• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

VAT එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම ගැන ඔබ දැනගත යුතුම කරුණු 5ක් I Sri Lanka Latest News

November 17, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එළැඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක්වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන සෑම පාරිභෝගිකයකුටම ගෙවීමට සිදුවන බද්දකි.(Sri Lanka Latest News)

රජය මෙම බදු ඉහළ දැමීමට තීරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, රජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා අවශ්‍ය බදු සංශෝධන කරන ලෙස නිර්දේශ කර ඇති පසුබිමකදීය. VAT රජයේ බදු ආදායමේ එක් ප්‍රධාන බද්දක් වන අතර එය වැඩි කර රජයට ආදායම් වැඩි කරගැනීමට එරෙහිව ඇති ප්‍රධාන තර්කය වන්නේ එමගින් භාණ්ඩ මිල ඉහළ යන නිසා අවසානයේ බදු බර අවසාන පාරිභෝගිකයාට දරාගැනීමට සිදුවන බවයි.

එසේ නම් ඔබේ එදිනෙදා ජීවිතයට VAT වැඩිවීම බලපාන්නේ කෙසේද? මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවයි.

මොකක්ද මේ VAT?

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT පළමුව ක්‍රියාත්මක කළ රට වන්නේ ප්‍රංශයයි. ඒ 1954දීය. නිෂ්පාදන ක්‍රියාවලියේදී අගය එකතු කිරීමේ දී (Value Add) බද්දක් අය කිරීම ඒ අනුව සිදුවේ. එය ඉතා සීමිත භාණ්ඩ ප්‍රමාණයකට පමණක් බලනොපවත්වන අතර වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලට අවම වශයෙන් එක් අවස්ථාවක දී හෝ VAT අය වේ.

එකතු කළ අගය මත බද්ද 2002 අංක 14 දරන පනත මගින් හඳුන්වා දෙන ලද අතර එය 2002 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ. භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට එකතු කළ අගය මත බද්ද එවක රජය ආරම්භ කළ අතර, එය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත අයකරන බද්දකට බොහෝ සෙයින් සමානය.

එය දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත පනවන ලද බද්දකි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළ සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දෙහි විෂය පථයට ඇතුළත්ය. මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදීම එකතුවන අගය මත අයකරන අදියර කිහිපයකින් සමන්විත බද්දකි.

බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා දරනු ලබයි. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ.

VAT ගෙවීම සඳහා ව්‍යාපාර විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 1.2ට වැඩි සියලු සමාගම් ඒ සඳහා ලියාපදිංචි වී බද්ද ගෙවීම කළ යුතුය. එම පිරිවැටුම් සීමාව නොඉක්මවන අයට ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය හැකි අතර එය අනිවාර්ය නොවේ.

මම මිලදී ගන්නා භාණ්ඩයක මිලට VAT අගය එකතු වන්නේ කොහොමද?

සරලවම ඔබ මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයකට ඔබ එය මිලදී ගන්නා අවස්ථාවේ දී VAT ගෙවීමට සිදුවේ. භාණ්ඩයේ අවසාන මිල ගණනය කර ඇත්තේ VAT එකතු කිරීමෙන්ය. එමෙන්ම අදාළ භාණ්ඩයේ සැපයුම් ජාලයේ අවසාන පාරිභෝගිකයා වන්නේ ඔබ නම් බද්දේ අගය ගෙවන්නේ ඔබයි.

භාණ්ඩයේ මිල සමග තිබෙන සම්බන්ධය

ඔබ සාමාන්‍යයෙන් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා යෝගට් නිෂ්පාදනයක් මේ සඳහා උපකල්පිත උදාහරණයක් ලෙස ගනිමු.

යෝගට් නිෂ්පාදනය සඳහා යෝගට් නිෂ්පාදකයාට පළමුව ප්ලාස්ටික් යෝගට් කෝප්ප අවශ්‍ය වේ. ප්ලාස්ටික් යෝගට් කෝප්ප නිෂ්පාදන කරන නිෂ්පාදකයාට පළමුව ඒවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදුවේ.

එක් යෝගට් කෝප්පයකට අවශ්‍ය ප්ලාස්ටික් මිලට ගැනීමට අවශ්‍ය වටිනාකම රුපියල් 10ක් ලෙස සැලකුවහොත් 18%ක VAT සමග ඔහුට එය මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 1 සත 80ක බද්දක් සමග රුපියල් 11 සත 80කටයි.

ඉන්පසු ප්ලාස්ටික් නිෂ්පාදකයා අමුද්‍රව්‍ය භාවිත කර ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් සකසයි. ඔහු එම එක් කළ වටිනාකම රුපියල් 15ක් ලෙස සටහන් කරයි. එවිට බදුරහිත නිෂ්පාදනයේ වටිනාකම රුපියල් 25කි.

