• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට දැන් වෙන කරන්න දෙයක් නෑ මම උඹෙන් පළිගන්නවා ගන්නවාමයි… මෙහෙම පිරිමියෙක් මොකටද ගැහැනියකගේ ජීවිතයට… කවදාවත්ම එහෙම කෙනෙක් ජීවිතයට ළං කරගන්න හිතන්නවත් එපා I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මට දැන් වෙන කරන්න දෙයක් නැහැ. මම උඹෙන් පළිගන්නවා ගන්නවාමයි….’ කියලා හිතන පිරිමියෙක් ගැහැනියකට මොකටද? එහෙම කෙනෙක් කවදාවත්ම ජීවිතයට ළං කරගන්න තියා හිතන්නවත් එපා කියලයි මම නම් ඉල්ලන්නේ. එහෙම කෙනෙක් දිහා හැරිලාවත් බලන්නවත් එපා.(Sri Lanka Latest News)

පණ වගේ ආදරය කළ තම පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරන්නට තරම් සාහසික සිතක් පහළ වන්නේ කොහොමද? කවුරු හරි එහෙම දෙයක් කරන්න පෙලඹෙනවා නම්, ඒ ඔහු තුළ කලක පටන් පැවැති මානසික ආතතියක් හේතුවෙන් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මෙවැනි ඝාතන රැල්ලක් මේ වන විට අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා.

තියුණු ආයුධයකින් ඇන හෝමාගම ප්‍රදේශයේ බෝඩිමක සිටි තරුණියක් පසුගිය 07 වැනිදා ඝාතනය කළ බව මාධ්‍ය වාර්තා කළා. එලෙස ඝාතනයට ලක්ව තිබුණු තරුණිය කෘෂි නිලධාරිනියක් වූ අතර, මෙම ඝාතනය සිදුකර තිබුණේ ඇගේ පෙම්වතා බවටයි පොලිසිය සැක කරන්නේ. මීට ටික කලකට ඉහතදී කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ අතහැර දමා ගිය ගමන් බෑගයක් තුළින් තරුණියකගේ මළ සිරුරක් සොයාගැනීම රටේම කතාබහට ලක්වුණා.

එලෙස ඝාතනය කර තිබුණේ දිලිනි යසෝධා ජයසූරිය (30) නමැති තරුණියක්. ඝාතනය සිදුකර තිබුණේ ඇය සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක්. ඝාතනය පිළිබඳ රටේ මහත් ආන්දෝලනයක් ඇතිවීමත් සමග ඝාතකයාද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබුණා.

තවත් තරුණියක් කොළඹ තුරඟ තරග පිටියේදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබුණේ මීට මාස කිහිපයකට උඩදීයි. ඇය චතුරි හංසිකා මල්ලිකාරච්චි නම් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි සිසුවියක් වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ අතර, මුල්ලේරියාව චොංගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි ටී.ජී. ප්‍රදීපා නමැති කාන්තාවක් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා අතුරුදන්ව තිබුණා. පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ කරගත්තේ කඩුවෙල ප්‍රදේශයේ ආපන ශාලාවකට ඇය පැමිණ ඇති බවත්, ඇය සමග කලක පටන් සමීප ඇසුරක් පැවැත්වූ බව කියන පුද්ගලයකු සමග මෝටර් රථයකින් ඇය පිටව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ඇයව ඝාතනය කර සිරුර කැලණි ගඟට දමා තිබියදී සොයාගැනුණේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයාගේ පාපොච්චාරණය මතයි. ප්‍රදීපාගේ අත් පා, හිස කඳෙන් වෙන්කොට තැන් තැන්වල දමා තිබියදී සොයාගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා. ප්‍රදීපාගෙන් ගැලවීමක් නැති තැන මෙම ඝාතනය කළ බවයි අදාළ සැකකරු පොලිසිය හමුවේ පවසා තිබුණේ.

නිමාවක් නැති මෙම ඝාතන රැල්ලට පසුගියදා අලුතෙන්ම එක්වූ සිදුවීම වූයේ හෝමාගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ කෘෂිකර්ම නිලධාරිනියගේ ඝාතනයයි. තමන් පණ සේ ආදරය කළ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් ඇන ඇයව ඝාතනය කර තිබුණා. එලෙස ඝාතනයට ලක්වුණේ අචිනි තුෂාරා විජේතුංග නමැති ගැටහැත්ත අමුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණියක්.

ඇගේ පෙම්වතා මෙම ඝාතනය සිදුකර තිබුණේ ඉතා කුරිරු අන්දමටයි. ඔහු අචිනිගේ දෙනෙත්වලට තියුණු ආයුධයකින් කිහිප වතාවක්ම ඇන තිබුණා. අනතුරුව ඇගේ ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසි විමර්ශනවලදී අනාවරණ වුණේ.

