• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් රෝයල් එකේ සිට සියලු දෙනාට එකතු වෙන්න යළි ආරාධනා කරයි! Sri Lanka Latest News

October 27, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
රනිල් රෝයල් එකේ සිට සියලු දෙනාට එකතු වෙන්න යළි ආරාධනා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලුදෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය. (Sri Lanka Latest News)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (27) පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක් වෙමිනි.

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ අතර කොළඹ රාජකීය විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවත් රාජකීයයන් සෑමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ බවත් කියා සිටියේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පාදනය කරන ලද කෘතියේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විදුහල්පති තිලක් වත්තුහේවා මහතා විසින් සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය

මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය ඉතා ඈතට දිවයනවා.මෙය ගඩොල් සහ බදාම වලින් පමණක් නිර්මාණය කළ ගොඩනැගිල්ලක් නොවෙයි. මෙය රටේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගිය සංකේතයක්.

අපේ රටේ මුල් අවධියේ දේශපාලනඥයන් වූ සී.ඒ. ලෝරන්ස්, රිචඩ් මෝගන්, මුතුකුමාරස්වාමි සහ ජේම්ස් ද අල්විස් යන සිවුදෙනාම රාජකීය විද්‍යාලයෙන් බිහි වූ අය. එපමණක් නෙවෙයි, ආනන්ද කුමාරස්වාමි, අනගාරික ධර්මපාල වගේ අය පවා මෙම විද්‍යාලයෙන් බිහි වුණා. ඒ වගේම සී. ඒ. ලෝරන්ස්, පී. අරුණාචලම් වැනි විශාල පිරිසක් මේ අතර සිටිනවා. මේ සියලුදෙනා දේශපාලන චරිත. ඉන් අනතුරුව පී. රාමනාදන් සහ ජේම්ස් පීරිස් වැනි චරිත මේ පාසලින් බිහි වුණා.
නමුත් අපි මතක තබාගත යුතුයි මේ සියලුදෙනා ශාන්ත සෙබස්තියන් පාසලෙන් බිහිවුණු අය. සර් ජෝන් කොතලාවල මැතිතුමා ශාන්ත සෙබස්තියන් පාසලෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කර පසුව මෙම ගොඩනැඟිල්ලේ කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම දක්වා එහි අධ්‍යාපනය ලැබුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට කිව්වා මෙහි විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු අධ්‍යාපන කටයුතුවල නිරත වුණා කියලා. එසේනම් අප සියලුදෙනා බිහි වුණේ මෙම ස්ථානයෙන්. මේ සියලුදෙනාම විවිධ ක්ෂේත්‍රවල මහඟු සේවයක් ඉටු කරපු සහ ඉටුකරන අයයි.

රාජකීයයන් සෑමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම ඉටු කළා. මෙහිදී මාෂ් පූජකතුමා සිහිපත් කළයුතුයි. ඒ වගේම මෙහි කටයුතු කළ සෑම විදුහල්පතිවරයෙක්ම සහ ආචාර්ය මණ්ඩලය මෙම විද්‍යාලය ඉදිරියට ගෙන ඒමට කැප වුණා. ඒ අතර සිටි ඇතැම් අය අද මෙම ස්ථානයේ සිටිනවා. විශේෂයෙන්ම අගමැතිතුමා සහ මම මෙහිදී ඩඩ්ලි සිල්වා මහතා සහ බෝගොඩ ප්‍රේමරත්න මහතාව විශේෂයෙන් සිහිපත් කළයුතුයි.

ඩඩ්ලි සිල්වා මහත්මයා හොඳ විදුහල්පතිවරයෙක්. ඒත් ඔහුට දුර්වල තැන් තිබුණා. එක වතාවක් ඔහු මට ගායනය ඉගැන්වීමට උත්සාහ කළා. නමුත් ඔහු අසාර්ථක වුනා. බෝගොඩ ප්‍රේමරත්න මහත්මයා බියගම ප්‍රදේශයෙන් පැවත එන පවුලකට අයත් කෙනෙක්. එතුමාගේ ඇසුර පසුකාලීනව මගේ දේශපාලන ජීවිතයේ සාර්ථකත්වයට හේතු වුණා. රාජකීය විද්‍යාලය කියන්නේ මේ රටට වැඩදායි පුද්ගලයන් ගොඩනැගු තැනක්. මෙම පාසල තුළ පුද්ගලයන් ගොඩනැඟෙන්නේ චරිතත් සමගයි.