යෝගට් කර්මාන්තශාලාව විසින් එවිට මෙම ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් මිලදී ගන්නේ රුපියල් 25කටයි. එම රුපියල් 25ට අමතරව 18%ක බද්දක්, එනම් රුපියල් 4 සත 90ක් ද එක් යෝගට් කෝප්පයක් වෙනුවෙන් දැරීමට යෝගට් කර්මාන්තශාලාවට සිදුවේ.

යෝගට් සාදා එම ප්ලාස්ටික් කෝප්පයේ ඇසුරුම් කරන ක්‍රියාවලියේ අගය රුපියල් 50ක් ලෙස උපකල්පනය කළහොත් මෙම නිෂ්පාදනයේ මේ වන විට සම්පූර්ණ වටිනාකම රුපියල් 75කි. එය පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා විට නැවත 18%ක බද්දක් එකතු වේ. ඒ අනුව අවසන් යෝගට් නිෂ්පාදනය ඔබට මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 88 සත 50කටයි.

ඒ අනුව VAT ප්‍රතිශතය සෑම විටම භාණ්ඩයේ අවසන් මිල තීරණය කරයි. ඔබ මිලදී ගන්නා භාණ්ඩවල නිෂ්පාදකයන් VAT ගෙවීමට ලියාපදිංචි වී ඇති අය නම් ඔබට ඉහත පෙන්වා දුන් ආකාරයේ මිල සැකසුම් ආකෘතියකට අනුව භාණ්ඩ මිලට ගැනීමට සිදුවේ.

නමුත් යම් හෙයකින් ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් ස්ථානයක VAT සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකු සිටී නම් භාණ්ඩයේ මිල ඉහත පෙන්වා දුන් ක්‍රමයට වඩා මිල අධික විය හැකිය.

VAT එකතු කරන්නේ කොහොමද?

ඉහත යෝගට් නිෂ්පාදන උදාහරණයේ, නිෂ්පාදන අවධි දෙකේ නිෂ්පාදකයන් දෙදෙනාම (ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයා සහ යෝගට් නිෂ්පාදකයා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT ගෙවීමට ලියාපදිංචි වී ඇති ව්‍යාපාරිකයන් දෙදෙනකු යැයි උපකල්පනය කරමු.

පළමු අවස්ථාවේදී ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයාට ප්ලාස්ටික් අමුද්‍රව්‍ය අලෙවි කරන්නාගෙන් එක් කෝප්පයක අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදුවූයේ රුපියල් 10ක් සහ රුපියල් 1 සත 80ක බදු මුදලකුත් ඇතුළත්ව රුපියල් 11.80කටයි. ඔහුගේ ප්ලාස්ටික් යෝගට් කෝප්පයක වටිනාකම රුපියල් 25කි.

එය නැවත ඔහු යෝගට් කර්මාන්තශාලාවට විකිණීමේදී එක් යෝගට් කෝප්පයක් සඳහා රුපියල් 25කුත්, ඒ සඳහා 18%ක බදු මුදලක් ලෙස රුපියල් 4 සත 50ක් අයකර ගනියි. යෝගට් කර්මාන්තශාලාවෙන් ප්ලාස්ටික් කෝප්පය මිලට ගන්නේ රුපියල් 29 සත 50කටයි.

VAT හි ඇති සුවිශේෂ ලක්ෂණය වන්නේ නිෂ්පාදකයන්ට නිෂ්පාදන ක්‍රියාවලියේදී වියදම් වූ VAT අගය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත ඔවුන් වෙත ගෙවීමයි.

ඉහත උදාහරණයට අනුව ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයා එක් කෝප්පයක අමුද්‍රව්‍ය සඳහා රු. 1.80ක බද්දක් ගෙවා ඇත. ඔහුට එම වියදම් වූ බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත ඔහුට ගෙවයි. එය සිදුවන්නේ මෙසේයි.

ප්ලාස්ටික් නිෂ්පාදකයා කෝප්ප 100කට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉහත මිල ගණන්වලට මිලදී ගත්තේ නම් ඔහු රුපියල් 180ක් බදු සඳහා වියදම් කර තිබේ.

