• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරුණද? මරාගත්තද? අපේ එවුන්ට අගයක් නැතිවුණු ලංකාවට මහා සේවයක් කරපු මහා දානපතියා I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෘතහස්ත ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා පසුගිය 21 වැනිදා අභාවප්‍රාප්ත වුණා. මියයන විට 84 වැනි වියෙහි පසුවූ ඒ මහතා, ලංකාවේ තුන්වැනි අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ඥාති පුත්‍රයෙකු ද වනවා.(Sri Lanka Latest News)

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඔහු, වරලත් ගණකාධිකරණය පිළිබඳ එක්සත් රාජධානියෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසුව, 1960 ගණන්වල සිය පියාගෙන් උරුම වූ Ceylinco Consolidated සමාගම පවත්වාගෙන යමින්, සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ලෙසත්, බැංකු ක්ෂේත්‍රයත්, බැංකු නොවන මූල්‍ය ආයතන, ආයෝජන බැංකු, නිවාස හා දේපළ සංවර්ධනය, සංචාරක, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසකට සිය ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කරන්නට කටයුතු කළා.

ආසන්න වශයෙන් ව්‍යාපාරික ආයතන 183ක් ලලිත් කොතලාවල මහතාගේ හිමිකාරීත්වය යටතේ පැවැති අතර, ලෝකයේ හොඳම දියමන්ති ඔපදමන ආයතනයද ඒ අතර වුණා. ආර්ථික අපහසුතා සහිත ජනතාවට අඩුම තරමින් පර්චස් 10ක හෝ බිම් කැබැල්ලක් මිලට ගැනීමට අවස්ථාව සැලසුණේ ලලිත් කොතලාවල මහතා ආරම්භ කළ දේපළ සංවර්ධන ව්‍යාපාරය හරහාය.

ඔහු දහස් ගණනක් වූ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාන් බිහිකළ අතර, එම පිරිස් අද වන විට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයට පත් විශිෂ්ට වෘත්තිකයන්ව සිටිනවා. ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පවා සිය ආයතනවල රැකියා අවස්ථා විවර කර දෙන්නට කොතලාවල මහතා පියවර ගත් අතර, ඊට හොඳම උදාහරණයක් වන්නේ The finance ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට දෙපා අහිමි කාන්තාවකට අවස්ථාව සලසා දීමයි. එසේම සිය ආයතන ජාලයෙහි සේවක පිරිසෙන් 10%කට ආසන්න සංඛ්‍යාවක් විවිධ ආබාධිත පුද්ගලයන්ට ලබාදීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වනවා.

2007 වසර වනවිට ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ද ලලිත් කොතලාවල මහතාගේ නම ඇතුළත් වුණා. සිය සමාගම් ජාලයට අයත් ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ රුපියල් බිලියන 26ක ආයෝජන සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අවසානයේ රිමාන්ඩ් භාරයට පත්වන්නටද ඔහුට සිදුවුණා. එසේම තවමත් බොහෝ දෙනකු නොදන්නා කාරණාවක් වන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඔහු විශාල මුදල් සම්භාරයක් වැයකර ඇති බවයි. එහෙත් එම ක්‍රීඩාංගණය විවෘත කිරීමට හෝ ආරාධනා නොලැබුණු කොතලාවල මහතා, ඒ අවස්ථාව වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියා.

දශක ගණනාවක් තිස්සේ අපරිමිත කැපකිරීම් සිදුකරමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයටත්, දුප්පත් ජනතාවටත් සුවිශේෂ සේවයක් ඉටුකළ මේ විශිෂ්ට ව්‍යාපාරිකයා ජීවන ගමනෙන් සමුගෙන ගිහින්. තමන්ගේ ව්‍යාපාර ජාලය බිඳවැටීම ගැනත්, තම ධනය සූරාකෑ පුද්ගලයන් ගැනත් කොතලාවල මහතා සිය ජීවිතයේ අවසන් සමයේදී සුවිශේෂ හෙළිදරව්වක් කර තිබුණා. තමන්ගෙන් උදව් උපකාර ලබාගනිමින්, අවසානයේ පයට පෑගෙන දුහුවිල්ලක් සේ තමාව බැහැර කළ රටේ නමගිය දේශපාලකයන් ගැන ඔහු මීට වසර කිහිපයකට පෙර සිදුකළ එම හෙළිදරව්ව ඇතුළත් වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් හුවමාරු වන්නට පටන්ගෙන තිබෙනවා. පහත පළවන්නේ විනාඩි 18ක් පුරා දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා සිදුකළ එම හෙළිදරව්වයි.

