• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා ඝන කැලෑවක සැඟවුණු බුදු පිළිම, බුදුපටුන සොයා ගිය ගමන I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව බුදු දහම සමග දැඩි සම්බන්ධතාවක් ඇති රටක් ලෙස සැලකෙන අතර, ඊට අප අසල්වැසි ඉන්දීය රාජ්‍යයේ බලපෑම් සහ ඓතිහාසික වශයෙන් රාජ්‍ය තන්ත්‍රවල සිදුවූ සිද්ධීන් මගින් මහාවංශය සක්‍ෂි දරයි. අනුරපුර හා පුලතිසිපුර රාජධානි කාලවල සිට ලංකාවේ සතර දිග්භාගය පුරා බුදු දහම ව්‍යාප්ත වීම සහ ඒ ආශ්‍රිත ජන සමාජයේ ගොඩනැගීම හෙළ රාජ වංශයේ විවිධ පරිචයන් තුළින් මනාවට පැහැදිලි වේ.(Sri Lanka Latest News)

විශේෂයෙන්ම බුදු පිළිම නෙළී​මේ කලාව ලාංකේය ජන ජීවිතය හා සමීප වීම තුළ ආගමික නැඹුරුව වැඩි වීමට හේතු සාධක විය. ලංකාවේ විවිධ ප්‍රදේශවල බුදු පිළිම නෙළා ඇති අතර, අතීතයේ රජ දරුවන් පාෂාණ කුට්ටි මත නොදියුණු යුගයක හරි අපූරුවට ඒවා නෙලූ බව ප්‍රශංසනීය ව​ගේම පුදුමය දනවන සුලුය.

මෙම හෙළ බුදුපිළිම කලාව බොහෝ විට ථෙරවාදී බුදුදහමට උරුමකම් කීවද යම් යම් ස්ථානවල මහායාන බුදුදහමේ ආභාෂය හුවා දක්වන බුදු පිළිමද හමුවී ඇත. ඉන් බුදුරුවගල ඉමහත් ප්‍රචලිත වන අතර ඊට සමගාමීව වෙනත් සැලකිය යුතු සාක්‍ෂියක් ​බොහෝ විට බොහෝ දෙනෙක් නොදනිති. ‘බුදු පටුන’ යනු එලෙස මහායාන බුදුදහම පිළිබඳ වැදගත් සාක්‍ෂියක් හමුවන ස්ථානයකි. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කට්ටුව ඇති වට්ටාරම විහාරස්ථානයට නුදුරින් පිහිටි කොටියාගල ගම්මානය ශුෂ්ක කලාපීය පරිසරයක් ඇති ලාහුගල හා යාල වනභූමි සීමාවලට සමීප ගම්මානයකි.

විලඔය මගින් පෝෂණය කරන, ගොයම් හා බඩඉරිඟු වගාව ජීවනෝපාය කරගත් ගැමි දිවි​f​පවෙතක් ඇති එම ප්‍රදේශයේ ජනතාව පවා නොදන්න අබිරහස් ඔවුන් අසල තිබේ. එය නමින් ‘බුදු පටුන’ වේ. විලඔය ඝන කැලයක් මැදින් ගලාගෙන ගොස් පානමින් මුහුදට වැටන අතර අලි, කොටි, වලසුන් සේම වල් ඌරන්, මුවන්, ගෝනුන් වාසය කරන සක්‍රීය ශුෂ්ක වන පියස තුළ එක් ඉසව්වක පිහිටි දැවැන්ත ගල් පර්වතයක් මත නෙලූ පිළිම වහන්සේ තුන් නමක් පිහිටි ඉසවුව ‘බුදු පටුන’ යැයි හඳුන්වයි.

ඈත අතීතයේ මහායාන දහම පිළිබඳ ප්‍රසිද්ධ වූයේ අභයගිරිය වූ අතර චීන ජාතික ෆාහියන් භික්‍ෂුව සිරිලකට පැමිණි පසු ප්‍රථමයෙන් වැඩම කළේ අභයගිරියට බව සඳහන්ය. මන්ද චීනය හා ජපානය මහායාන ධර්මය ආශ්‍රිත වැදගත් දේ වන හෙයිනි. එකල අභයගිරියේ භික්‍ෂුන් වහන්සේලා 5,000ක් පමණ වැඩ සිටි බව සඳහන්ය.