අචිනිට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්වූයේ ඇයිද යන්න තවමත් අබිරහසක්ව පවතී. ඝාතක පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 32 හැවිරිදි ලක්ෂාන් නමැති උපාධිධරයකු බව පැවසෙනවා.

අචිනි කෘෂිකර්ම අමාත්‍යංශයේ සේවයට යන්නේ මීට වසර තුනකට පෙරයි. ලක්ෂාන්ද එම අමාත්‍යාංශයේම සේවය කරමින් සිට ඇති අතර, මීට මාස තුනකට පමණ පෙරදී ඔවුන් දෙදෙනා ප්‍රේම සම්න්ධයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි බවත්, පසුව අචිනි ඊට අකැමැත්ත පළකර ඇති බවත් පැවැසෙනවා.

අචිනිගේ පෙම්වතා වූ ලක්ෂාන් නවාතැන් ගෙන සිට ඇත්තේ හෝමාගම උසාවිය පාරේ පිහිටි බෝඩිමකය. ඔහු මෙම බෝඩිමට පැමිණ තිබුණේ මිට මාස එකහමාරකට පෙරය. අචිනි පදිංචිව සිට ඇත්තේ ගැටහැත්ත ප්‍රදේශයේ සිය සොහොයුරිය සමගය. මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවූ දින අචිනි නිවෙසට නොපැමිණි නිසා ඇගේ සොහොයුරිය අචිනිට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර, ඇගේ දුරකතනය ඒ වන විටත් ක්‍රියා විරහිතව තිබී ඇති බවයි පැවැසෙන්නේ. අනතුරුව අචිනිගේ සොහොයුරිය අචිනිගේ පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා. ‘අචිනි බස් එකට නගින්න පොච්ඩක් පරක්කු වුණා. මම එයාව කැබ් එකක නග්ගලා එව්වා…’ යනුවෙන් එහිදී ඔහු පවසා තිබෙනවා.

මේ අතර අචිනිගේ පෙම්වතා උදරාබාධයක් යැයි පවසමින් රෝහල්ගතව තිබුණා. වෛද්‍යවරුන් ඔහුගේ රෝගී තත්ත්වය විමසන විට අනාවරණ කරගෙන තිබුණේ ඔහු දිවි නසාගැනීම සඳහා වේදනා නාශක ඖෂධ පානය කර ඇති බවයි.

ඔහු කිහිප වතාවක්ම අචිනිගේ නම මුමුණා තිබුණා. ඔහු ඇඳ සිටි ඇඳුමේ ලේ පැල්ලම් කිහිපයක් තිබීමත්, කිරීමේදී කලිසම් සාක්කුවේ ලේ තැවරුණු ලේන්සුවක් දැකගැනීමට ලැබීමත් සමග රෝහල් පොලිසියට ඔහු ගැන යම් සැකයක් මතුව තිබෙනවා. ඒ අනුව අචිනිගේ සහෝදරියට දුරකතන ඇමතුමක් දී ඇති රෝහල් පොලිසිය, ලක්ෂාන් දිවි නසාගැනීමට තැත්කර ඇති බවත් ඇයට පවසා තිබෙනවා.

අචිනිගේ සහෝදරියට ලක්ෂාන්ද පසුදා දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර, ඔහු ඇයට පවසා ඇත්තේ, ‘මම නංගිගේ බෙල්ල කැපුවා. ඉක්මනට ගියොත් බේරගන්න පුළුවන් වෙයි’ යනුවෙනි. ඒ සමගම අචිනිගේ සහෝදරිය සහ ඥාතීන් පිරිසක් ලක්ෂාන්ගේ බෝඩිමට ගොස් ඇති අතර, එහිදී ඇයව ඝාතනය කර ඇති බව දැක තිබෙනවා.

අචිනිට සිදුවූ මෙම සාහසික අපරාධය පිළිබඳ ඇගේ සහෝදරිය පොලිසිය හමුවේ පවසා සිටියේ මෙවැන්නකි.

‘නංගි යාළුවෙලා හිටිය මල්ලි කෝල් එකක් දීලා කිව්වා නංගිගේ බෙල්ල කැපුවා, ගියොත් බේරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉක්මනට මල්ලිගේ බෝඩිමට ගියා. එතකොට තමයි දැනගත්තේ නංගිගේ බෙල්ල කපලා මරලා දාලා කියලා. මම අම්මටයි තාත්තාටයි මොනවාද කියන්නේ…?’

ඒ අනුව හෝමාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ලක්ෂාන්ගේ බෝඩිමට ගොස් විමර්ශන ආරම්භ කර ඇත. ඔවුන්ට දැකගන්න ලැබුණේ අචිනිගේ සිරුර ආසන්නයේ වැටී ඇති තියුණු ආයුධයකි.