‘ඉස්සෙල්ලාම මම කියන්න කැමැතියි මම හොරෙක් නෙවෙයි. අපිට මොකක්ද වුණේ? ගෝල්ඩන් කී වැටුණේ මොකක් නිසාද කියලා බැලුවාම ඒ කාලේ හුඟක් අය බයවුණා සක්විති ව්‍යාපාරය වැටුණා. මිනිස්සුන්ට මුදල් ආයතනවල විශ්වාසය බිඳුණා. ඒක බලපෑවා ගෝල්ඩන් කී එකට. නමුත් සෙලින්කෝ සමූහ ව්‍යාපාරය ඇතුළු සේරම සමාගම් අත්වැල් බැඳගත්තාම බොහොම ලේසියෙන් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මේ බිලියන 13ක මුදල් ගෙවන්න ශක්තිය තිබුණා. ඒකට මම ප්ලෑන් එකක් දුන්නා. අවුරුදු තුනහමාරකින් ඒ බිලියන 13 ගෙවන්න අපේ නීතිඥ මහත්වරු උසාවියට යෝජනා කරලා වැඩපිළිවෙළක් දුන්නා. අපි ඒක ගෙවන්න පටන්ගත්තා. උසාවියට ගෙනාවා මිලියන 200ක චෙක්පත්. ඒක පුදුම වාතාවරණයක් තිබුණු දවසක්.

උසාවිය ඇතුළේ හැමෝම කෑගහන්න පටන්ගත්තා. අඬන්න පටන්ගත්තා. අන්තිමට වුණේ මාව හිරේට දාපු එක. උසාවියෙන් මාව කෙළින්ම වැලිකඩ බන්ධනාගාරයට අරගෙන ගියා. එතැනින් තමයි මේක පටන්ගත්තේ. ඒක මට හීනයක් වගේ. ඒ කාලේ දිහා බැලුවාම මට පේනවා මේක තැන්පත්කරුවන්ගේ වරදකුත් නෙවෙයි, අපේ වරදකුත් නෙවෙයි. අපේ හිටපු ජනාධිපතිතුමාගේ කල්ලියක්.

ඒ අයට පෙනුණා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ පුදුම වත්කමක් තියෙන බව. අපට තිබුණා බිලියන ගණන් වත්කම්. ඒවා අසාධාරණ විදියට කෑදරකමට පවරගන්න තමයි මාව හිරේ දැම්මේ. මාව හිරේ දානකොට පොලිසියේ සහ පරීක්ෂණ කරන සී.අයි.ඩී. එකේ අයත් පුදුම වුණා. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ව හිරේට දාන්නේ ‘බී’ රිපෝට් එක අනුව හොරකමක් වෙලා තියෙනවා නම්. නමුත් මගේ ‘බී’ රිපෝට් එකේ මුකුත් නෑ. ඒගොල්ලෝ මට කිව්වේ මගේ ශාරීරික ආරක්ෂාව වෙනුවෙන් හිරේට දානවයි කියලා. ඒක මට පුදුමයක්.