අනුරාධපුර හා පොලොන්නරු යුගවල වැඩි වශයෙන් හිටි පිළිම, සැතපෙන පිළිම, ඔත් පිළිම, වැඩහිඳින පිළිම දක්නට ලැබුණද ඒවා බෙ​ාහෝ විට ථෙරවාදී දහමට නැඹුරු ඒවා විය. නමුත් 2014 වර්ෂයේදී අනුරාධපුර අශෝකාරාම පුරාවිද්‍යා භූමියෙන් ඕවාලාකාර මැටි ඵලකය ඉතා සියුම්ව නෙලූ මහායාන බුදු පිළිමයක් හමුවූ අතර, එය භූම් ස්පර්ශ මුද්‍රාවෙන් පද්මාසන ඉරියව්වෙන් නිරූපණය විය. එය මහායාන ධර්මයට අයත් ඉන්දියාවේ අමරාවතී කලා ශෛලිය පිළිබිඹු කරන්නක් වූ අතර, ඇතැම් විට එය පූජා භාණ්ඩයක් ලෙස අතීතයේදී මෙරටට ගෙන එන ලද්දක් බව නිගමනය කර තිබිණි.

ඊට අමතරව ලංකාවේ මහායාන දහම වඩාත් දැකිය හැක්කේ මොනරාගල වැල්ලවායේ පිහිටි ‘බුදුරුවගල’ වේ. ක්‍රි.ව. 7-9 වර්ෂවලට අයත් මහායාන පිළිම ලෙස පිළිගත් මේවා සප්ත මහායාන මූර්ති ලෙස හඳුන්වයි. මෙහි මධ්‍යයේ ප්‍රධාන බුදුරුවට අමතරව දෙපසින් පරිවාර පිළිම තුන බැගින් පිළිම සයක් දක්නට ලැබේ. අඩි 50ක් පමණ උසැති ප්‍රධාන බුදු රුවට පසෙකින් අවලෝකිතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට තාරා දේවියගේ හා සුධන බෝසතුන්ගේ ප්‍රතිමා දෙකක්ද, අනෙක් පසින් මෛත්‍රී බෝසතුන් මැදිකොට වජ්රුපාණි බෝසත් රුවක් හා හඳුනා නොගත් වෙනත් රුවක්ද දක්නට ලැබේ. පවතින තනි කළු ගලක ඉදිරියට නෙළා ආ ලෙස නෙළා ඇති මෙම බුදු පිළිම අතර මධ්‍යයේ පිහිටි පිළිමය අර්ධ උන්නතියට ගලෙහි ඉස්මතු​ කොට හුණු බදාමයෙන් සිවුර රැළි ගන්වා නෙළා ඇත.

මිනිසා අදහන දෙවියන් වැඳුම් පිදුම් කිරීමේ අදිටනින් පිළිම නෙළීම ඇරැඹි අතර ලොව පළමු බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමා නෙළීමේ ගෞරවය හිමිවන්නේ භාරතීය කලාකරුවාටයි. භාරතය බුද්ධ ප්‍රතිමා නෙළීම ඇරඹූ අතර ඊට එවකට පාලකයන් වූ බිම්බිසාර සහ අශෝක රජු ඉමහත් දායකත්වයක් සපයන ලදී. බුදුන් පරිනිර්වාණයෙන් සියවස් 5ක් පමණ යනතුරු කිසිදු බුදුරුවක් පිළිමයකට ගොඩනැගුණේ නැති නමුත් ඉන්පසු මිනිස් රුවට සමාන අයුරින් බුදු පිළිම නෙළීමට පටන්ගෙන ඇත. ගන්ධාර හා මථුරා කලා සම්ප්‍රදායන් සමාරම්භය භාරත ඉතිහාසයේ වැදගත් කාලයන්වන අතර ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් පසු කනිෂ්ක රජුගෙන් ඊට මහත් රුකුලක් අත්විය.

කෙසේ නමුත් බුදු පිළිම නෙළීම කලාවට ග්‍රීක පිළිමවල යම් සම්භවයක් ඇති බව බුද්ධ ප්‍රතිමා අධ්‍යයනයේදී පැහැදිලි වෙයි. ඇපලෝ දෙවියාගේ හිසට සමානකම් ලෙසත්, කෙස් ​රොද, අස්වාභාවික කෙටි පාද හා අත් සංවරව සිරුරට ළංව තිබීම හා කෝමල සිරුර ආදී ලක්‍ෂණ පහසුවෙන් හඳුනාගත හැක. නමුත් ඇෆ්ගනිස්තාන් හා තලේබාන්හි සොයාගත් පිළිම ඊට යම් විරුද්ධ වෙනසක් සහිත විය.