ඝාතකයා නවාතැන් ගෙන සිටි බෝඩිමේ හිමිකාරිය පොලිස් නිලධාරීන් හමුවේ සාක්ෂි ලබාදී තිබුණේ මෙලෙසයි.

‘ඔය ළමයා අම්මා එක්ක ඉන්නවා කියලා මේ බෝඩිමට ආවේ. අම්මා හිටියේ ටික දවසයි. මේ ළමයා වැඩිය කතාබහ කරන කෙනෙක් නෙවෙයි. මේ ගෑනු ළමයා එදාමයි මම දැක්කේ බෝඩිමට එනවා. හවස මේ පිරිමි ළමයාත් එළියට ගියා. නමුත් මේ ගෑනු ළමයා එනවා විතරයි දැක්කේ. ආපසු යනවා දැක්කේ නැහැ. කාමරේ ඇඳන් අදින සද්දයකුත් ඇහුණා…’

විමර්ශනවලින් අනතුරුව අචිනිගේ දේහය හෝමාගම රෝහල වෙත රැගෙන ගියා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ තියුණු ආයුධයකින් කිහිප වතාවක් ඇගේ දෑස්වලට ඇනීමෙන් පසු ගෙල කපා ඇය මරාදමා ඇති බවයි. තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මරණයට පත්ව ඇති බවත් එහිදී හෙළිව තිබුණා.

ඇය දූෂණයට ලක්ව නොමැති බව හෝමාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ධම්මි ලුවිස් හේවා මහත්මිය නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ හෝමාගම පොලිසියේ පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

අචිනිගේ ඝාතකයා දැන් අත්අඩංගුවට ගෙන අවසන්. ඔහු වසර කිහිපයක් සිරබත් කා යළිත් කවදා හෝ නිදහස් වී පැමිණෙනු ඇත. නමුත් වටිනා තරුණ ජීවිතයක් රටට අහිමිවීමේ වගකීම දරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි.

මේ සියලු ඝාතනවලට හේතුව ආදරය වෛරයක් බවට පත්වීමයි. පෙම්වතිය හෝ පෙම්වතා තමාට නොගැළපේ නම් කරුණු පැහැදිලි කර ඔහුගෙන් හෝ ඇයගෙන් වෙන්වී යන්න අවසර දෙන්න. ඒක තමයි සැබෑ ආදරය. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ලෝකේට බිහිකරලා උස් මහත් කරලා මේ තැනට ගේන්න කොයි තරම් නම් දුකක් විඳිනවාද? එහෙම දරුවෙක්ව අතපය කපලා, හිතූ හිතූ විදියට මරලා දාන්න කාටද අයිතියක් තියෙන්නේ? හැම විටම අනෙකාගේ ජීවිතයට වටිනාකමක් දෙනවා නම්, තමාට ජීවත් වෙන්න තියෙන අයිතිය හා සමානම අයිතියක් අනෙකාටත් ඇති බව හිතනවා නම් කවදාවත් මෙවැනි අපරාධ සිදුවන්නේ නැහැ.

ඒ කොහොම වුණත් ලක්ෂාන් තුළ කාලයක් තිස්සේ පැවැති මානසික ආතතියක් අචිනි කුරිරු ලෙස ඝාතනය කිරීම හරහා ඔහු පිටකළා වන්නට පුළුවන්. ඒ නිසා ඔබ දන්නා කවරකු හෝ මානසික ආතතියෙන්, මානසික ප්‍රශ්නයකින් පීඩා විඳනවා නම්, වහාම ඔහු මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට පියවර ගන්න. ඔබට ඔහු වෙනුවෙන් කළ හැකි එකම උපකාරය එයම බව සිතන්න. එසේ නොකළහොත් ඔහුගේ ජීවිතය වගේම තවත් බොහෝ දෙනකුගේ ජීවිතවලට නැවත නිවැරැදි කළ නොහැකි හානියක් ඔහු අතින් සිදුවීමට ඉඩ ඇත.

මෙවැනි මානසික තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදෙන, උපදේශන සිදුකරන ආයතන ඕනෑ තරම් අප රටේ තිබෙනවා. සුමිත්‍රයෝ ආයතනය මගින්ද එවැනි අයගේ ජීවිතවලට නොමිලේ සහනය ලබාගත හැකියි. 011 2696666, 011 2692909, 011 2683555 යන දුරකතන අංක මගින් සහ 1926 කෙටි දුරකතන අංකය ඇමතීමෙන්ද එවැනි අයට උපදෙස් ලබාගත හැකිය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

VAT එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම ගැන ඔබ දැනගත යුතුම කරුණු 5ක් I Sri Lanka Latest News

Next Post

රනිල් මාලදිවයින් ජනාධිපතිවරයා දිව්රුම් දෙන උත්සවයේ! I Sri Lanka Latest News‍

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.