මාධ්‍යවේදියා – ලෝකයේ මෙතෙක් සිටි බලගතුම රැජින ලෙස සැලකෙන එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිනගේ පුද්ගලික ජීවිතයේ සුවිශේෂ තොරතුරු රැසක් ඔබගේ අලුත් පර්යේෂණාත්මක ග්‍රන්ථය මගින් හෙළිකර තියෙනවා. මේ කාර්යයට පිවිසුණේ කොහොමද?(Sri Lanka Latest News)
ජූලියා බෙයිඩ් (Julia Baird) ලේඛිකාව
2014 වසරේ තමයි මම මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේ. මෙම කාර්යය සඳහා මම වසර 06ක පමණ දීර්ඝ පර්යේෂණයක් සිදුකළා. වික්ටෝරියා මහ රැජිනගේ පුද්ගලික ජීවිතයට අදාළ වන එක්තරා විශේෂ කාරණයක් ආශ්‍රිත කරගෙන තමයි මේ ග්‍රන්ථය ලියැවෙන්නේ. ඒ කරුණ දැනට දශක ගණනාවක් පුරා සමාජය තුළ යම් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. ඒ තමයි වික්ටෝරියා රැජිනට තමන්ගේ ස්වාමියා වන ඇල්බර්ට් කුමරු මියගියායින් පසුව වෙනත් අසම්මත ප්‍රේමයක් තිබුණාද කියන පැනය. රැජින තම ස්වාමියා වන ඇල්බර්ට් කුමරු වෙත බොහෝ නිර්ව්‍යාජ ආදරයක් තිබී තිබෙනවා. එහෙත් කුමරු අවරුදු 49ක් වැනි අඩු වයසකදී මියයෑම නිසා රැජින බොහෝ කම්පාවට පත්වෙනවා.
මාධ්‍යවේදියා – පසුගිය කාලය පුරාම ලොව ප්‍රචලිත වූ කතාවක් තමයි වික්ටෝරියා රැජිනට තම ස්වාමියාගේ අභාවයෙන් පසුව ඇගේ තරුණ සේවකයකු සමග ආදර සම්බන්ධයක් තිබුණා යැයි කියන මතය. ඔබ මෙම වගතුග තවත් සත්‍ය වගතුගක් ලෙස උද්දීපනය කරන්නේ කෙසේද?
ජූලියා බෙයිඩ් (Julia Baird) ලේඛිකාව
වික්ටෝරියා රැජින ආශ්‍රිත කරගත් මෙම පුරාවෘත්තය අසත්‍ය එකක් නොවන බවයි අපට පිළිගත හැක්කේ. ඇය තම ස්වාමියාගේ අභාවයෙන් පසුව ඇය වාසය කළ බැල්මොරාල් මාලිගයේ (Balmoral Castle) තමන් යටතේ සේවය කළ තරුණ සේවකයකු වන ජෝන් බ්‍රවුන් (John Brown) කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. එවිට වික්ටෝරියා රැජින මැදි වයස පසුකරමින් සිටි කාන්තාවක්.
ජෝන් බ්‍රවුන් නමැති සේවකයා වයස අවුරුදු 30 ආසන්නයේ සිටි බවයි ප්‍රකාශ වෙන්නේ. මොහු රැජින සමග ඍජුව ආවතේව කටයුතුවලට සම්බන්ධ වී තිබෙනවා. මෙම සමීප වටපිටාවේදී රැජින තමයි මුලින්ම තම තරුණ සේවකයා ගැන යම් පැහැදීමක් ඇති කරගෙන තිබෙන්නේ. ඉන් පසු ජෝන් බ්‍රවුන්ද මේ බව වටහාගෙන රැජිනට බොහෝ සමීපවී තිබෙනවා. ආදර කතාව ගොඩනැගෙන්නේ එතැනදීයි.
