ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිය අමෙරිකානු සංචාරයේදී සිදුකළ කතා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ එදා අමෙරිකානු සහ ඉන්දීය විරෝධයක් මතුකළ ජවිපෙ අද අමෙරිකානු කොඩිය යටට වී කතා කිරීම යහපත් දෙයක් වුවද එදා ඒ විරෝධතා හේතුවෙන් විනාශ වූ ජීවිත සහ දේපොළ හානිවලට වගකියන්නේ කවුරුන්දැයි කියාය.
හැකි නම් අමෙරිකාවේදී කී දෙබිඩි කතා ලංකාවට පැමිණ පවසන ලෙසද අත්තනායක මහතා ඉල්ලා සිටියේය.
Sri Lanka Latest News










