• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කමාන්ඩෝ ගේමක් දුන්න අවුරුදු 16 කෙල්ල I Sri Lanka Latest News

October 26, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට ටික කාලෙකට කලින් අපි දැන් මේ ඉන්න ගෙදරට පස් කන්දක් කඩාගෙන එනවා. ඒ පස් කන්දට ගෙදර සියලු දේම යටවෙනවා. මෙතැන තියෙන්නේ ඇඳක්. ඒ ඇඳ උඩ අම්මා කෙනකුයි, පුංචි දියණියකුයි වාඩිවෙලා ඉඳලා තියෙනවා.(Sri Lanka Latest News) ඒ දෙන්නම පණ පිටින්ම ඒ මහා පස් කන්දට යටවෙනවා. ඒ සිදුවීම දකින ඒ පවුලේ තවත් දියණියක් මොන විදියට හැසිරෙයිද? ඇය කොහොම ඒක දරාගනීවිද?

අපි සුපිරි වීරයෝ ගැන අහලා තියෙනවා. එහෙම කියද්දී අපට සුපර් මෑන්, හල්ක් වගේ චිත්‍රපට වීරයන්ව මතක් වෙනවා. නමුත් අද අපි කතා කරන්න යන්නේ එහෙම වීරයෝ ගැන නෙවෙයි. පුංචි වීරවරියක් ගැනයි අපි කතා කරන්නේ. ඇගේ නම සුබෝධා සෙව්වන්දි. 11 වසරේ අධ්‍යාපනය ලබන්නේ.

සුබෝධා දුවේ, මේ සිද්ධිය එදා සිදුවුණේ කොහොමද?

අම්මයි නංගිලා දෙන්නයි ඇඳ උඩ ඉඳගෙන හිටියා. එක පාරටම උඩින් වතුර පාරක් එනවා වගේ සද්දයක් ආවා. මේ පැත්තෙන් කොහොමත් වතුර එන සද්දෙ ඇහෙනවා නිතරම. මම හිතුවේ වතුර පාර එනවා කියලා. ඒ වුණාට එක පාරටම දඩාස් ගාලා සද්දයක් ඇහුණා. ඒත් එක්කම බිත්තිය ඉරිතැලුවා. එතකොට මම කෑගහලා අම්මට කිව්වා ‘බිත්තය කැඩෙනවා ඉක්මනට දුවගෙන එන්න’ කියලා.

ඒත් එක්කම මම ලොකු නංගිව ඇදලා කාමරේට දාලා අම්මගෙයි නංගිගෙයි අතින් අල්ලගෙන එනකොට මගේ අතට ගලක් වැටුණා. බිත්තියක් කඩාගෙන වැටිලා අම්මගෙ පපුව ගාවටම ගල් පිරුණා. අම්මයි නංගියි සම්පූර්ණයෙන්ම යටවුණා. චූටි නංගි පේන්නවත් හිටියේ නෑ. අම්මගෙ ඔළුව විතරයි පෙනුණේ. මම අම්මා වටේ තිබුණු ගල් ටික අයින් කරලා නංගිව හොයන්න පටන් ගත්තා. මම ගඩොල් දෙක තුනක් අයින් කරනකොට නංගිගෙ කොණ්ඩේ පේන්න පටන්ගත්තා. ඊට පස්සේ තමයි ගල් ටික අයින් කරලා නංගිව ගොඩට ගත්තේ.

ඒ වෙලාවේ ඔයා විතරද අම්මගේ උදව්වට හිටියේ?

මම කෑගැහුවා. නමුත් ඒ වෙලාවේ වැස්ස නිසා කාටවත් අපේ කෑගැහිල්ල ඇහුණේ නෑ.

සමහරු මේ වගේ අවස්ථාවක බයවෙලා කෑගහලා දුවනවා. අනතුර සිදුවෙද්දී දුවට මොනවද හිතුණේ?

මම හිතුවේ මට මොනවා වුණත් කමක් නෑ, අම්මයි නංගියි හිටියා නම් මට එච්චරයි ඕනෙ වුණේ. මාව යටවුණත් කමක් නෑ කියලා මම හිතුවා. ඒ දෙන්නගේ සතුට විතරයි මට ඕනෙ වුණේ.

දැන් අම්මගෙයි නංගිගෙයි තත්ත්වෙ කොහොමද?

ඉස්පිරිතාලෙන් ගෙදර එක්කගෙන ඇවිත් ඉන්නේ දැන්. මුලින් අම්මා අමාරුවක් ගැන කිව්වේ නෑ. ඒ නංගි නිසා වෙන්න ඇති. නංගිගේ කකුල්වල තාම තුවාල තියෙනවා. හරියට ඇවිදින්න බෑ.

මේ අනතුර සිදුවෙන වෙලාවේ දුව මොකක්ද කරමින් හිටියේ?

මෙතැන තමයි පොත් මේසේ තිබුණේ. මම ඒ වෙලාවේ පාඩම් කරන්න පොතක් ගන්න කියලා මෙතැනට ආවේ. ඒ වෙලාවේ තමයි බිත්තිය කඩාගෙන වැටුණේ. පොත් මේසේ ඔක්කොම යටවුණා.

දැන් ඔයාලා ඉන්නේ කොහොද?

ලොකු අම්මගෙ ගෙදර.

දුවගේ තාත්තා මොනවද කරන්නේ?

තාත්තා නගර සභාවේ වැඩකරනවා. අනතුර සිදුවෙන වෙලාවේ තාත්තා ගෙදර හිටියේ නෑ.

අනතුර සිදුවෙච්ච ගමන් දුවලා ගිහින් කාව හරි එක්කගෙන එන්න ඕනෙ කියලා දුවට හිතුණේ නැද්ද?

ඒ අවස්ථාවේ හැටියට මට එහෙම හිතුණේ නෑ. මම හිතුවා නංගිවයි, අම්මවයි බේරගන්න මට පුළුවන් කියලා. එහෙම හිතලා තමයි ඒ දෙන්නව මම ගොඩට ගත්තේ.

මේ ගෙදර දැන් තත්ත්වෙ දකිද්දී මේ ලිපිය කියවන ඔබටත් හිතෙනවා ඇති කොහොමද මේ අය දැන් ජීවත් වෙන්නේ කියලා. දුවේ අපට කියන්න, මොනවද දැන් අවශ්‍ය වෙන්නේ?

මේ ගෙදර දැන් ඉන්න බෑ. කැඩිලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපට ගෙයක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ.

ඉතින් ඔබට පුළුවන් නම් ධෛර්යසම්පන්න මේ දියණිය වෙනුවෙන් උදව් කරන්න, ඇගේ පියාගේ දුරකතන අංකය තමයි මේක 0775184139. ඔහුට කතා කරලා, මේ තැනට ඇවිල්ලා සොයා බලලා හැකි උපකාරයක් කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

නාද්දි මුලින්ම ඔළුවට වතුර ඇල්ලුවොත් ස්ට්‍රෝක් එයිද? I Sri Lanka Latest News

Next Post

පිල් මාරුකිරීම… නසීර් අහමඩ්ට අත්වූ ඉරණම තවත් කී දෙනෙකුට අත්වෙයිද? I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.