ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ විද්වත් සංගමය පවසයි.Sri Lanka Latest News
කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමය ඒ බව සඳහන් කළේය.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසු ව රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක් වීම පසුගිය සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වලින් වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට ද චෝදනා එල්ල වන පසුබිමක එම ඖෂධ ආනනයන කළ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගැනිණි.
එහි දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ, අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුව ද ඒවා මෙරට දී නිෂ්පාදනය කර ඇති බවයි.










