගැහුවම..අ..අ..අ හරිජොලී..ඊ..ඊ..යන ලෙසින් ඇරඹේ.”

සියලු හෝටල්කාර ආයෝජකයන්ගේ නම්ගම් විස්තර මේ අවස්ථාවේ දී කීම දුෂ්කර හෙයින් ඒවා සඳහන් කිරීමට නොහැකිවීම ගැන ඔබ මා කමා කෙරෙත්වා.

එතකුදු වුවත් ලොක්කා ප්‍රදක්‍ෂිණා කළ සෑම විදේශයකම පයුරුපාසානේ යෙදුණු ප්‍රභූවරුන් ආයෝජනයට සේම ආලෝලනයට ද පැමිණ සිටීම වනාහි මේ සියවසේ අද්විතීයම වාර්තාව බව රොයිටර් නිවුස් නොඅසන මරියකඩේ පෙසානෝනක්කා පවා කියන්නීය.

මේ රට එපා යැයි මුරගා හැරදා ගිය ශ්‍රී ලාංකික දුවාදරුවන් දැන් කෙරෙන ආශික් සංවර්ධනය කරණකොටගෙන ආපසු එන්න පටන් ගෙනය. දැන් ප්ලේන්වල ප්‍රවාහන සේවය මන්දගාමී නිසා තටුවල පවා එල්ලී එන්ට කැමැත්තේලු.

ලොක්කාගේ ප්‍රොජෙක්ටුව නිසා සංවර්ධනය අකනිටා බ්‍රහ්ම ලෝකයට ආසන්න වීමට ඇති දුර ප්‍රමාණය මීටර් එකකටත් අඩු තරම් බව බැංකුවේ වැඩකරන නැන්දගෙ ලාල් ගොයියා කියයි.

ලොක්කා හෝටල් ව්‍යාපෘතිය පිළිබඳ අල්ජසීරා ආයතනය සමග පැවැති සජීවී සාකච්ඡාවේදී මාධ්‍යවේදියා ප්‍රශ්නයක් නැගූ විට Shut up and sit යැයි කී අභීත ප්‍රකාශය රූපවාහිනී සේවයෙන් දුටු බයිඩන් භීතිය නසාගැනීම සඳහා පේන්කිලර් වශයෙන් පැනඩෝල් පෙති දෙකක් ඉල්ලාගෙන පානය කර සයිඩ් ගසා හිටියා මිස ලොක්කා බලන්නට මේ දක්වාම ආවේ නැත. ඔය සිද්ධීන් ගැන දෙඩීමට මේ කාලය නොවේ.

මේ වන විට සියලු හෝටල් කර්මාන්තය සුද්දන්ගෙ, චීනුන්ගෙ, ජෙප්පන්ගෙ සහ ඉන්දියන් කාරයන්ගෙ අතේ නිසා ලංකාවේ එකෙකුට කරන්න දෙයක් නැත්තේලු. බැලු බැලූ අතේ චීන්නුය ඉන්දියන්කාරයෝය ජපන්නුය කොරියන් කාරයන්ය. ආයෝජකයෝය. මයිනයියා 2015 මැතිවරණයන් පසුව මැද මුලනට ගොස් සිටි සෙයියාවෙන් පවා ඔවුහු ද එල්ලී සිටින්නාහ.

එසේ සිටිමින් වුව එක එක සංවර්ධන කර්මාන්ත කරන්නෝය. ගෙවල් බන්දවන්නෝය. ගොඩනැගිලි හදන්නෝය. හෝටල් ගසන්නෝය.

මේ දක්වා වේළිවේළී හිටි අපේ ගම්වල වඩුකාර්මිකයන්ට පෙදරේරුවන්ට අත්වැඩකාරයන්ට නිමකරන්න බැරිතරම් වැඩය. දිවා රෑ වැඩය. එක යමරෙට වැඩය.

කොළඹ මහාමාර්ගයක් අයිනේ සුද්දෙකුගෙ හෝටලයක් ඉදිකෙරෙමින් තිබූ ස්ථානයකින් අපේ කන්තෝරුකාර නෝනලා රෑනක් දෛනික රාජකාරි නිමවා යමින් සිටියේලු. ඒ අවස්ථාවේ අපේ ගමෙන් ගිය පෙදරේරු උන්නැහේලා හත්අට දෙනකු කැටිකරගත් සරමෙන් යුතුව වහලයේ රීප්ප ගසමින් සිටියේලු. උඩබැලූ නෝනලා හිකිහිකිගාමින් යනු දුටු සුද්දා Why they are laughing යැයි එතැන සිටි අත්වැඩකාරයකුගෙන් අසා තිබේ. මෑන් දන්න ඉංගිරිසියෙන් උත්තර දී තිබේ.
”සර් කාපෙන්ටර්ස් ”

”යර්ස් යර්ස් ”

”දේ සෝ කාර්පෙන්ටර්ස් දිස් තිං”

”වට් වට්”

”චිල්රන් මේකින් මැෂින්”

සුද්දා බඩ අල්ලාගෙන හිනාවෙන්නට පටන් ගත්තේලු. ඔය කතාව මා (ලියුම්කරු) සමග කී මගේ මිත්‍ර මාධ්‍යවේදියා ”ලොක්කට බැරිවුණානෙ මේ අයට අමුඩ ගහගන්ඩ කියන්ඩ”යැයි කී කල ”ලොක්කා අමුඩ ගස්සල තියෙන්නෙ අපට” යැයි මා හය්යෙන් කියනු ඇසූ කල ගෘහමූලිකාව ”කාටද අනේ මේ ඔයා මහ රෑ අමුඩ ගස්සන්න හදන්නේ, හීනෙන් බය වෙලාද” යැයි ඇසීම නිසා උඩ ගොස් ඇහැරුණේය. අනතුරුව ඇඳේ ඉඳගෙනම කල්පනා කෙළෙමි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

දොස්තර රන්නන් එලියගේ පක්ෂග්‍රාහී මතවිමසුම්වලට ප්‍රහාර එල්ල වීමත් සමග අලුත්ම මතවිමසුමෙන් රනිල්ගේ ජනප්‍රියත්වය පහත දමලා! අනුරගෙ ලකුණු ගණන ඉහළ දමලා! I Sri Lanka Latest News

Next Post

අයවැයටයි ආණ්ඩුවටයි එරෙහිව ජවිපෙ නුගේගොඩට විශාල සෙනගක් අරන් එයි! විකිණිල්ල සහතිකයෙන් නතර කරන බවට අනුරගෙන් ප්‍රතිඥාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.