මාධ්‍යවේදියා – මෙයට පෙරත් මෙම ආදර කතාව ගැන පොත්පත් ලියැවී තිබෙනවා. එසේම චිත්‍රපට නිර්මාණ පවා බිහිවී තිබෙනවා. මෙම අසම්මත ආදරය විරාගික වශයෙන් තිබුණු සම්බන්ධයක්ද, එසේත් නැතිනම් රාගික හෝ ලිංගික වශයෙන් තිබුණු සම්බන්ධයක්ද කියා ඔබගේ මතය තුළින් ප්‍රකාශ කරන්නේ කෙසේද? ඔබගේ නව ග්‍රන්ථයේ ඉදිරිපත් කිරීම් සමහර ඉතිහාසඥයන් පවා විමතියට පත්කර තිබෙනවා. මේ පටපිටාව කුමක්ද?
ජූලියා බෙයිඩ් (Julia Baird) ලේඛිකාව
මම මේ ග්‍රන්ථය ලිව්වේ නිකම්ම අසන්නට ලැබෙන තොරතුරු ඇසුරෙන් නෙවෙයි. මා විසින්ම වසර 06ක් පුරා සිදුකළ ගවේෂණයකින් සොයාගත් කරුණු පදනම් කරගනිමිනුයි එය ලිව්වේ. මම මෙහිදී ඉපරැණි රහසිගත ලේඛන කිහිපයක් සොයාගෙන තොරතුරු එක්රැස් කළා. ඒ කියන්නේ වික්ටෝරියා රැජින වාසය කළ බැල්මොරාල් මාලිගාවේ තිබුණු යම් ලේඛන තොරතුරු මා සොයා ගත්තා.
මෙම ආදර සම්බන්ධය ගැන බොහෝ උනන්දුවක් දක්වපු කෙනෙක් තමයි රැජිනගේ බාල දියණිය වන බියටි්‍රස්. ඇයට බොහෝ පසු කාලයකදී එම ආදර සම්බන්ධය ගැන වික්ටෝරියා රැජින විසින්ම ලියන ලද දිනපොත් සටහන් කිහිපයක් හමුවී තිබෙනවා. මෙම ලේඛන බියටි්‍රස් දියණිය විසින් කාලයක් පුරා ඉතා සුරක්ෂිතව තබාගෙන තිබෙනවා. එහෙත් ඇගේ අභාවයෙන් පසුව ඇතැම් බි්‍රතාන්‍ය රාජකීයයන් විසින් මෙම ලේඛනවලින් කිහිපයක් විනාශ කරලා දාලා. එසේ වුණත් මෙම කතාවට සම්බන්ධ සමහර ලේඛන අදටත් බි්‍රතාන්‍ය කෞතුකාගාර සහ ලේඛනාගාරවල තිබෙනවා. මම මෙවැනි දුර්ලභ ලේඛන සහ තවත් සාධක රැසක් ගවේෂණයට ලක්කරමින් මගේ ග්‍රන්ථය ලිව්වා.
මාධ්‍යවේදියා – ඔබ එසේ නම් එවැනි ආදර කතාවක් තිබුණු බවට සාධක ඇතිව ඔප්පු කර පෙන්වනවා. ඒත් මේ කතාව තුළින් වික්ටෝරියා රැජින සහ ජෝන් බ්‍රවුන් සේවකයා අතර ලිංගික සම්බන්ධයක් තිබුණා දැයි ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්ද?
ජූලියා බෙයිඩ් (Julia Baird) ලේඛිකාව
ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. මේකට එක එල්ලේම පිළිතුරු දෙන්න බැහැ. වික්ටෝරියා රැජින විසින්ම ලියා තැබූ සටහන්වල එවැන්නක් ප්‍රකාශ වී නැහැ. එහෙත් ඇය තම සේවකයා වෙත දැක්වූ ඇල්ම බොහෝ තීව්‍ර ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එසේම සේවකයා තමන්ට බොහෝ භක්තිවන්තව අවුරුදු ගණනාවක්ම සේවය කළ බව ප්‍රකාශ කරනවා. ඒ නිසාම රැජින විසින් මෙම සේවකයාට තෙවතාවක්ම උසස්වීම් ලබාදුන් බවත් ප්‍රකාශ වී තිබෙනවා. ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරුණා යන්න රැජිනගේ දිනපොත් සටහන්වල කොතැනකවත් නැහැ.
