• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහල් ඇටයෙන් විස්මිත නිර්මාණ මවන ක්ෂුද්‍ර කලා ශිල්පියා I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තාක්ෂණයේ දියුණුවත් සමගම, ලෝකයට අලු‍ත් දෑ එකතු කරමින් කලාවේ නව මානයන් සොයා යන්නට කලාකරුවන්ට ද ඉඩ හසර ලැබී ඇත.(Sri Lanka Latest News)

මහනුවර පදිංචි ලොකුලියනගේ දයානන්ද ද, පියාගේ ආභාසයෙන් ඔහු වෙත උරුම වූ කලා හැකියාව තාක්ෂණය ද සමග මුසුකොට එවන් අපුර්වතම නිර්මාණ ලෝකයට ලබාදෙන්නෙකි.

ක්ෂුද්‍ර කලාවේදියකු (micro artist) වන ඔහුගේ අපුර්වතම හා විශ්මිත කලා නිර්මාණය වන්නේ සහල් ඇටය මත සිතුවම් කරනු ලබන ආලේඛ්‍ය රූපය.

සිවු වසරක් තිස්සේ ඔහුගේ අපූර්ව හැකියාවෙන් ලෝකය විචිත්‍රවත් කරන ඔහු, තමන් මෙරට සිටින එකම වෘත්තීමය ක්ෂුද්‍ර කලාකරුවා ලෙස හඳුන්වා දෙමින් බීබීසී සිංහල සේවය හා කතාබහකට එක්විය.

“මයික්‍රෝ ආර්ට් කිව්වාම ගොඩක් දේවල් තියෙනවා. මොනම හරි කලා නිර්මාණයක් කුඩා පරිමාණයෙන් කරන කෙනෙක් තමයි මයික්‍රෝ ආර්ටිස්ට් කෙනෙක් කියන්නේ. ඒකෙදී මම දැනට පැන්සල් තුඩුවල විවිධ නිර්මාණ කරනවා. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ චිත්‍ර අඳිනවා. උදාහරණයක් විදියට, හාල් ඇටවල ඕනම කෙනෙක්ගේ මූණක් මට අඳින්න පුළුවන්. විවිධ චිත්‍ර හාල් ඇටවල නිර්මාණය කරනවා. ඊට අමතරව කුඩා රත්තරන් කැබලිවල හූරලා කරන නිර්මාණ (Engraving) වගේ ක්ෂුද්‍ර පරිමාණයේ විශාල ප්‍රමාණයක් කරනවා.”

ලොව පුරා සීමිත කලාකරුවන් පමණක් සිටින, ඉතා දුර්ලභ කලාවක් වූ ක්ෂුද්‍ර කලාව ස්වයං අධ්‍යයනය හරහා උගත් ආකාරය ද ඔහු විස්තර කළේය.

“පියාගේ ආභාසයෙන් පොඩි කාලේ ඉඳලා මට චිත්‍ර අඳින්න පුළුවන්. දැනට අවුරුදු හතරකට කලින් මම ව්‍යාපාර කටයුත්තක් කළා. ඒක සාර්ථක නොවුණ තැන මගේ ඇඟේ කලාව තියෙන නිසා මම බැලු‍වා ටිකක් වෙනස් විදියේ දෙයක් කරන්න. එතකොට තමයි මම දැක්කේ වෙන රටවල ශිල්පීන් මේ වගේ නිර්මාණ කරලා තියෙනවා. ඒ බලලා මම හිතුවා මේක මට කරන්න පුළුවන් කියලා. ඇත්තටම යූටියුබ් එකෙත් දාලා තියෙනවා මේ නිර්මාණ කරන විදිය. මම ඒවා දිහාත් බලලා මට තියෙන සරල උපකරණවලින් මම මේ නිර්මාණ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක සාර්ථක වුණා.

“ඊට පස්සේ මම ටික ටික ඩිවලප් කරගත්තා. ටූල්ස් ගත්තා. ඇස්වලින් බලලා කරන ඒවා වෙනුවට කාච භාවිතා කරලා කරන්න ගත්තා. ඊට පස්සේ මයික්‍රෝස්කෝප් එකක් වගේ උපකරණ අරගෙන ඒ වගේ ඩිවලප් කරලා ඒ ශිල්පීන් කරලා තිබුණ නිර්මාණවලට වඩා එහාට ගිය නිර්මාණ මම දැන් කරලා තියෙනවා,” ක්ෂුද්‍ර කලා ශිල්පී දයානන්ද කියා සිටියේය.

ක්ෂුද්‍ර නිර්මාණයක් කිරීමට අවම වශයෙන් දින තුන හතරක් හෝ ඊට වඩා වැඩි කාලයක් වැය වන අතර, නිර්මාණය අවසන් කිරීමට පෙර සුළු හෝ වැරදීමක් සිදුවුවහොත් නැවත එම නිර්මාණය මුල සිට අලු‍තින් ආරම්භ කිරීමට සිදුවේ.

සහල් ඇටයෙන් ගිනස් වාර්තාවට යාමේ බලාපොරොත්තුව

සහල් ඇටයේ ආලේඛ්‍ය නිර්මාණ හා චිත්‍ර ඇඳීම ආරම්භ කර වසර එකහමාරක් පමණ වනබව පවසන හෙතෙම, එම නිර්මාණ ආරම්භයේ ඉතිහාස කතාව ද බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.

