• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකින දකින හැමෝම තුෂ්ණිම්භූත වෙන පන්සලේ විලෙන් මතුවූ යෝධයා I Sri Lanka Latest News

November 16, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් පොකුණක වැවෙන්නේ ඕලු, නෙලුම්, මානෙල් වගේ මල් වර්ග. නමුත් අපි අද ඔබට පෙන්නන්න හදන්නේ මිනිහෙකුට වුණත් නැගලා ඉන්න පුළුවන් පත්‍ර සහිත පොකුණක වැවෙන ශාකයක් ගැන. මොකක්ද මේ ශාකය? අන්තර්ජාලයෙන් මේවා දැකලා තිබුණාට කවුරුවත් මේවා ලංකාවේ දැකලා නෑ. ඒ ගැන කියන්න අපි ඇවිත් ඉන්නේ කටුගස්තොට කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරස්ථානයට. විහාරාධිපති පූජ්‍ය නුගවෙල සුමනදේව ස්වාමින්වහන්සේත් අපි සමග ඉන්නවා.(Sri Lanka Latest News)

අවසරයි අපේ හාමුදුරුවනේ, මොකක්ද මේ අරුමපුදුම ශාකය. අපට ඒ ගැන විස්තර ටිකක් කියන්න?

මේක මානෙල් වර්ගයේ ශාකයක්. වෙනිසියුලාව, බොලීවියාව, ගයනාව, බ්‍රසීලය වගේ රටවල් අතරින් ගලාගෙන යන ඇමසන් ගඟේ නොගැඹුරු ප්‍රදේශවල තමයි ශාකය වැඩි වශයෙන් දැකගන්න ලැබෙන්නේ. Victoria Water Lily ලෙස තමයි මෙය හඳුන්වන්නේ. මේකෙ පත්‍ර මීටර් තුනහමාරක් විතර පළලට වැඩෙනවා. ලංකාවේ වැව්වල මේ ශාකය දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.

මේ ශාකය ඔබවහන්සේගේ විහාරස්ථානයට ලැබෙන්නේ කොහොමද?

මම ඔය සම්බන්ධ වීඩියෝ එකක් දැක්කා අන්තර්ජාලයේ. මට හිතුණා මේ ශාකය ලංකාවේ කොහෙ හරි තියෙනවද කියලා හොයලා බලන්න. ඒ වගේම මම මේ ගැන අධ්‍යයනයක් කළා. ඒ අනුව සිංප්පූරුවේ මේ මල් විකුණන තැනකින් මට ඒක ගෙන්වා ගන්න පුළුවන් වුණා.

මේ ශාකයේ විශේෂත්වය මොකක්ද?

මේ පත්‍රයකට කිලෝග්‍රෑම් 35ක් 40ක් බර දරන්න පුළුවන්. හොඳින් වැඩිච්ච පත්‍රයකට කිලෝග්‍රෑම් 60ක වගේ බරක් දරන්න පුළුවන් කියලා මේ ගැන පර්යේෂණ කරපු උද්භිද විද්‍යාඥයෝ සඳහන් කරලා තියෙනවා.

අපේ රටේ තියෙන ඕලු, නෙලුම් ශාකවල පත්‍ර පැතලී. නමුත් මේ ශාකයේ පත්‍ර බේසමක හැඩයක් නේද තියෙන්නේ?

ඔව්. මේ පත්‍ර සෙන්ටිමීටර් 30ක් විතර උඩට බේසමක හැඩයට නෙරාගෙන එනවා. කෙනෙක් හිතන්න පුළුවන් මේක ඇතුළේ වතුර පිරිලා, මදුරුවො බෝවෙන්න පුළුවන් නේද කියලා. නමුත් මේකෙ එහෙම වෙන්නෙ නෑ. මේ ශාකය සොබාදහමේ විශිෂ්ට නිර්මාණයක්. පත්‍රය වටේට බේසමක හැඩයට උඩට නෙරා ඇවිත් තිබුණට, සෑම පත්‍රයකම එක තැනකින් පුංචි විවරයක් තියෙනවා. ඒ නිසා ඒ තුළ වතුර එකතුවෙන්නෙ නෑ.

වැටෙන වතුර නැවත පොකුණටම එකතු වෙනවා. ඉස්සිලා තියෙන සෙන්ටිමීටර් 30ක වගේ කොටස ළා රතුපැහැයෙන් යුක්තයි. යට කටු සහිතයි. ඒ නිසා මත්ස්‍යයන්ට ඒවා ආහාරයට ගන්න බෑ. නමුත් පත්‍රය කුඩා කාලෙදී ඒක ආහාරයට ගන්න මත්ස්‍යයෝ හරි කැමැතියි. ඒ නිසා මාළුන්ගෙන් බේරගන්න ටිකක් අපහසුයි. අනෙක් විශේෂත්වය තමයි මේ පත්‍රය යට ඇල්ගී වැවෙන්නෙ නෑ. ඒ නිසා ඒ යට මත්ස්‍යයෝ රැඳෙන්නෙ නැහැ.

මම ගහකොළ හිටවන්න හරි කැමැතියි. විහාරස්ථානයේ අපට තියෙන ඉඩකඩ අනුව මම බොහොම දුර්ලභ ශාක හිටවන්න උත්සාහ කළා. ඒකෙ එක පියවරක් තමයි Victoria Water Lily ශාකය අපේ පොකුණේ සිටෙව්වේ.