මහායාන සංකල්පයට අනුව බුදුරදුන් අනෙක් පුද්ගලයන්ට වඩා ශරීරයෙන් විශාලය. ඒ අනුව ගන්ධාර කැටයම්වල ඒවා මානව රූප අතුරින් පැහැදිලිව හඳුනාගත හැකි ලෙස තිබුණි. තවද පරිවාර පිළිම දෙකක් හෝ වැඩි ගණනක් පිහිටා තිබීම තවත් ලක්‍ෂණයක් විය. බුදුදහම මහායාන ලෙස බෙදීමට හේතු වූයේ කාලාශෝක රජු සමයේ පැවැති දෙවැනි සංගායනාවේදී වජ්ජි දේශයේ විසූ ඇතැම් භික්‍ෂු පිරිසක් අකැප කරුණු 10ක් කැප යැයි ප්‍රකාශ කිරීමෙනි.

මෙම කරුණු අකැප බව දෙවැනි සංගායනාවට සම්බන්ධ වූ මහරහතන් වහන්සේලා විසින් තීරණය කෙරුණද ඊට ප්‍රතිපක්‍ෂ වූ භික්‍ෂුන් වහන්සේ දහසක් නමක් වෙනම සංගායනයක් පැවැත්වූ බවත් එම අවස්ථාවට මහායාන බුදු සමයේ මූලාරම්භය බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. තවද පසුකලෙක වෛතුල්‍යවාදය මත පදනම් වූ වෛතුල්‍යවාදීන් මහායානික බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා අදහස් දක්වා ඇති අතර ලාංකේය මහායාන දහම අධ්‍යනයේදී අපට හමුවේ.

ථෙරවාදී බුදු දහම ප්‍රකට අප දේශය තුළ මොනරාගල ආශ්‍රිතව පිහිටි බුදුරුවවලත් බුදුපටුනත් අතර යම් ඓතිහාසික අබිරහසක් සඟවා ඇති බව නිගමනය කළ හැක. තවද බුදු පටුන යනු තවමත් සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණය නොකෙරූ ස්ථානයක් වන අතර, එම ස්ථානයට ළඟාවීමද විටෙක මරණාසන්න අත්දැකීම් ලැබිය හැකි ගමනකි. කොටියාගල ගම්මානය කෙළවරින් ගලායන විල ඔයට පැමිණ ගඟ දිගේ ගඟ ගලන දකුණු දෙසට කි.මී. 15ක් පමණ යා යුතුය. වර්ෂා කාලවලදී ගංදිය පිරී පවතින බැවින් ළඟා වීම කළ නොහැක.

නමුත් වැසි රහිත කාලවලදී වැල්ල පෑ​දෙන තෙක්ම විල ඔය සිඳෙන නමුත් බොහෝ ස්ථානවල අඩි දෙක තුන ගැඹුරට ගඟේ වතුර පිරුණු ස්ථාන දක්නට ලැබේ. ගඟ දෙපස මහා වනාන්තරය වන අතර, එහි ප්‍රධාන මාංශ භක්‍ෂක සතුන් යුගලයක් වන වලසා සහ කොටියා (පන්තෙර පර්දාස් කොටියා) වාසය කර ඇත. වන අලිද බහුල වන අතර, ගං දියේ මිනීමරු කිඹුලන්ද වාසය කරන බව මතක තබාගන්න.

කොක්කුන්ගේ ආර පසු කොට තවත් ගඟ දි​ගේ යන විට පැහැදිලිව හඳුනාගත හැකි ගලක් ප්‍රබල මං සලකුණක් ලෙස හමුවේ. ‘ගොයම් කොලේ ගල’ ලෙස හඳුන්වන එම ස්ථානය ගමනේ අවසානය වන අතර, ඊට නුදුරින් පිහිටි කැලයට පිවිස ‘බුදු පටුන’ නම් බුදුපිළිම පිහිටි මෙම ස්ථානය දැකගත හැකිය. වර්ෂ 1985 දී ප්‍රථම වරට මෙම පිළිම ගවේෂණයේ යෙදුණේ ජපන් කණ්ඩායමක් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසක් පමණි.

