පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා ඇති බව ජනාධිපතිවරයාගේ පවුලේ මාධ්‍යට අයත් වන ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කොට ඇත.Sri Lanka Latest News
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබුණි.
ඊයේ(2) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය.
කෙසේවෙතත් අවසන් වරට වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථාදයක සභාවට එවු විට එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණ.