ශාකයේ පත්‍ර වගේම මලත් විශාලයිද?

මලක් සෙන්ටිමීටර් 30ක් වගේ දිගින් යුක්තව හැදෙනවා. මලේ තියෙන විශේෂත්වය තමයි මලක් තියෙන්නේ එක දවසයි. පිපෙන්නේ රාත්‍රී කාලයේදී. මේ මානෙල් මල් වර්ග තුනක් තියෙනවා ඇමසෝනිකා, ඔලිවියානා, කුසියානා කියලා. මේ වර්ග තුනේම මල් පිපෙන්නේ සුදු පාටට. හැබැයි ඉර අවරට යනවත් එක්කම මල රෝස පැහැයට හැරෙනවා. ඊට පස්සේ තද දම්පාටට හැරිලා රාත්‍රී කාලයේදී පරවෙලා යනවා. මේ මල පරාගණය වෙන්නේ කුරුමිණියන්ගෙන්. ඕලු, මානෙල් ශාක පත්‍රවලින් සහ අලෙන් බෝවෙනවා. නමුත් මේ ශාකය එහෙම බෝවෙන්නේ නෑ. ඒකයි මේක දුර්ලභ.

මේක පරාගණය වෙන්න අඩුම තරමෙන් ගස් දෙකක්වත් තියෙන්න ඕනෙ. මේ මානෙල් මල පිපුණාම රාත්‍රී කාලයට ඒකෙන් අන්නාසි ගෙඩියක් කපද්දී එන සුවඳට සමාන සුවඳක් වහනය වෙනවා. ඒ සුවඳට කුරුමිණියෝ එනවා. කුරුමිණියා ආපු ගමන් මල ඇකිළෙනවා. උදේට නැවත සම්පූර්ණයෙන්ම මල පිපෙනවා. මල පිපුනට පස්සේ කුරුමිණියෝ ඉගිලිලා යනවා. එහෙම ගිහින් තවත් මලක වැහුවාම තමයි මල පරාගණය වෙන්නේ. ඒ වගේම හොඳින් පිපුණු මලක ඇට තියෙනවා. ඒ ඇට අරගෙන තවත් තැනක මේවා පැළකර ගන්නත් පුළුවන්.

මේ ශාකයේ ඉතිහාසය ගැනත් ඔබවහන්සේ සොයා බැලීමක් කළාද?

ඇත්තටම මේක 1801 වර්ෂයේදී තමයි මුල් වරට සොයාගෙන තියෙන්නේ. Victoria Water Lily කියලා මේකට නම තියලා තියෙන්නේ එංගලන්තයේ හිටපු උද්භිද විද්‍යාඥයෙක් වුණු ජෝර්ජ් ලිලී. මහ රැජිනට දක්වන උපහාරයක් විදියට තමයි ඔහු මේකට Victoria Water Lily කියන නම තියන්නේ.

මේ ලිපිය කියවන අයටත් මේ ශාකය ලබාගන්න කැමැත්තක් ඇතිවෙන්න පුළුවන්. ඒ අය කොහොමද මේ ශාකයක් ලබාගන්නේ?

මගේ ළඟත් මේ ශාකයේ පැළ කිහිපයක් මේ වෙද්දී තියෙනවා. ඒ වෙනුවෙන් ගන්න කෙනා ලොකු මිලක් දරන්න සිදුවෙනවා. එහෙම නැත්නම් මම මේ ශාකය ගෙන්වාගත්ත කුරුණෑගල සරසි ආයතනයට කතා කරලා ඒ හරහාත් මිලදී ගන්න පුළුවන්.

විහාරස්ථානයට ඇවිත් මේ අරුමපුදුම ශාකය නරඹන්න ආසාවෙන් ඉන්න අයට, මෙහි එන ගමන් මාර්ගය කියන්න හාමුදුරුවනේ?

කටුගස්තොට නගරයේ ඉඳන් විහාරස්ථානයට කිලෝමීටරයක දුරක් තියෙනවා. දේවමිත්ත විහාරය කියලා කිව්වාම ඕනෙම කෙනෙක් මේ තැනට එන පාර පෙන්වයි.

Nilame යූටියුබ් නාලිකාවෙනි.

SendShareShare
Previous Post

බැඳුම්කර වංචාව ගැන ආයෙ අහන්න එපා කියලා නිලධාරීන් අපිට ලියුම් එවනවා! පාර්ලිමේන්තුවේත් දූෂිත නිලධාරීන් ඉන්නවා! සමහර තනතුරුවල ඉන්නේ තෝරාගැනීම් ලයිස්තුවේ පහළම ඉන්න අය! ‌නිලධාරීන්ට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් කතානායකට ලිපියක්! දූෂිත නිලධාරීන්ට එරෙහිව චමින්ද අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අගමැති දිනේෂ් ජනාධිපති රනිල්ට එදා බැංකු හොරා.. බැංකු හොරා… බැංකු හොරා… කියලා කිව්වා! දැන් අංශක 360ක් කැරකිලා ජනාධිපතිතුමාගේ සෙරෙප්පු ලෙවකනවා! මම මෙහෙම කියද්දි එතුමා පැනලා ගියා! මිනිහා බයයි! දිනේෂ් එදා රනිල්ට බැනපු බැනිලි සජිත් මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.