ඔහුගෙන් ප්ලාස්ටික් කෝප්ප මිලදීගත් කර්මාන්තශාලාකරුවා එක් කෝප්පයක් සඳහා නිෂ්පාදනය මිලට ගෙන ඇත්තේ රුපියල් 29.50කට නම් ඔහු එක් කෝප්පයකට රුපියල් 4.50ක් බදු ගෙවා ඇත. කර්මාන්තශාලාකරුවා ප්ලාස්ටික් නිෂ්පාදකයාගෙන් කෝප්ප 100ක් මිලට ගත්තේ නම් ඔහු රුපියල් 2950.00ක් ඒ සඳහා වියදම් කර ඇත. ප්ලාස්ටික් යෝගට් කෝප්පයක වටිනාකම රුපියල් 25ක් ලෙස උපකල්පනය කළ නිසා එම කෝප්ප 100හි සැබෑ වටිනාකම රුපියල් 2500කි. කර්මාන්තශාලාකරුවා රුපියල් 450ක අමතර මුදලක් බදු ලෙස ප්ලාස්ටික් නිෂ්පාදකයාට ගෙවා තිබේ. ප්ලාස්ටික් නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය මිලට ගැනීමට රුපියල් 180ක බදු මුදලක් දැරීමට සිදුවූ නිසා එම රුපියල් 450ක බදු මුදලෙන් ඔහුට මුල් අවස්ථාවේ ගෙවීමට සිදුවූ ආදායම අඩුකර ඉතිරි මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය.

මීළඟ අදියරේදී රුපියල් 75ක් වටිනා අවසන් යෝගට් නිෂ්පාදනය VAT අගය සහිතව පාරිභෝගිකයා වෙත එන මිල වන්නේ රුපියල් 88.50කි. යම් පාරිභෝගිකයකු යෝගට් 100ක් මිලදී ගත්තේ නම් කර්මාන්තශාලාකරුවාට රුපියල් 1350ක අමතර ආදායමක් හිමි වේ. එහිදී ඔහු මුල් අවස්ථාවේදී ඔහුට වියදම් වූ රුපියල් 450ක බදු මුදල එම මුදලෙන් අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු වේ. නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ රජයට හිමිවනු ඇත.

නිෂ්පාදකයන් VAT සඳහා ලියාපදිංචි වී සිටින්නේ නම් VAT අගය නිෂ්පාදකයාට බලපෑමක් වන්නේ ඉතා අඩු වශයෙන්ය. සාමාන්‍යයෙන් මහා පරිමාණ ව්‍යාපාර සියල්ලම පාහේ ඒ සඳහා ලියාපදිංචි වී තිබේ. අවසානයේ දී භාණ්ඩය මිලදී ගත් පාරිභෝගිකයාට එය ඍජුව බලපාන්නේ එය භාණ්ඩයේ අවසාන මිල තීරණය කරන නිසාය.

ඔබ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු නම් හෝ නව ව්‍යවසායකයෙකු නම් ඔබට VAT වලින් ඇති බලපෑම මොකක්ද?

අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයගේ වාර්ෂික පිරිවැටුම (වාර්ෂික ආදායම) රුපියල් මිලියන 1.2ට වඩා බොහෝ විට අඩු වීමට ඉඩ තිබේ. එවිට ඔවුන් අනිවාර්යයෙන්ම VAT සඳහා ලියාපදිංචි විය යුතු නොවේ. බොහෝ එවැනි ව්‍යාපාර කරන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT ගෙවීමට ලියාපදිංචි වී නොමැති නිසා ඔවුන්ට තම නිෂ්පාදන සඳහා දැරීමට සිදුවූ VAT අගය ආපසු ගෙවීමක් සිදු නොවේ.

එනිසා ඔවුන්ට ගෙවීමට සිදුවූ බදු මුදලද දරාගැනීමට සිදුවේ. එය එම නිෂ්පාදකයාගේ වියදමකි. එනිසා අවසන් නිෂ්පාදනයක් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේදී අවසන් මිල තීරණය වන්නේ එම බදු මුදලත් සමගය. එය බොහෝ විට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තරගකාරී මිලක් පවත්වාගෙන යාමට බාධා පමුණුවයි.

මෙම බදු ඉහළ දැමීම ඍජුව පාරිභෝගිකයාට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් ඇති කරන නමුත්, එය රාජ්‍ය බදු ආදායමේ වැදගත් ආදායම් මාර්ගයකි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ… වටිනා කියන දේ විකිණිය යුතුය රටේ I Sri Lanka Latest News

Next Post

මට දැන් වෙන කරන්න දෙයක් නෑ මම උඹෙන් පළිගන්නවා ගන්නවාමයි… මෙහෙම පිරිමියෙක් මොකටද ගැහැනියකගේ ජීවිතයට… කවදාවත්ම එහෙම කෙනෙක් ජීවිතයට ළං කරගන්න හිතන්නවත් එපා I Sri Lanka Latest News

MORE NEWS

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.Sri Lanka Latest...

Read more
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.