• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑනු ළමයව දූෂණය කළේ බස් එකේ ගිය අයද? චැනල් එකේ කට්ටියද? I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවස්වල දිගින් දිගටම ස්ත්‍රී දූෂණ, තරුණියන් දූෂණයන් සම්බන්ධ ප්‍රවෘත්ති පළවෙන්න පටන් ගත්තා. ඇතැම් ඒවායේ කියැවුණා තරුණයන් පිරිසක් විසින් කාන්තාවක් දූෂණය කරලා වීඩියෝගත කරලා කියලා. ඒ වගේම බස් රථයක් තුළ සිදුවෙච්ච සිදුවීමක් ඊට වඩා කතාබහට ලක්වුණා. බස් රථය තුළ සිදුවූ සිදුවීම ගැන බොහෝ දෙනෙක් කතා කළේ හරිම වේදනාවකින්.(Sri Lanka Latest News)

මොකද, බස් රථය ඇතුළෙදී එක්තරා තරුණයෙක් විසින් සිසුවියක්ව දූෂණය කරනවා. ඒකට සහාය දක්වලා තියෙන්නේ බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයා විසින්. ඔවුන් බස් රථයේ දොරවල් සහ වීදුරු වහලා, තිර රෙදි දාලා, ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ වැඩිකරලා අදාළ තරුණයාට සිසුවිය දූෂණය කරන්න ඉඩ හදලා දීලා තිබුණා කියලා වාර්තා වුණා. මේක වාර්තා කළේ එක්තරා මාධ්‍යයක්. අපි ඉතින් හිරු, සඳු, තරු විශ්වාස කරන පරම්පරාවක් හින්දා අදාළ නාලිකාව සිදුකරපු මේ පුවත් වාර්තාව විශ්වාස කළා.

අපි හිතන්නේ රටක පිළිගත්ත ජනමාධ්‍යයක් විසින් කරන වාර්තා කිරීම් පැහැදිලි නියාමනයක් සහිතව, විශ්වසනීයව පළකරන ප්‍රවෘත්ති විදියටයි. හැබැයි මේ පුවතේ තියෙන්නේ සත්‍යයට වඩා අසත්‍ය බවත්, සිදුවීමේ රසය මතුකිරීම සඳහා බොහෝ නිර්මාණාත්මක සිදුවීම් ඊට එකතු කර ඇති බවත් සමාජ මාධ්‍ය ඇතුළේ වාර්තා වෙමින් යනවා. සමාජ මාධ්‍ය නියාමනයට අපේ රටේ නිසි වැඩපිළිවෙළක් නෑ කියන එක අපි දන්නවා. ඉතින් විශ්වාස කරන්න ඕනේ කාවද කියන එක අපට පැහැදිලි නෑ. ඒ නිසා අපි කතා දෙකම කියන්නම්.

පළමු කතාවෙන් කියන්නේ පාසල් වයසේ තරුණියක්ව පාසල් නිල ඇඳුම පිටින්ම බස් රථයක් තුළදී දූෂණයට ලක්වුණාය කියලා. ඇය දූෂණයට ලක්වෙන්නේ ඒ බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියැදුරාගේ අනුදැනුම හා උදව් ඇතිව. ඇගේ හඬ එළියට නොඇසෙන විදියට ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ වැඩිකරලා, ඇගේ රුව බාහිරට නොපෙනෙන ලෙස බස් රථයේ කර්ට්න් යොදා ආවරණය කරලා තිබුණු බවත් කියැවුණා. ඒක හරි භයානක සහ කනගාටුදායක සිදුවීමක්. ඒකට හේතුව තමයි පොදු ප්‍රවාහන සේවයක බස් රථයක හිමිකාරයෙක් ඉන්න පුළුවන්. බස් එක ප්‍රයිවට් වෙන්න පුළුවන්.

නමුත් ප්‍රවාහන සේවය පොදුයි. මිනිස්සු විශ්වාස කරන, මිනිස්සුන්ට යම් ගෞරවයක් තියෙන, මිනිස්සු ආරක්ෂිත යැයි විශ්වාස කරන පොදු ප්‍රවාහන සේවයක් ඇතුළේ තරුණියක් දූෂණයට ලක්වීම ඛේදජනකයි. ඒ ගැන කතාබහ කළ යුතුයි. ලෝකයේ මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඉන්දියාවේ සිදුවෙච්ච මෙවැනි සිදුවීමක් විශාල ආන්දෝලනයක් බවට පත්වුණා. එහි පිරිස වැඩියි සහ එහි ප්‍රචණ්ඩත්වය වැඩියි. නමුත් කාරණාව එකයි. ඒ නිසා ඒ ගැන අපි කතා කළ යුතුයි. නමුත් මේ වෙනකොට රට ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා තියෙන මේ සිදුවීම ගැන සමාජ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ වෙන විදියකට. ඒක ගැටලුකාරී සහ කලබලවෙනසුලු විදියේ වාර්තාකරණයක්.