එහෙත් මොවුන් දෙදෙනාගේ ඉතා සමීපතාව හේතුවෙන් ලිංගිකත්වය බැහැර කරන්නත් බැහැ. වරක් වික්ටෝරියා රැජිනගේ පෞද්ගලික වෛද්‍යවරයා එකල ප්‍රකාශයක් සිදුකර තිබුණා, රැජින සහ ජෝන් බ්‍රවුන් අතර සමීප ශාරීරක දසුන් තමන් දැක ඇති බවට. කෙසේ හෝ පසු කාලයේ රජ පවුලේ සාමාජිකයන් විසින් මෙම සබඳතාවට අදාළ සාක්ෂි රැසක් විනාශ කර දමා තිබෙනවා. ඒ සඳහා රැජිනගේ දිනපොත් සටහන්, ජෝන් බ්‍රවුන්ගේ දිනපොත් සටහන්, පුද්ගලික වෛද්‍යවරයාගේ දින සටහන්, දියණිය බියටි්‍රස්ගේ දිනපොත් සටහන් මෙම ලේඛනවලට අයත් වෙනවා. එහෙත් දැනටත් යම් සාක්ෂි ඇතුළත් ලේඛන රාජ්‍ය ආරක්ෂාව යටතේ සුරැකිව තිබෙනවා. මම මගේ ග්‍රන්ථය සඳහා මේ සාධක විමර්ශනයට ගත්තා.
මාධ්‍යවේදියා – දශක ගණනක් පුරා ලෝකයේ රටවලින් හතරෙන් එකක පමණ බලය තිබුණේ වික්ටෝරියා රැජින යටතේයි. මෙවැනි බලගතු කාන්තාවක් තම තරුණ සේවකයකු සමග ආදර සම්බන්ධයක් ඇතිකර ගනීද?
ජූලියා බෙයිඩ් (Julia Baird) ලේඛිකාව
ඒක තර්කයක් නෙවෙයි. ආදරයට මොන තරාතිරමක්වත් අවශ්‍ය නැහැ. වික්ටෝරියා රැජින එම යුගයේදී ලෝකයේ සිටි බලගතුම කාන්තාව ලෙස සලකන්නට පුළුවන්. ලෝකයේ රටවල් ගණනාවක් ඇගේ පූර්ණ පාලනය යටතේ තිබුණේ. මේවා යටත්විජිතයන් වුණත් ඇය එම රටවල් ඉතා දියුණු තත්ත්වයට ගෙන ඒමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළා. එම යටත්විජිත තුළින් අදටත් එය හොඳින්ම දැකිය හැකියි.
මුළුමහත් ලොවක්ම හොඳින් හඳුනන මහා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජින ගැන කියැවෙන මෙම කතාන්දරය කුමක්ද? පසුගිය කාලයේ මෙම වික්ටෝරියා රැජින ගැන ලියැවුණු එක්තරා ආන්දෝලනාත්මක ග්‍රන්ථයක් ගැන මාධ්‍යවේදියකු විසින් එම ලේඛිකාව සමග සිදුකරන සංවාදයක කොටසක් ඔබට එසේ ලියා තැබුවෙමි. ජූලියා බෙයිඩ් (Julia Baird) නමැති මෙම ලේඛිකාව ඔස්ටේ්‍රලියානු ජාතිකයකු වන අතර, ඇය ලෝකයේ ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන ABC මාධ්‍ය සංවිධානය (Australian Broadcasting Corporation) සඳහා සේවය කරන්නීය.
