• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො විනාසයි නීතියේ දෙවඟනගෙ ඇස් දෙක ලෙහමු I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාසෙකදි 168ක් දූෂණය වෙලාලු… දරුවො 22 ගැබ්ගෙනලු…

දරුවො අනාරක්ෂිතයි නම් ඒ රටේ සාමයෙන් හෝ සමාදානයෙන් වැඩක් නෑ. ඒ රටේ ආණ්ඩුවෙන් වැඩක් නෑ. පොලීසියෙන් හෝ වෙනත් ආරක්ෂක අංශයකින් වැඩක් නෑ. මේ රටේ වැඩි හිටියන්ගෙන් වැඩක් නෑ. මවුපියන්ගෙන් වැඩක් නෑ.(Sri Lanka Latest News)

මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු අපයෝජනයට ලක්කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ කියනවා. මේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වෙන්නෙ වාර්තා වූ ඒවා විතරයි. වාර්තා නොවූ ඒවා ඕනෑ තරම් ඇති. කාටවත්ම නොකියපු කතා ඇති. ඇමැතිතුමිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ ඉන් දැරියන් 22ක් ගර්භණී තත්ත්වයට පත්වෙලා කියලා. ඒ දරුවො හෙට තවත් දරුවො බිහි කරනවා. තම දූෂණය කරපු අපරාධකාරයෙක්ගෙ ලේවලින් ඉපදුණු දරුවෙක් ඈ රකින්න ඕනෙ. එහෙම දරුවෙක්ව නැති කරන්න නීතිමය ක්‍රමයක් ලංකාවෙ නෑ. එහෙම නීතියක් නැත්තම් අඩුම තරමෙ ඒ වගේ නරකම අත්දැකීමක් මනුස්සයෙක්ට නොදැනෙන්න පරිසරයක් හදන්න ඕනෙ.

‘2023.09.01 සිට 2023.09.30 දක්වා මාසයක් ඇතුළත වයස අවුරුදු 16ට අඩු දරුවන් 168 දෙනෙක්ව දූෂණයට ලක්වෙලා තිබෙනවා.’

‘ඒ අය අතරින් මේ වන විටත් දරුවන් 22ක් ගර්භණී බවට පත්වෙලා. අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ.’

මේ වගේ කතා ළමා හා කාන්තා කටයුතු භාරව ඉන්න අමාත්‍යවරිය කියනවා. අපි අහගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නෑ.

ලංකාවෙ වැඩිම ලිංගික හිංසන වාර්තා වෙන්නෙ නගරයෙන් නෙමෙයි. ඒ ගමෙන්. ලිංගික හිංසන අතර විශේෂ වෙන කාරණයක් වෙන්නෙ දුප්පත්කම. දුප්පත්කම හෝ මුදල් සඳහා ඇති කෑදරකම නිසා පාසල් වයසේ දරුවන්ව ලිංගික ශ්‍රමිකයන් විදියට පාවිච්චි වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වෙන්නේ වැඩිහිටියන්ගෙ අනුදැනුම මත. මේ වැඩකරවන්නෙ වැඩිහිටියො. අද වෙන කොට ලිංගික ශ්‍රමිකයන් ප්‍රමාණය දෙතුන් ගුණයක් වෙලා. අන්තර්ජාලය ඔස්සෙ දැන්වීම් පළකරන තැනට ලිංගික ශ්‍රමිකයන් දියුණු වෙලා. ඒ වගේම සම්බාහන මධ්‍යස්ථාන හරහා රහසිතව සිදුවෙන ලිංගික කාර්යයන් ඉතාම වැඩියි.

ඒ වගේම වීඩියෝ ඇමතුම් හරහා සිදුවෙන ලිංගික කටයුතු. ඊළඟට සමාජ මාධ්‍ය ඔස්සෙ ගොඩනගන සබඳතා. විශේෂයෙන්ම ටෙලිග්‍රෑම් කණ්ඩායමක් ඔස්සේ ගොඩනැගෙන යාළු මිත්‍රකම්.

ඒ වගේම ප්‍රේම සම්බන්ඳතා. අද වෙනකොට තරුණ තරුණියෙ සබඳතාවක් පටන් අරගෙන සතියෙන් දෙකෙන් යන්නෙ කාමරේකට. අද ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හැදිලා ඉවරයි.

