විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්න් මහත්මිය අතර සිය කාර්යාලයේදී ඵලදායී හමුවක් පවත්වන ලදී. Sri Lanka Latest News
ඔවුන් සමඟ එම හමුවට ශ්‍රී ලංකාවේ ජර්මන් කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ආයතනික කටයුතු/අපනයන ප්‍රවර්ධන ප්‍රධානී මලින්ත ගජනායක මහතා සහ සන්නිවේදන කළමනාකාරිනී කේශලා ඩයස් මහත්මියද එක්ව සිටියහ.
අවහිරතා ඉවත් කරමින් හා ද්වි-පාර්ශ්වික වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරමින් සිදු කෙරෙන සෘජු විදේශ ආයෝජන(FDIs) කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ජර්මන් ව්‍යාපාරයනට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතු සිදු කිරීමට සුභදායී වූ පරිසරයක් නිර්මාණය කිරීම කේන්ද්‍ර කොටගනිමින් එම සාකච්ඡාව පැවැත්විණි.
දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන එ්ම සහතික කරන්නාවූ සහයෝගිතා අවස්ථාවන් විමසා බලන අතර ආර්ථික වෘද්ධිය හා සමෘද්ධියද සුපෝෂණය කිරීම ඉලක්කගතව ඔවුහූ කටයුතු කරමින් සිටිති.
