මගේ ද ෆිනෑන්ස් කම්පැනිය ගත්තා. 1940 මගේ තාත්තා පිහිටුවපු ආයතනය. මම හිරේ යනකොට බිලියන ගානක වත්කම් තිබුණා ෆිනෑන්ස් කම්පැනියට. ඒක ගත්තා. මගේ කොටස් ගත්තා. සතයක්වත් මට ගෙව්වේ නෑ. ඒක මංකොල්ලකෑමක්. මම ෆාස්ට් කෑෂ් හරහා පිටරටින් සල්ලි ගෙනාවා. ඒක ගත්තා. සෙලාන් බැංකුව පවරගත්තා. මාව හිරේට දාලා එතුමා මගේ සභාපති ධුරය ……. ගත්තා රජයේ බැංකුවකට. පඩියත් ගත්තා. දැන් මගේ සුප්‍රීම් කෝට් එකේ නඩු තීන්දුව දුන්නේ එතුමා තමයි. මේ වගේ නීති උල්ලංඝනය කරන ….. මම හිතන්නේ මේ ලංකා ඉතිහාසයේම නෑ. මාව හිරේට දාලා මගේ බැංකුවේ සභාපති ධුරය ගත්තා. පඩියත් ගත්තා. ඉතින් බැංකුවත් පවරගත්තා.

මගේ තාත්තා 1950 ආරම්භ කරපු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ උසම ගොඩනැගිල්ල. පුතා හිතුවා තාත්තටත් වඩා උස ගොඩගැලිල්ලක් හදන්න. ඒක තට්ටු 49ක්. ඒකට මම හයට් රිජන්සි කියන විදේශ සමාගම සමග සම්බන්ධ වෙලා හෝටලයක් සහ එපාර්ට්මන්ට් ව්‍යාපාරයක් පටන්ගත්තා. මම හිරේ ඉන්නකොට බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපතිතුමා මේක පවරගත්තා. සතයක්වත් මට ගෙව්වේ නෑ. ඒක වටිනවා බිලියන 10ක් විතර. ඊටත් වඩා වටිනවා. ඒ බිලියන 10න් මම හිතන්නේ එෆ්. ඇන්ඩ් ජී. තැන්පත්කරුවොයි, ගෝල්ඩන් කී තැන්පත්කරුවොයි සහ සල්ලි ඉල්ලන හැමෝටම ගෙවන්න තිබුණා. උද්ඝෝෂණ කරපු එක හරි. මේක සම්පූර්ණ මංකොල්ලකෑමක්.

ඊට අමතරව ෆින්ගාරා කියලා ලස්සන ක්‍රිකට් ක්ලබ් එකක් තියෙනවා. අපේ ක්‍රිකටර්ස්ලා ඉගෙනගත්තේ එතැනින්. අපිට තියෙනවා ගෙවල්, බිල්ඩින්, හවුසින් ප්‍රජෙක්ට්ස්. කවුරුත් සල්ලි දෙන්නෙ නැති දුප්පත් ජනතාව දිළිඳුකමෙන් තුරන් කරන්න අපි ග්‍රාමීන් දුන්නා. ඒකත් අඩපණ කෙරුවා. මම දන්නේ නෑ. මොකද මගේ නඩුවේ තීන්දුව අනුව සුමානෙකට සැරයක් මම සී.අයි.ඩී. එකට ගිහින් අස්සන් කරන්න ඕනෙ. මගේ පාස්පෝට් එක අරගෙන. මට බස්නාහිර පළාතෙන් පිට යන්න බෑ. විශේෂම දේ ආයතන 450ක් තියෙන මගේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ධුරයෙන් අස්වෙන්න බෑ. මීටින්වල වාඩිවෙලා කට අරින්න බෑ. තීන්දු ගන්න බෑ. අරි අයුක්තියක්නෙ මේක.

කවුරුහරි මගේ කම්පැනියේ සේප්පුව ඇරලා සල්ලි ගන්න හදනවා නම් මට කියන්න බෑ සේප්පුවෙ සල්ලි ගන්න එපා කියලා. මගේ තාත්තා දුන්න සෙලින්කෝ මන්දිරය සම්පූර්ණයෙන්ම අරගත්තනේ. මේක පුදුම දෙයක්. මට දැන් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට යන්න බෑ. මට පාලනය කරන්න බෑ. මම පත්කෙරුවා අලුත් අධ්‍යක්ෂවරු. මොකද මේගොල්ලෝ සෙලින්කෝ හවුස් එක හොරකම් කරන නිසා. ඒක නිසා බේල් එක අවලංගු කරලා මාව හිරේ දාන්න හැදුවා. දැන් සෙලින්කෝ හවුස් එකේ වෙන්නේ මොනවද කියන්න මම දන්නෙ නෑ. මට ආරංචියි ජනාධිපති මන්දිරයෙන් එක්සර්සයිස් මැෂින් දාලා තියෙනවා කියලා සෙලින්කෝ හවුස් එකේ දෙවැනි තට්ටුවට.