ඊළඟට මවුපියෝ හේනට ගිය ටිකට, ගාමන්ට් එකට ගිය ටිකට, රස්සාවට ගිය ටිකට ගෙවල්වලට ගෙන්නගන්න පෙම්වතුන්. මේ සියල්ලම ගැටලු. ඊළඟට ඔබ හිතමින් ඉන්නෙ දරුවො අනාරක්ෂිත ප්‍රධාන නගරවල කියලා. ඒත් ඇත්තටම දරුවො අනාරක්ෂිත කාමර ගෙවල් ඇතුළෙ. කාමර ඇතුළෙ.

තේරුම් ගන්න ඕනෙ තත්ත්වය මේක. එහෙම නැතිව නිකම්ම ගණන් හද හදා හිටියට වැඩක් නෑ.

සේයාලව, විද්‍යාලව මරලා දාපු එක ඉතිහාසයට එකතුවෙන කොට තවත් කතන්දර මතුවෙනවා. අම්මා තමන්ගෙ දුවව සල්ලාලයන්ට විකුණපු බව කියවෙනවා. හේනට ගිය ටිකට දරුවො ගැබ් අරගෙන. මේ හැම එකකටම හේතුවක් තියෙනවා. අපි ලිංගිකත්වය මැජික් එකක් කරලා ලිංගික අධ්‍යාපනය ඈතටම අරගෙන ගිහිල්ලා. හෝමෝන වර්ධනය වෙනකොට ශරීරය කියන දේවල් අහනවා මිසක් වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.

ඒ නිසා මේවා කතාවලට විතරක් සීමාකරන්න එපා. නීතියට යටින් සදාචාරයට මෙපිටින් ජීවිතය කියන පාඩම උගන්නමු. හැමෝටම.

කොහොම නමුත් ස්ත්‍රී දූෂණයකදී
● වින්දිතයාගේ වයස
● ලිංගික ක්‍රියාව සිදුවූයේ කාන්තාවගේ හෝ ගැහැනු දරුවාගේ කැමැත්ත ඇතිව ද නැතිව ද යන වග
● වින්දිතයා හා චූදිතයා අතර ඇති සම්බන්ධතාව (උදාහරණ – වෛවාහික/ඥාති/පෙම් සබඳතා/දික්කසාදයට පෙර ස්වාමිපුරුෂයා)
● කාන්තාවට හෝ ගැහැනු දරුවාට සිදුවූ කායික හානිය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉතාම වැදගත් වෙනවා. යම් සිදුවීමක් ස්ත්‍රී දූෂණයක් ද නැද්ද කියන එක දැනගන්නෙ මේවා හරහා. තමන්ට සිදුවන්නේ අපරාධයක් යැයි තීරණය කළ නොහැකි වයසක සිටින ගැහැනු දරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා වයස් සීමා සහිතව නීති හදනවා. මේ විදියෙ අපරාධමය චෝදනා සම්බන්ධයෙන් නීති පවතින්නේ අපරාධ නඩුවිධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයේ.
● දූෂණයට ලක්වූ තරුණිය වයස අවුරුදු 16ට අඩු නම්, එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වෙනවා. මෙතැනදී ඒ දරුවගෙ කැමැත්ත හෝ අකැමැත්ත වැදගත් නෑ.

1995 අංක 20 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහ සංශෝධන පනතේ 364 වගන්තියට අනුව, දැරියගේ කැමැත්ත ඇතුව හෝ නැතුව යන මූලික නෛතික සිද්ධාන්ත අදාළ වෙන්නෙ නෑ. අවුරුදු 16ට අඩු තරුණියක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන තැනැත්තකු ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ වරදකරුවෙක්. අවුරුදු හතකට නොඅඩු අවුරුදු විස්සක් නොඉක්මවන බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ දඩ මුදලක් ගෙවීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදට දඬුවම්.

මේවා අධිකරණමය ක්‍රියාදාමය යටතේ සිදුවෙන්නෙ. ඒ නිසා නීතිය නිදාගෙන නෑ. නමුත් මේ ශක්තිමත්භාවය දැන දැනමත් අපරාධ වෙනවා. පවුල් සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මුළු ගැබ් ගැනීම්වලින් 6.1%ක් සිදුවන්නේ වයස අවුරුදු 13-19ත් අය අතර බව කියවෙනවා. ඒ නිසා මේක ඒ තරම්ම හොඳ තත්ත්වයක් නෙමේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සහල් ඇටයෙන් විස්මිත නිර්මාණ මවන ක්ෂුද්‍ර කලා ශිල්පියා I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවෙන් ණයට ගත්ත තෙල්වල සල්ලි ගෙවන්නයි යන්නේ! දන්නවාද ගාණ? කෝටි විසිතුන්දහස් ‌එකසිය පනහයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.