නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව ගාල්ලේ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිදුකළ සදාචාර විරෝධී කටයුත්තක් සම්බන්ධ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි අවධානයට යොමුව ඇති අතර ඊට විශාල විරෝධයක් එල්ලවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.
මෙහිදී නාමයෝජනා ලබා දීමෙන් පසුව රැස්වීම් සහ රංචු ගැසීම් සිදු නොකරන ලෙස දැනුම් දී තිබියදීත් අබේවර්ධන මහතා ගාලු නගරය පුරා මුහුණු ආවරණ බෙදමින් ඇවිද යන අයුරු දැකගන්නට තිබේ.
එහි විශේෂත්වය වන්නේ එක් මුහුණු ආවරණයක් එක් පුද්ගලයකු පමණක් භාවිත කළ යුතු බවට වෛද්‍ය උපදෙස් ලබා දී තිබියදීත් අබේවර්ධන මහතා තමන් පැලද සිටි මුහුණු ආවරණය ගලවා වෙනත් අයකුට ලබා දීමය.
අබේවර්ධන මහතා කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි දැඩි විවේචන පළවන ආකාරයක් දැකගන්නට තිබේ.