එම ජපන් කණ්ඩායම යනු හෝ සෙයි සරසවියේ පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් වූ අතර, ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්වය මත බුදුපටුන ගවේෂණයේ එවකට ඔවුන් යෙදුණි. එහිදී එම බුදු පිළිම තුනෙහිම හිස් පැහැදිලිව තිබූ අතර, ගල් පර්වත නෙරා එන ලෙස නෙළා තිබූ එම පිළිම පිහිටි ප්‍රදේශය පිරිසිදු ​කොට ලබාගත් ඡායාරූපවලින් පැහැදිලි වේ. තවද එහිදී පරිවාරි පිළිම දෙක බඳ කොටස හා දෑත් යම්තාක් පැහැදිලිව තිබුණද නැවත 1992 වසරේදී​ මෙම පිළිම නැවතත් ජපන් පුරාවිද්‍යා කණ්ඩායමක් සමගින් ලාංකේය පුරාවිද්වතුන් ගොස් බලනකල ඒවා යම්තාක් දුරකට නිදන් හොරුන් මගින් විනාශ කොට තිබිණි.

වසර 7කට පසු නැවතත් බුදුපටුන වෙත යන විට නිදන් හොරුන් වම් පස පිහිටි බෝධිසත්ව පිළිමයේ හිස කඩා දමා තිබූ අතර, ප්‍රධාන බුදුරුවේ හිස විනාශ කොට තිබිණි. තවද පිළිමවල දෑත් සහ බඳ කොටසද විනාශ වීමකට ලක්ව තිබූ අතර, මධ්‍යය පිළිමයේ සිවුරු ​කොටසද අර්ධ විනාශයට ලක්ව තිබී ඇත. කෙසේ නමුත් අද වන විට වම් පස බුදුපිළිම හා මධ්‍යම බුදුරුවේ හිස් මුළුමනින්ම විනාශ වී තිබූ අතර, සිවුරද විනාශ ​කොට තිබිණි. දකුණු පස බෝධිසත්ව පිළිමය පමණක් පැහැදිලිව හඳුනාගත හැකි මුහුණු තිබූ අතර, පරිවාර පිළිම යුගලයේ පාද කොටසද පැහැදිලිව තිබිණි.

පරිවාර පිළිම දෙකට ඉහළින් ගල් ආවරණ තිබෙන අතර, වම් පිළිමයට පසෙකින් පිළිම නෙලූ ප්‍රදේශයේ අවසන් කර ඇති බවට හඳුනාගත හැකි ලෙස කොටස වෙන්කර තිබේ. ගල් පර්වතය නෙළමින් බුදුපිළිම වහන්සේ මතු කරගෙන ඇති අතර මෙපමණ දුෂ්කර වන පියසක මෙලෙසින් බුදු පිළිම නෙළා තිබීම අබිරහසක් බව අප සමග ගිය ගම්වැසියකු පැවැසුවේය. වට්ටාරාම පුදබිමද පුරාවිද්‍යාත්මක වැදගත් සාක්‍ෂි හමුවූ ස්ථානයක් වන නමුත් මෙම බුදු පටුන පිහිටියේ ඊට කි.මී. 20ක් පමණ දුර විලඔය හරහා ගොස් පිහිටි ඝන මූකලානේය. කිසිදු ජනාවාසයක් පිළිබඳ කිසිදු සටහනක් හෝ සාක්‍ෂියක් එම ප්‍රදේශයේ හමුවී නැති අතර, ගමේ පැරැන්නන් පවසන පරිදි ඔවුන්ගේ පරම්පරා කිසිවක් එපමණ ඝන කැලයේ ජීවත් නොවූහ.

බුදුරුවගල දෙපස පිහිටි මූර්ති තුන්වැනිම පිහිටි බුදුපටුනේ පිළිම තුළ ප්‍රධාන බුදු රුවට දෙපසින් පිහිටියේ අවලෝකිකේෂ්වර බුද්ධ ප්‍රතිමා වීම විශේෂත්වයකි. බුදුපටුන පිළිබඳ පුවත්පතක පළවූ මුල්ම ලිපිය ඉරිදා ලංකාදීප පුවත්පතේ 1993 වසරේ සැප්තැම්බර් 12 වැනිදා පළවූ අතර, එහිදී බුදුපටුනේ ඡායාරූප ප්‍රථමයෙන්ම දේශයට අනාවරණ කෙරුණේ රත්නපුරේ ජයන්ත විජේරත්න හේරත් මහතා විසිනි. ඒ, ජපන් මිත්‍රත්ව පදනම යටතේ කළ දෙවැනි ගවේෂණයෙන් මාස කිහිපයකට පසුවය.