ඇය ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර, පසු කාලයේදී ගරු ආචාර්ය උපාධියකින්ද පිදුම් ලබා ඇත. ගවේෂණශීලී මාධ්‍යවේදියකු වන ඇය පසුගිය කාලයේ වික්ටෝරියා රැජිනගේ ජීවිත කතාව ගැන ලියූ ග්‍රන්ථය ලොව පුරා මහත් සේ ප්‍රචලිත විය. මහා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජින අප ශ්‍රී ලංකාවටද බොහෝ සෙයින් වැදගත් වන්නේ ඇය දශක ගණනාවක් පුරා ආදි ලංකාවේද රාජ්‍ය පාලනය සිදුකළ රැජිනක් වීම හේතුවෙනි. ලංකාවේ බි්‍රතාන්‍ය යටත්විජිත පාලනය පැවැතියේ 1796 සිට 1948 දක්වා වන අතර, එකල එංගලන්තයේ සිටි රජවරුන් කිහිපදෙනකු යටතේ යටත්විජිත පාලනය සිදුවිය.
වික්ටෝරියා මහ රැජින යටතේ මෙරට පාලනය සිදුවූයේ 1837 සිට 1901 දක්වාය. මෙය වසර 64ක් පුරා ගතවුණු අතිශය දීර්ඝ කාලයකි. එහෙයින් වික්ටෝරියා මහ රැජින යනු මෙරට ජනතාවට අතිශය සුවිශේෂ චරිතයක් වෙයි. එකල බි්‍රතාන්‍ය යටත්විජිත පාලනය යටතේදී ආදි ලංකාවේ බොහෝ වටිනා සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක්ම සිදුකෙරුණේ මෙම වික්ටෝරියා මහ රැජින සමයේදීය. 1819 උපන් ඇය වයස අවුරුදු 82ක ආයු කාලයක් සිට 1901දී මියගියාය. මියයන තෙක්ම ඇය රැජින ලෙස පාලනය ගෙන ගියාය.
එසේ නම් ඔබ වික්ටෝරියා මහ රැජින යනු කවුරුන්දැයි හොඳින්ම හඳුනනවා ඇත. එවැනි වටපිටාවකදී අද අප නැවත මෙම සුවිශේෂ කාන්තාව ගැන කතාබහ කරන්නේ කුමක්ද? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට පෙරදී වික්ටෝරියා මහ රැජින ගැන මෙරටින් අසන්නට ලැබුණු අලුත්ම වගතුගකි. එය නම් මෙරට තුළ දැනට දශක ගණනාවක් පුරා ස්ථාපිත කර ඇති වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාවක වගතුගකි.
වික්ටෝරියා රැජින අභිෂේක ලබා වසර 60ක් ගතවීම සැමරීම සඳහා එකල ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ නිල නිවාසය ලෙස සැලකෙන හා වත්මන් ජනාධිපති මන්දිරය ලෙස සැලකෙන ගොඩනැගිල්ල තුළ මෙම ප්‍රතිමාව ස්ථාපිත කරන ලදී. ඒ අනුව එය එම ස්ථානයෙහි ස්ථාපිත කර ඇත්තේ 1897 වසරේදීය. මෙම ගොඩනැගිල්ල ජනාධිපති මන්දිරය බවට පත්ව ඇත්තේ 1972 වසරේදීය. වසර 75ක් පුරා මෙම ප්‍රතිමාව බොහෝ විරාජමානව එකම ස්ථානයේ තිබී ඇත. එහෙත් මෙම නිර්මාණයට කණකොකා හඬන්නට වී ඇත්තේ 2006 වසරේ සිටය. එනම් එකල රාජපක්ෂ ආණ්ඩු පාලන සමයේදී තීරණය කෙරුණේ මෙම ප්‍රතිමාව තිබෙන තැනින් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටය. එයට හේතුව වශයෙන් එවිට ප්‍රකාශ වූයේ ආන්දෝලනාත්මක පුවතකි.