මේක පුදුම දෙයක්නේ. ජනතාව හිතයි හිටපු ජනාධිපතිතුමාගේ එක්සර්සයිස් මැෂින් කොතලාවල මහත්තයා හංගනවා කියලා. මට කිසි බලයක් නෑ ඒවා හොයලා බලන්න. ඒ වගේ හරි අසාධාරණ දේවල් මට කරලා තියෙනවා.

මම දන්නෙ නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම රජයෙන් ඉල්ලනවා මගේ අත්දෙක ලිහන්න. මගේ බේල් කන්ඩිෂන්ස් අයින් කරන්න. මට අවසර දෙන්න උසාවිය මාර්ගයෙන් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ආයතනවලට යන්න පුළුවන්, පරීක්ෂා කරන්න පුළුවන්, සොරකම් හොයන්න පුළුවන්, දඬුවම් හොයන්න පුළුවන් තත්ත්වයක් ඇතිකරන්න කියලා. එතකොට මට පුළුවන් දුප්පත් තැන්පත්කරුවන්ට උදව් කරන්න. මොකද මම හැම වෙලාවෙම හිතනවා කිරි එළදෙනව මස් කඩේට දැම්මොත් කොහොමද ගෙවන්නේ? මගේ සමහර ආයතන බාග වෙලාවට ආයෙත් නග්ගලා ගන්න බෑ. ඒත් මට උපරිම උත්සාහයක් යොදන්න පුළුවන් මේක නැවත ගොඩගන්න. මේක නැවත හරිගස්සලා මේ දුප්පත් තැන්පත්කරුවන්ට ඒගොල්ලන්ගේ සල්ලි ගෙවන්න. මේක තමයි මගේ පරමාර්ථය.

එක දවසක් රෑ මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා අරලියගහ මන්දිරයෙන්. ජනාධිපතිතුමා මට එන්න කිව්වා එතුමත් එක්ක උදේ 8ට විතර හෙලිකොප්ටර් එකෙන් යන්න අලුත් ක්‍රීඩාංගණය බලන්න. මම ඒ වෙලාවේ හරියට බය වුණා, මොකද ඒ කාලේ එල්.ටී.ටී.ඊ. යුද්ධෙ තිබුණ නිසා කවුරු හරි රොකට් එකක් එවලා අපි දෙන්නම මැරෙයි කියලා. ඉතින් මම උදේ පාන්දර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ටෙලිෆෝන් කරලා ඇහුවා මේක භයානක නැද්ද කියලා. නෑ නෑ බයවෙන්න එපා එන්න කියලා ඔහු කිව්වා. මම කෙටියෙන් ඒ කතාව කියන්නම්. මම හෙලිකොප්ටර් එකෙන් පළමු වතාවට ගියා. විනාඩි 10ක් යද්දී අපි හෝමාගමට ගියා. එතකොට ජනාධිපතිතුමා වෙනත් හෙලිකොප්ටර් එකකින් එතැනට ඇවිල්ලා හිටියා.

එතුමා මාව දැකලා ‘ආ ලලිත් එන්න එන්න’ කියලා මට අඬගැහුවා. ඉතින් මට හරි ආඩම්බරයි. මම විතරයි බිස්නස්කාරයෙක් විදියට එතැනට ආරාධනා කරලා හිටියේ. මම හිතුවා හොඳ දෙයක් කියලා. මම එතුමා ළඟට ගියාම මට පෙනුණා එතැන හිටියේ යුද හමුදාවේ කට්ටිය විතරයි. ඒගොල්ලෝ පාරවල් හදනවා, හුඟක් වැඩ කරමින් හිටියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අප්පුඩියක් ගහලා කිව්වා ප්ලෑන් ටික ගේන්න කියලා. ආමි එකේ කට්ටිය ඇවිල්ලා ප්ලෑන් එකක් පෙන්නුවා. ඉතින් ජනාධිපතිතුමා මේ ප්ලෑන් එක බලනවා. මම ජනාධිපතිතුමාගේ පිටිපස්සේ ඉඳන් ප්ලෑන් එක දිහා බලනවා. ඉතින් ජනාධිපතිතුමා ඇහුවා මිලිටරි ලොක්කගෙන් කොහෙද මේ ස්ටේඩියම් එක කියලා. ‘මෙතැන මෙතැන’ කියලා විස්තර කළා. ‘කීයක් යනවද’ කියලා ඇහුවා.