“මම පැන්සල් තුඩුවල නිර්මාණ කරද්දි මට ඕන වුණා අඳින එක කරන්න. එතනදි මම බැලු‍වා කුඩා ප්‍රමාණයේ නිර්මාණ කරන්න පුළුවන් ද කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ හාල් ඇටයක චිත්‍රයක් අඳින්න පුළුවන් ද කියලා. හාල් ඇටය මම තෝරගත්තේ ඒ නිසා. එතකොට මට වෙනම නමක් හදාගන්න පුළුවන්. විවිධ කුඩා දේවල්වලින් මම අධ්‍යයනය කරලා බැලු‍වා, ඒ අතරින් තමයි මම හාල් ඇටේ තෝරගත්තේ.

“මම ලෝකේ ප්‍රසිද්ධ අයගේ පෝට්රේට් (Portrait) කලෙක්ෂන් එකක් කරනවා. ඒකේ දැනට 80ක් විතර කරලා තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලෝකේ ජනප්‍රියම, ප්‍රසිද්ධම පුද්ගලයන් සිය දෙනාගේ පෝට්රේට් ටික කරලා කුඩාම පෝට්රේට් ටික හෝ කුඩාම චිත්‍ර විදියට හෝ ඒ දෙක වෙන වෙනම කරලා ඒකෙන් ගිනස් වාර්තාවක් ඉල්ලන්න,” ඔහු පැවසීය.

සහල් ඇටයෙන් කරන නිර්මාණ සඳහා වසර 10ක පමණ වගකීම් කාලයක් ලබා දෙන බව පවසන මේ ක්ෂුද්‍ර කලා ශිල්පියා, ඔහුම යොදනා ආරක්ෂිත ආලේපනයක් හරහා හාල් ඇටයට සිදුවන ස්වාභාවික හානි වළක්වා ගැනීමට සමත්ව ඇත.

පැන්සල් තුඩින් සිදුකරන නිර්මාණවලට ද එවැනිම වගකීමක් ලබා දෙන ඔහු, වසර 30කට වැඩි කාලයක් කිසිදු ස්වාභාවික හානියක් නොවී එම නිර්මාණ ආරක්ෂා කර ගත හැකි බවට විශ්වාසය පළ කරයි.

මෙම නිර්මාණයන්හි විචිත්‍රත්වය පියවි ඇසින් දැක ගැනීමට හැකිමුත් එය තරමක් අපහසුය. ඔහු ඔහුගේ නිර්මාණ වඩා පැහැදිලිව රස විඳීමට ඒ සමගම කාචයක් හෝ කුඩා ප්‍රමාණයේ අන්වීක්ෂයක් පාරිභෝගියන්ට ලබා දීමට කටයුතු කරයි.

මෙරටට වැඩිය පිටරටින් ඉල්ලු‍ම

ක්ෂුද්‍ර කලා ශිල්පය පිළිබඳ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවකින් සිටින දයානන්ද පවසන පරිදි, මෙම ශිල්පය හැදෑරීමට මෙරටින් ලැබෙන ඉල්ලීමට වඩා වැඩි ඉල්ලීමක් විදෙස් රටවලින් ලැබෙයි.

“මම ඇකඩමි එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මගේ ප්‍රමාණයට, මේ රටේ ප්‍රමාණයට යන්න පුළුවන් දුර ගිහිල්ලා තියෙන්නේ. ඉන්දියාවෙන් පවා මේ වෙනකොට මට වර්ක්ෂොප් ඔර්ගනයිස් කරලා තියෙනවා. අවාසනාවකට ලංකාවේ කතා කරලා කෙනෙක් මේ ගැන අහනවා හරි අඩුයි,” මෙම ශිල්පය ඉදිරි පරපුරට දයාද කිරීමට බලා සිටින ක්ෂුද්‍ර කලා ශිල්පියා කියා සිටියේ ය.

විදෙස් රටවලින් විශාල ඉල්ලු‍මක් ඇති මෙම නිර්මාණයන් අන්තර්ජාලය හරහා ඔහු විදෙස් රටවලට අලෙවි කරනු ලබන අතර, දේශීය පරිභෝගිකයන්ට නිර්මාණ අලෙවි කිරීමේ දී එම නිර්මාණයට වැයවන කාලයට පමණක් මුදල් අය කරන බව ද සඳහන් කළේය.

ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට මේ තාක් නොහැකිවීම ගැන කනස්සල්ලෙන් පසුවන ඔහු, එය නොහැකිවූයේ ඊට වැය වන අධික මුදලට අනුග්‍රාහකයකු සොයා ගැනීමට අපහසු වීම නිසා යැයිද වැඩිදුරටත් කියා සිටියේ ය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි.

SendShareShare
Previous Post

සීතල නුවරඑළිය මහරෑ රත්කළ සජබ ලයිට් බිල් විරෝධය! VIDEO I Sri Lanka Latest News

Next Post

දරුවො විනාසයි නීතියේ දෙවඟනගෙ ඇස් දෙක ලෙහමු I Sri Lanka Latest News

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.