කෙසේ හෝ මයායාන බුදුදහම මොනරාගල ආශ්‍රිතව බහුල වශ​යෙන් ව්‍යාප්ත වී තිබුණේද එසේ නම් ඊට තවත් නිදසුන් බුදුපටුන ආශ්‍රිත වනපෙතේ සැඟව තිබේද යන්න තවමත් අබිරහසකි. මන්ද බුදුරුවගල හා බුදු පටුන පිළිම තුළ යම් සමානත්වයක් දක්නට ඇති හෙයිනි. මන්ද බුදුරුවගල හා බුදුපටුන පිළිම තුළ යම් සමානත්වයක් දක්නට ඇති හෙයිනි. මහායාන ධර්මය එහි පැවැතියේ නම් දක්‍ෂිණ වෙරළබඩින් ධර්මය පැමිණ දක්‍ෂිණාශ්‍රිතව පමණක් ව්‍යාප්ත වූයේද එසේ නැතිනම් නැගෙනහිර මුහුදින් ඉන්දුනීසියා සංක්‍රමණ හෝ ඉන්දුනීසියානු/ජපන් නාවික මංසන්ධියක් තුළ පිහිටි නිසා මහායාන ධර්මයේ යම් සමීපත්වයක් නැගෙනහිර තිබුණේද යන්න තවමත් විශ්ලේෂණය කර නොමැත. තවද ලංකාවේ මහායාන මධ්‍යස්ථාන වශයෙන් අභයගිරිය, මිහින්තලය, දක්‍ෂිණ ගිර, අනුරපුර විජයාරාම, මාතලේ නාලන්ද, ගෙඩිගේ, මහනුවර නාථ දේවාලය හා සබරගමු සමන් දේවාලය ආදී ප්‍රකට ස්ථාන වේ. ​ඊට අමතරව බුදුරුවගල හා බුදු පටුනද පවතියි.

ලංකාවේ භික්‍ෂූන් හා බුදුදහම ආශ්‍රිතව අධ්‍යයන කරන බොහෝ විද්වතුන් තවමත් ‘බුදුපටුන’ පිළිබඳ දන්නේ නැත. අවට ගම්මානවල පිරිස හෝ කොටියාගල අවට පිහිටි විහාරස්ථානවල භික්ෂුන් පවා තවමත් බුදුපටුනට ගොස් එම පිළිම වහන්සේලා දැක නොමැත. එසේම මොනරාගල හා ගලබැද්ද පුරාවිද්‍යා කාර්යාලයේ පිරිස පවා මෙම ස්ථානය ගැන නොදන්නා බව අප විමසීම් කළ විට දැනගත්තෙමු.

එසේ නම් ජපන් කණ්ඩායමකට මීට වසර 32කට පමණ පෙර මෙම ස්ථානය පිළිබඳ දැනගත්තේ කෙසේද? ඔවුන් සිදුකළ ගවේෂණවල නිගමනයන් මොනවාදැයි සඳහනක් සොයාගත නොහැක. අතීතේ සජීවීව දැකගත හැකි වන්නේ ඝන වනාන්තරයක සැඟව තිබෙන බුදු පිළිම වහන්සේලා පමණි. නමුත් ඒවාද කාලයාගේ ඇවෑමෙන් නිධන් හොරු සහ ජාවාරම්කරුවන් විනාශ කරමින් පවතියි.

