ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට ඇති ඉදිරි තරග දෙකම ජය ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.Sri Lanka Latest News
ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තරගයේ දැවැන්ත පරාජය ගැන තමන් බොහෝ කලකිරී සිටින බවද තමන්ගෙන්ද කණ්ඩායමට යමක් සිදු වුණේ නැති බව ද ඔහු සඳහන් කළේය.
ඉන්දීය පිල ඉතා හොඳින් පන්දු යැවු බවත් රාත්‍රිය වෙද්දි පන්දුව ඉතා හොඳින් දෝලනයක් තිබුන බවත් පවසන ඔහු මේ කිසිවක් නිදහසට කරුණු නොවන බවද කියා සිටියේය.
ශ‍්‍රී ලංකාව තරගාවලියේ තරග හතකට සහභාගි වී දෙකක් පමණක් ජයගෙන පහක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ සිටියි.
ශ්‍රී ලංකාවට ඉදිරි තරග දෙකම ජයගතහොත් ප්‍රසාද ලකුණු අටක් ලබා පියවර කිහිපයක් ඉස්සරට පැමිණීමේ හැකියාව ඇත.
ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ සිටම රටවල් ලකුණු අට බැගින් ලබා සිටින නිසා ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයට යෑමට ඉතා සීමිත අවස්ථාවක් හිමිවී තිබේ.