‘මිලියන 90ක් යනවා’ කියලා කිව්වා. ‘ඇත්තට, එච්චර යනවද’ කියලා ජනාධිපතිතුමා කිව්වා. මම දැන් පිටිපස්සෙ ඉඳන් මේක බලාගෙන ඉන්නේ. ‘රනින් ට්‍රැක් එකට කොච්චර යනවද’ කියලත් එතුමා ඇහුවා. ‘මිලියන 10ක්’ යනවා කියලා ඔවුන් කිව්වා. මම මෝඩයෙක් වගේ කිව්වා ‘මම දෙකම ගන්නම්’ කියලා. මිලියන 100ක් මම එතුමාට දුන්නා මිනිත්තු 10කින්. ඒ වෙලාවේ මට හිතුණේ නෑ මාව කැඳෙව්වේ මේකටයි කියලා. මොකද මම විතරයි එතැන හිටියේ. ඒ වෙලාවේ එතුමා අත්පොළසන් දීලා හැමෝටම කතා කරලා ‘මේ තමයි දේශමාන්‍ය ලලිත් කොතලාවල, සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති, එතුමා මිලියන 100ක් දුන්නා මිනිත්තු 10කින්. අත්පොළසන් නාදයක් දෙන්න…’ කියලා කිව්වා. මමත් ඒ වෙලාවේ බොහොම සන්තෝෂ වුණා.

එතුමා මට කිව්වා ‘මගේ චොපර් එකෙන්ම යමු’ කියලා. දැන් අපි දෙන්නම වාඩිවෙලා ඉන්නවා. චොපර් එක දැන් ආයෙත් කොළඹ යන්න පිටත් වුණා. යනකොට ඇත්තෙන්ම මට පුදුම හිතුණා. එතුමාගේ ඇස්වලින් කඳුළු ආවා. එතුමා මාව බදාගත්තා. බදාගෙන කිව්වා ‘කවුද මට දෙන්නේ මිලියන 100ක් මිනිත්තු 10කින්…’ කියලා. මමත් බොහොම සන්තෝෂ වුණා. එතකොට ඔහු කිව්වා ‘මේකට දානවා දේශමාන්‍ය ලලිත් කොතලාවල ස්ටේඩියම් කියලා. ග්‍රවුන්ඩ් එකට දානවා කිව්වා මහින්ද රාජපක්ෂ කියලා. එතකොට රාජපක්ෂ සහ කොතලාවල නම් සදහටම මේ ග්‍රවුන්ඩ් එකේ තියේවි’ කියලා එතුමා කිව්වා.

ඊට පස්සේ අපි කොළඹට ඇවිල්ලා මට අරලියගහ මන්දිරයට ආරාධනා කරලා අපි දෙන්නා දවල් කෑම කෑවා. මම හිරේ ඉන්නකොට දවසක් මම ටී.වී. එක බලාගෙන ඉන්නවා. මම දකිනවා එතුමා විවෘත කරනවා අර ස්ටේඩියම් එක. වචනයක් කිව්වෙ නෑ ලලිත් කොතලාවල මිලියන 100ක් දුන්නයි කියලා. මගේ නම තිබුණේ නෑ ස්ටේඩියම් එකේ. මම හිරේ ඉන්නකොට. මේ වගේ දේවල් නිසා තමයි මගේ හිත කැඩිලා තියෙන්නේ. ඒත් මම වෛර කරලා, මේවා කියලා වැඩක් නෑ….’

අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

මේ රටේ වතුර ටික විකුණන්න යනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සීතල නුවරඑළිය මහරෑ රත්කළ සජබ ලයිට් බිල් විරෝධය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.