2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් ලබා ගැනීමට දරන උත්සාහයට සහාය දෙන ලෙස කතෝලික පල්ලිය ජිනීවා පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් (UNHRC) ඉල්ලීමක් කොට ඇත.Sri Lanka Latest News
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා ජිනීවාහි පැවති හමුවකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් නෂිෆ් වෙත මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම නිලධාරියා හමුවීමට කාදිනල් හිමිපාණන් සමඟ ජනාධිපති නීතිඥ ෂම්මිල් පෙරේරාද පැමිණ සිටියේය.
රජය විසින් යුක්තිය පසිඳලීම සඳහා නැවත නැවතත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස පෙනී සිටීම නිසා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම අපේක්ෂා කළ බව පල්ලියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ද අයිලන්ඩ් වෙත පවසා තිබේ.










