ඉතාලියේ සහ ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය දෙස බලන විට ලංකාවේ ව්‍යාප්තිය විශාල ලෙස පාලනය වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
පළමු සති දෙක වනවිට ඉතාලියේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවා සිටි අතර ලංකාවේ දින 12ට තවම වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 86ක් පමණි.
දැනට ඇදිරි නීතිය පනවා ජනතාව එක්රැස් වීම අවම කිරීම හේතුවෙන් රෝගය පාලනය වීමේ තත්ත්වයක් දැකගන්නට තිබේ.