පළමු ලෝක යුද්ධයේ සිට පැවති යුද්ධ වලදී මියගිය අය වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් මෙහි තිබෙනවා. රාජකීයයන් 380 දෙනෙකුගේ පමණ නම් එහි සඳහන් වෙනවා. ඒ අතරින් නම් දෙකක් මට සිහිපත් වෙනවා. ඒ මේජර් ජෙනරාල් ප්‍රනාන්දු සහ බ්‍රිගේඩියර් ජයතිලක යන අය. ඔවුන් සිටියේ අලිමංකඩ. ඒ මෙහොතේ අලිමංකඩ වටකරලා තිබුණා. ඔවුන්ට අයින් වෙන්න කියලා කිව්වා. එහෙත් ඔවුන් අනිත් අය යනකම් බලාගෙන සිට පිටුපසින් පැමිණියා. ඔවුන් පැනලා ගියේ නැහැ. ඔවුන් දෙදෙනාම වෙඩි වැදී මරණයට පත් වුණා. ඔවුන් රාජකාරිය නිසි ලෙසම ඉටු කළා. එය රාජකීයන්ගේ ලක්ෂණයක්.

අපි කවදාවත් පැනලා ගියේ නැහැ. ඒ නිසා තමයි අගමැතිතුමයි මමයි අද මේ කටයුතු කරගෙන යන්නේ. අපි දෙදෙනාම එකම පාසලේ. එකම පංතියේ. අපි දෙන්නටම ගෙයක් නැහැ. මට තිබෙන්නේ තාවකාලික නිවසක් පමණයි. අප අතීතය පිළිබඳ සිතමින් සිටිය යුතු නැහැ. අනාගතය ගැන සිතිය යුතුයි.
අපි කොහොමද මේ රටේ ආර්ථිකය ගොඩනඟන්නේ. ලෝකය වෙනස්වෙනවා. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අධ්‍යාපනය‍ රැඩිකල් ලෙස වෙනස් විය යුතු ආකාරය පිළිබඳ අපි සැලසුම් සකස් කරනවා.

අද කඳුකරයේ පාසලකට ගොස් බැලුවහොත් එම එක පාසලක සිටින්නේ සිසුන් 80ක් පමණයි. නමුත් ඔබේ පාසලේ සිසුන් 8000ක් සිටිනවා. සිසුන් 5000ට වඩා සිටින පාසල් කීයද තිබෙන්නේ. පාසල් 20-30ක් පමණයි. එසේනම් පාසල් කළමනාකරණයට අදාල නව ක්‍රමයක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.
නව අධ්‍යාපන ක්‍රමයක් සහ නව පාසල් කළමනාකරණයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අලුත් විශ්වවිද්‍යාල ඇති කර විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉහළ නැංවීමට අප අපේක්ෂා කරනවා.

අද මේ රටේ හොඳ පාසල් 50-100 ක පමණ ප්‍රමාණයක් අතර තරගයක් තිබෙනවා. එය යහපත් තත්ත්වයක්. මේ පාසල් 100න්ම බිහි වන්නේ එංගලන්තයේ හොඳම පාසල් වලින් බිහිවෙන සිසුන්ට සමාන දැනුමක් තිබෙන සිසු පිරිසක්.මොකද අපේ රටේ උසස්පෙළ විභාගය ලන්ඩන් උසස් පෙළ විභාගයට වැඩිය අමාරුයි.

අප අනාගතය දෙස අවධානය යොමු කළයුතුයි. නව තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක ක්‍රම සමඟ ඉදිරියට යා යුතුයි. ඒ වගේම අප නව ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යා යුතුයි. අපිට තවදුරටත් පැරණ ක්‍රමය අනුව ඉදිරියට යන්න බෑ.ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, දේශපාලනය වේවා මේ සියලු ක්ෂේත්‍රවලට නව සැලසුම් අවශ්‍යයි.

එසේනම් අලුත් ආර්ථිකයක්, අලුත් රටක් සහ අලුත් දේශපාලන ක්‍රමයක් සමග අප ඉදිරියට යා යුතුයි. අපි සියලුදෙනා එකතුව ඒ අලුත් රට හදමු. පාර්ලිමේන්තුවේ අප සියලුදෙනා එකට එකතුවෙලා මේ වෙනුවෙන් වැඩකරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලන වෙනස්කම් එලෙසම තබා ගනිමු. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මේ රට ගොඩනඟමු.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, සී.වී.විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ද රාජකීය විද්‍යාලයේ විදුහල්පති, හිටපු විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

කාලෙන් කාලෙට එළියට එනවා ඇතුළට යනවා! ඔන්න ආයෙත් එළියට ඇවිත්! ඩඩ්ලි සිරිසේන ලොකු චණ්ඩි කතාවක් කියයි! ‌හොඳින් හරි නරකින් හරි බේරගන්නවාලු! වැඩිය දැඟලුවොත් කාටදෝ සහාය දෙනවාලු! VIDEO I Sri Lanka Latest News

Next Post

දරුවො 6 දෙනාගේ කතාවෙ නොදන්න ඇත්ත මෙන්න I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.