එනම් මෙම ප්‍රතිමාව එකල ජනාධිපතිවරයකුට යම් අපල ගෙනදීමට ඉඩ ඇති බැවින්, එය ජනාධිපති මන්දිරයේ තිබිය යුතු නැතැයි යනුවෙන් කරුණු ප්‍රකාශ විය. ජනාධිපතිවරයකුට මේ මගින් අසුබ පල ගෙන දෙන්නේ යැයි යම් ජ්‍යොතිෂකරුවන් ප්‍රකාශ කර තිබුණේ යැයි යන මතය අනුව 2006 වසරේදී එම ප්‍රතිමාව එතැනින් ඉවත් කර කොළඹ වික්ටෝරියා උද්‍යානය (වත්මන් විහාරමහාදේවි උද්‍යානය) සහ කෞතුකාගාරය අසල ඇති ස්ථානයකට රැගෙන ගොස් ඇත. එම ස්ථානයේ මෙම ප්‍රතිමාව වසර 17ක් පුරා තිබී ඇත.
මෙවැනි ස්ථානයකට එම ප්‍රතිමාව රැගෙන ගිය හෙයින් එය ජනතාවට එතරම් දර්ශනය නොවන තත්ත්වයකට පත්විය. දැන් එසේ නම් මෙම ඓතිහාසික ප්‍රතිමාවට සිදුව ඇති අලුත්ම තත්ත්වය කුමක්ද? එනම් පසුගියදා අලුත්ම පුවතක් මගින් ප්‍රකාශ වූයේ මෙම වික්ටෝරියා මහ රැජින ප්‍රතිමාව දැනට ඇති ස්ථානයෙන්ද ඉවත් කර මහනුවර, තෙල්දෙණිය නගරයේ පිහිටා ඇති වික්ටෝරියා වේල්ල අසල ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි යන්නය. මෙම වික්ටෝරියා වේල්ල එකල ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී එනම් 1978 වසරේදී ඉදිකිරීම අරඹා, 1985 වසරේදී විවෘත කරන ලදී.
මෙය ගොඩනගන ලද්දේ බි්‍රතාන්‍ය කොන්ත්‍රාත්කරුවන් විසිනි. වික්ටෝරියා මහ රැජිනගේ ප්‍රතිමාව මේ වන විට වික්ටෝරියා වේල්ල අසල කුමන ප්‍රදේශයක් තුළ ස්ථාපිත කළේ දැයි නිල පුවත් කිසිවක් වාර්තා වී නැත. මේ ආකාරයක ක්‍රියාවලියක් විටින් විට සිදුවන්නේ මෙරට රාජ්‍ය පාලකයන්ට මෙම ප්‍රතිමාව නිසා අශුභ ඵල ගෙන දෙන්නේ යැයි කියැවෙන ගුප්ත මතිමතාන්තර හේතුවෙනි. මේවා දියුණු ලෝකයක් තුළ ඇතිවුණු පුහු, අසත්‍ය විශ්වාසයන් පමණි. මෙහිදී අනෙක් හාස්‍යමය කරුණ නම් වික්ටෝරියා මහ රැජිනගේ ප්‍රතිමාවක් මගින් අපගේ දේශීය රාජ්‍ය පාලකයන්ට අපල ඇතිවනවා යැයි කියන අන්ධ විශ්වාසයයි. දියුණු හා බුද්ධිමත් ලෝකයකට මේ කතා ගැළපෙන්නේද?
මෙහිදී හෙළිවන තවත් අපූරු කරුණක්ද ඇත. එනම් එංගලන්තයේ තිබෙන පැරැණි රජ මාලිගා තුළ රජ පවුලේ මියගිය අයගේ හොල්මන් අවතාර ඇතැයි කියැවෙන ගුප්ත මතයක්ද එරට තුළ ඇත. එහෙයින් වික්ටෝරියා මහ රැජිනගේ අවතාරයන්ද ඇතැයි යම් විටෙක පැවසෙයි. එම පුහු විශ්වාසය පදනම් කරගෙන අපේ රටේ පාලකයන්ද මිථ්‍යාවෙන් අන්ධ වී ඇතැයි මෙහිදී සිතිය හැකිය. අපේ පාලකයන්ට වඩා හොල්මන් තවත් නැත.
ප්‍රියන්ත හෙට්ටිගේ