බුදු පටුන වෙත යන ගමන ඌව පළා​තෙන් ආරම්භ කළද බුදු පටුන භූගෝලීය ලෙස පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ කුඩුම්බිගල අභයභූමියේ උතුරු සීමාවට වන්නට පිහිටි දැවැන්ත වනපියස මධ්‍යයේය. ඊට අසල්වැසි වන්නේ ලාහුගල වනෝද්‍යානය වේ. බුදුපටුන පිහිටි ප්‍රදේශයේ දැවැන්ත වළවල් හාරා ඇත. නිදන් හොරුන් විසින් එම ප්‍ර​දේශය දැඩි ලෙස කැණීම් සිදුකරනු ලැබ ඇති අතර නිශ්චිතවම පැරැණි යැයි කිව නොහැකි යම් නටබුන් අවට දැකගත හැක. බුදුපිළිම නෙළා ඇති ගලේම පාද පිහිටියේ වේදිකාවක වැනි ලෙසය. දැවැන්ත රූස්ස ගස්වල කොළ වැටී ප්‍ර​දේශයන් පිළිම වහන්සේලාත් වසාගෙන තිබූ අතර ඒ සියල්ල පිරිසිදු කළ පසු පිළිම නෙලූ ආකාරය හා සබැඳි කැටයම් පැහැදිලිව දැකගත හැක. නමුත් බෙ​හෝ ස්ථාන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබිණි.

මහ වනයක වැනසෙමින් පවතින ‘බුදු පටුන’ ලංකාවේ මහායාන බුදුදහමේ සම්බන්ධතාව කියාපාන තවත් කදිම උදාහරණයකි. නමුත් නිදන් හොරුන් සහ ගංජා හේන් වගාකරුවන්ගේත් අනවසර ගස් කපන්නන්ගේත් ඇසට හසුවීම නිසා අකාලයේ වසර 32ක් තුළ ක්‍රමිකව විනාශයට ලක්විණි. තවදුරටත් මේවා සංරක්‍ෂණය නොවුණහොත් තවත් වසර කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම මේවා විනාශ වී යනු ​​නොඅනුමානය. මේ අවට කැලය තවදුරටත් නිරීක්‍ෂණය කරන්නේ නම් තවත් නටබුන් හෝ සාධක හමු විය හැකි අතර ජනාවාසයක් ඈත අතීතයේ නොතිබූ මෙලෙස බුදු පිළිම නිර්මාණය විය නොහැකි හෙයින් තවත් මානව ශිෂ්ටාචාරයක සාක්ෂි හා ​තොරතුරු සොයා ගත හැකි බව ගවේෂණයේ​ යෙදුණු අපට පැහැදිලි විය.

ලංකාවේ නොවිසඳුණු අබිරහස් ගොන්නට බුදු පටුනද අයත් වන අතර බුදු දහමේ මහායානික බලපෑම් ඌව පළාතේ මොනරාගල ආශ්‍රිතව තදින් ව්‍යාප්තව තිබූ බවද බුදුරුවගල හා බුදුපටුනේ පැහැදිලි සාක්‍ෂි මගින් සනාථ කරගත හැක. නමුත් ක්‍රමවත් පුරාවිද්‍යා ගවේෂණයක් බුදුපටුනට අවශ්‍ය වේ. මන්ද නිදන් හොරු හෑරූ වළවල් සහ අසල පිහිටි වෙනත් වළවල් ආශ්‍රිතව යම් නටබුන් තිබිය හැකි බව අප දුටු අතර ප්‍රදේශය තුළ පවතින පාරිසරික රටාවද යම් ආකාරයක ගුප්ත බවක් ඉසිලීය.

සමස්ත ගමන පුරා මාංශ භක්‍ෂක සතෙකු මුණ නොගැසුණද ගඟ දිගේ කොටින්ගේ, අලින්ගේ පාසලකුණු ඕනෑතරම් දක්න ලැබුණි. ගස් මත පහුරු ගාමින් නැගගත් වලස් සලකුණද වල් ඌරන්ගේ සලකුණු හා ගෝන්නුගේ මළකුණුද අපට දක්නට ලැබිණි. ‘බුදු පටුන’ අබිරහස් සොයාගෙන ලාංකේය බුදු දහම් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලිවීමට හැකි වෙතැයි අපේක්‍ෂා කළ අපි පුරා දොළොස් පැයක ගමන නිමාවට පත්කරමින් නැවතත් කොටියාගලට පැමිණියෙමු.

අන්තර්ජාලය ඇසුරිණි

SendShareShare
Previous Post

දියසෙන් කුමරුගේ පැමිණීම ගැන ඉන්දියානු ඍෂිවරයෙක් අනාවැකි පළකරයි I Sri Lanka Latest News

Next Post

ගෑනු ළමයව දූෂණය කළේ බස් එකේ ගිය අයද? චැනල් එකේ කට්ටියද? I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.