මෙවර අනාවරණ කරන්නේ ලන්සාගේ අලුත් සන්ධානයට අත්ව ඇති අලුත්ම ඉරණමය.Sri Lanka Latest News
මෙම සන්ධානය ගොඩලැගීම සදහා ලන්සා රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි ගොඩනැගිල්ලක දේශපාලන පක්ෂ කාර්යාලයක්ද විවෘත කිරීමට පියවර ගෙන තිබිණ.
නමුත් අලුත් සන්ධානයේ දේශපාලන කටයුතු වෙනුවෙන් ලන්සා රාජගිරියේ ලේක් ඩ්‍රයිව්හි ගත් ගොඩනැගිල්ල පසුගිය සතියේ වසාදැමීමට ලන්සා පියවර ගෙන තිබුණේ මේ වන විට ඊට පැමිණෙන මැතිඇමැතිවරුන්ගේ ගණන සහ පාක්ෂිකයන්ගේ ගණන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වීම හේතුවෙන්ය.
ඒ අනුව ලන්සාගේ නව දේශපාලන සන්ධානය ලත් තැනම ලොප්වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.










