• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ගැන ඊයේ පුපුරලා ගියේ නීතීඥ ප්‍රජාව තුළ අළු යට ගිනි අඟුරුක් වගේ කතා වෙමින් තිබුණු කාරණාවක්! ඒක හුදකලා සිදුවීමක්! විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය මේ පාර්ලිමේන්තුව අභියෝගයට ලක්කළේ නෑ! අධිකරණ ඇමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පැනමා-පැන්ඩෝරා විදේශීය බැංකුවල ඩොලර් බිලියන 9ක් දාලා තියෙන ලාංකිකයෝ කව්ද? අල්ලස් කොමිසම ඇයි මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? වැඩේ කෙරෙන්නේ නැත්නම් මෙන්න වැඩේ කෙරෙන අලුත් යෝජනාවක්? අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවට කියපු දේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධව ඊයේ පුපුරා ගියේ අලුත් කතාවක් නොව,  අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීතිඥ ප්‍රජාව තුළ සංවාදයට ලක් වෙමින් අළු යට සැඟවුන ගිනි පුපුරක් සේ පැවති සිද්ධියක් බවත් එය සම්බන්ධව සමස්ථ අධිකරණ ප්‍රජාවම කණස්සල්ලට පත් විය යුතු නැති බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (09) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු කීවේ ඊයේ සංවාදයට ලක් වූයේ සමස්ථයක් ලෙස අතිශය පාරිශුද්ධ අධිකරණ පද්ධතිය තුළ සිදුවුන එක් හුදකලා සිද්ධියක් පමණක් බවය. ඊයේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිය ප්‍රකාශය අතරතුරත් මේ බව පැහැදිලි කළේය.

කෙසේ වෙතත් නිමල් සිරිපාල අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ සිය කතාව අවසන් කරනු ලැබුවේ “පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේ විදිහට අධිකරණය විවේචනය කරන්න ඉඩක් නෑ. අපි අධිකරණය ඉතාම හෑල්ලුවට පත් කළා. මම ඒ ගැන නීතිඥවරයෙක් ලෙස අධිකරණයෙන් සමාව ඉල්ලනවා.” ලෙස පවසමිනි.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මෙසේද පැවසුවේය.

“අභියානාධිකරණයේ සභාපති ගැන කතා වුනා. මේ කාරණාව සම්බන්ධව නීතිඥ ප්‍රජාව තුළ අලු යට ගිනි අඟුරුක් වගේ කතා වෙමින් තිබුණු කාරණාවක් තමයි ඊයේ පුපුරලා ගියේ.”
“ඒක ඇවිත් එක්තරා හුදකලා සිද්ධියක් හා ගැටුන විනිසුරුවරයෙක් සම්බන්ධව තිබුණ විවේචනයක්.

නමුත් මේ අපි පාර්ලිමේන්තුව තුළ ඇතිවුන තත්ත්වය සන්නිවේදනය වන ආකාරය හේතුවෙන් බොහෝ විනිසුරුවරුන් සහ නීතිඥ ප්‍රජාව අපහසුතාවයකට පත් වෙලා තියනවා. සමහර වෙලාවට ඒ පුවත් පලකරනකොටම ශීර්ෂ පාඨයෙන්ම පේන්නේ සමස්ථ අධිකරණ පද්ධතියටම විධායකයෙන් පහර එල්ල කළ ආකාරයක්. ඒක තමයි තමයි පෙනෙන්න තියෙන්නේ. ඒක නිවැරදි නෑ.

පැහැදිලිව කියන්න ඕන අධිකරණයේ අගවිනිසුරුවරයාගේ සිට මහේස්ත්‍රාත්වරයා දක්වා අධිකරණවල ක්‍රියාකලාපයන්හි අපක්ෂපාතීත්වය සම්බන්ධව ස්වාධීනත්වය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ කිසිසේත්ම අභියෝගයට ලක් කළේ නෑ. එක් විනිසුරුවරයෙක්ගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කළ ආකාරය ඇත්ත.

නීතිඥවරු සම්බන්ධවත් එහෙමයි. පොදුවේ නීතිඥවරුන්ගේ ක්‍රියා කලාපය ගැන විවේචනය වුනේ නෑ.

මේ විනිසුරුවරයා ඉවත් කරනවා නම් එය කළ හැක්කේත් පාර්ලිමේනතුවට පමණයි. මොකද අභියාචනාධිකරණ විනිසුරුවරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට යටත්ව නෑ. බැඳිලා නෑ.

ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව යටතේ යෝජානාවක් ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න ඕන.

මේ ව්‍යවස්ථාව ආරම්භ කළාට පස්සේ අගවිනිසුරුවරුන් 03 දෙනෙකුට දෝෂාභියෝග ආවා. නෙවිල් සමරකෝන් අග විනිසුරු තුමාට එල්ල වුන දෝෂාභියෝගයත්, සරත් එන් සිල්වා අගවිනිසුරුතුමාට එල්ල වුන දෝෂාභියෝගයත් ඉදිරියට ගියේ නෑ. එහෙත් ශිරානි බණ්ඩාරනායක මැතිනියට එරෙහිව දෝෂාභියෝගය ක්‍රියාත්මක වී ඇය ධූරයෙන් පහ කළා.

මේ සෑම අවස්ථාවකම එල්ලවුන චෝදනාවක් තියනවා ඒ අධිකරණය සහ විධායකය අතර ඇතිවන ගැටුමක් කියලා. ඒත් අද ඒ වගේ තත්තවයක් නෑ. මහජන මතයට එකඟව පාර්ලිමේන්තුව පක්ෂ භේදයකින් තොරව එකතු වෙලා තියනවා.

SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි! ජනාධිපති පොලිස්පතිට CDගේ නම යළි එවලා! සම්මත කරයිද? ප්‍රතික්ෂේප කරයිද? I Sri Lanka Latest News

Next Post

මමත් ක්‍රිකට් ගහපු ක්‍රිකටර් කෙනෙක්! සමහරු මට හිනාවෙයි! මම ක්‍රිකට් ගැන මෙච්චර කතා කරන්නේ මේ නිසයි! විපක්ෂනායක ගහපු ක්‍රිකට් පින්තූරත් එක්කම හැන්සාඩ් එකට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.