• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක බැංකු නියෝජිතයන් තිරප්පනේ ස්මාර්ට් ගොවි පුහුණු පාසල බලන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News

October 30, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ලෝක බැංකු නියෝජිතයන් තිරප්පනේ ස්මාර්ට් ගොවි පුහුණු පාසල බලන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ.Sri Lanka Latest News

දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project -CSIAP) ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් ජනපද නිල සංචාරය අතරතුරදී ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සමඟ පැවැත්වු විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශගුණික හිතකාමී තිරසාර කෘෂිකාර්මික වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීමට අනුව ඒ පිළිබඳ සොයා බැලිම සඳහා ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ මහත්මිය පළමුවරට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, මාන්නම්කුලම ගම්මානයේ “දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසල” නමින් ගොවි පුහුණු පාසලක් පිහිටුවීමට දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන තිබේ. දේශගුණික සුහුරු කෘෂිකර්මය භාවිතයන් සහ අති නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගොවීන් වෙත ලබාදීම මෙම ගොවි පුහුණු පාසල මඟින් සිදු කරනු ලැබේ.

ඒ අනුව දේශගුණ සුහුරු වාරි කෘෂිකර්මය පිළිබඳ පුහුණුව ලැබූ ගොවීන්ට සහතික පත් පිළිගැන්වීම ද මෙහිදී ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව නියෝජිත පිරිස එක් වුහ.
අදාළ ප්‍රදේශවල කුඩා වතු හිමියන්ගේ සහ ගොවි පවුලවල ආදායම සැලකිය යුතු මට්ටමින් වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වී තිබෙන අතර රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.
මෙහිදී අදහස් දැක්වු ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ මහත්මිය කලාපයේ ගොවීන් සඳහා දේශගුණික විපර්යාස හා නවීන කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කෙරෙන පුහුණු පාසලක වැදගත්කම පෙන්වා දුන් අතර එම දැනුමෙන් ගොවීන් සන්නද්ධ කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද පෙන්වා දුන්නාය.

සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය වෙත ප්‍රවේශ වීම, අධික ලෙස ඩීසල් මත යැපීම අවම වීම සහ ස්ථාවර ජීවනෝපාය මාර්ග ඇති කිරීම මෙන්ම උසස් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමට දරුවන්ට අවස්ථාව ලැබීම, විවිධාංගීකරණය වූ තිරසාර බෝග අස්වැන්න, වඩා හොඳ පෝෂණයක් සහතික කිරීම මෙහි ප්‍රධාන ප්‍රතිලාභ ලෙස ඇය පෙන්වා දුන්නාය.

මෙම ව්‍යාපෘතියට සහාය දැක්වීමට ලෝක බැංකුවට හැකිවීම පිළිබඳ සතුට පළ කළ ඇනා බ්යාර්ඩේ මහත්මිය දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝග අවම කර ගැනීමට මෙවැනි ව්‍යාපෘතිවල ඇති වැදගත්කම ද පෙන්වා දුන්නාය.

ගොවි ජනතාවගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් යහපත් කිරීම සඳහා ධනාත්මක බලපෑම් එල්ල කළ හැකි අන්දම පිළිබඳ ලබා ගන්නා ආදර්ශයන් සහ අත්දැකීම් මත මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බවද ඇය සඳහන් කළාය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono), ලෝක බැංකුවෙ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකරු චියෝ කන්දා (Chiyo Kanda), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයෙහි (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Anjali Kaur), ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වොස් ((Faris Hadad-Zervos) ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයෙහි (JICA) දකුණු ආසියා ජ්‍යේෂ්ඨ උප සභාපති සචිකෝ ඉමෝටෝ (Sachiko Imoto) යන මහත්ම මහත්මීන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) යන ආයතනවල නියෝජිතයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ජීවිත 5ක් නැතිවෙලා මාසයක් ගියේ නෑ! ඩුප්ලිකේෂන් පාරේ තවත් ගහක් වාහන 3ක උඩට කඩන් වැටෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අමෙරිකන් කොඩිය යට ඉඳන් අනුර කරපු කතා ගැන සජබෙට ප්‍රශ්න ගොඩක්! එදා තිබ්බ අමෙරිකන්-ඉන්දීය විරෝධය අද කෝ? එදා විදේශ ආයෝජනවලට විරුද්ධ වෙලා දැන් ඕන කියනවා! ඒ කරපු විනාශයට කව්ද වගකියන්නේ? විදෙස් ණය ගෙවන්න සැලසුම් කරනවලු! පුලුවන්නම් එහේ කියපු දෙබිඩි කතා මෙහේ ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more
කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.