ඔවුන් කියන්නේ මෙහෙම සිදුවීමක් වෙලා නෑ, ඒ සිද්ධිය වෙන්නේ වෙන විදියකට කියලා. මේ තරුණයා සහ තරුණිය අතර තියෙන ප්‍රේම සම්බන්ධතාවක් යැයි උපකල්පනය කරන්න පුළුවන් සම්බන්ධතාවක් නිසා ඔවුන් දෙන්නා නිතරම බස් රථයේ පිටිපස්සේ මුල්ලේ ඉඳගෙන යනවා. එක වෙලාවක බස් රථයේ කොන්දොස්තර කියනවා දූවිලි නිසා ජනෙල් වහනවා කට්ටිය ඉස්සරහට එන්න කියලා. අපි දන්නවා ජනෙල් වහන වෙලාව තමයි පෙම්වතුන් බලාපොරොත්තු වෙන සුන්දරම වෙලාව කියලා. ඔවුන් ඒ වෙලාවේ ඉස්සරහට එන්නෙ නැතුව මුල්ලටම වෙලා හිටියා කියලා තමයි කියන්නේ. පෙම් මුල්ල කියලා එකක් බස් රථවල තියෙනවනේ.

බස් රථය ගමනාන්තයට ගිහින්, මගීන් සියලු දෙනාම ඉන් බැහැලා ගියාට පස්සේ නැවත තරුණියගේ නිවෙස අසලට මේ බස් රථය එනතුරුම මේ යුවල බස් රථයේ පෙම් මුල්ලට වී ප්‍රේම ආලිංගනවල යෙදුණු බව තමයි කියන්නේ. තරුණ පෙම්වතුන් මේ විදියට යන එන බස් රථ ඕනෙ තරම් අපේ රටේ තියෙනවා කියලා අපි දන්නවා. බස් රථය පිටත්වෙලා, ගමනාන්තය දක්වා ගිහින්, නවත්වා තිබුණු බස් රථයේත් ඒ පෙම් යුවල ඉඳලා, නැවත ඒ බස් රථයේම ඔවුන් පැමිණෙන කතන්දර අපි පුංචි කාලෙ අහලා තියෙනවා. ඉතින් මේකත් එහෙම සිදුවීමක් කියලා තමයි කියන්නේ.

කොහොම වුණත් මේ තරුණියගේ සිද්ධිය ඇගේ නිවෙසට ආරංචි වීමත් එක්ක ඇතිවන කලබලය තමයි වෙනත් චිත්‍රයක් සහිතව මාධ්‍යවල පළවෙන්නේ කියලා කියනවා. එහෙම වෙන්න පුළුවන්ද කියන එක අපට ලොකු ප්‍රශ්නයක්. මොකද මාධ්‍ය කියලා කියන්නේ තමන්ට ඕනෙ ඕනෙ දේවල් කියන්න පුළුවන් තැනක් නෙවෙයි. පොලිසියෙන් අහන්න, රෝහලකින් වාර්තා කැඳවනවා නම් ඒ රෝහලෙන් තොරතුරු ලබාගන්න, වෙනත් ආකාරයකට සනාථ කරගත හැකි මූලාශ්‍ර තියෙනවා නම් ඒවායෙන් තොරතුරු විමසන්න මාධ්‍යයට වගකීමක් වගේම යුතුකමකුත් තියෙනවා.

ඒ වගකීමත්, යුතුකමත් දෙකම ඉෂ්ට නොවෙනවා නම් අපිට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියලා තමයි ආයෙමත්. හැබැයි අපි මේ සිදුවීම පිළිබඳ දන්නා හෝ විශ්වාස කළ හැකි හෝ තොරතුරු සහිත පාඨක ඔබනේ ඉල්ලා සිටිනවා, ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබ දන්නා කතාව අපට කියන්න කියලා. අපිට මේ හැම සිද්ධියකම තාර බර ඇරලා, අවසාන කාරණාව මතුකරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඇයි මාධ්‍ය මේ විදියට ක්‍රියා කරන්නේ කියන එක ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කොහොම නමුත් මේ විදියේ ක්‍රියාකාරකම් මාධ්‍ය තුළ සිද්ධ වෙන බව පත්තරකාරයෝ විදියට අපිත් පිළිගන්නවා. ඒක නිසා අපිට බෑ මාධ්‍ය පැත්ත ගන්න. අපට බෑ මාධ්‍ය හරියි කියලා කියන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහා ඝන කැලෑවක සැඟවුණු බුදු පිළිම, බුදුපටුන සොයා ගිය ගමන I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිවරු-මන්ත්‍රීවරු නාමල්ගේ ගෙදර හදිසියේම රැස්වෙයි! අයවැය ගැන දැඩි තීන්දුවක් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.