• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාද්දි මුලින්ම ඔළුවට වතුර ඇල්ලුවොත් ස්ට්‍රෝක් එයිද? I Sri Lanka Latest News

October 26, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට හොඳ පුරුදු යනුවෙන්, විවිධාකාරයේ න්‍යායන් මෙන්ම දේශීය අත්බෙහත් ක්‍රම, දේශීය ප්‍රතිකාර ක්‍රම යනාදිය පිළිබඳ අදහස් පළවීම නිරන්තරයෙන්ම සිදුවෙනවා. මෙලෙස පළවන ඇතැම් මත විවිධ නිරීක්ෂණ පමණක් පාදක කරගත්, යථාර්ථවාදී ඒවා වන අතර, සමහර මත, පදනම් විරහිත, නොමගයවනසුලු සටහන් පමණක් වෙනවා.(Sri Lanka Latest News)

ඒ අයුරින්ම හුවමාරු වී තිබූ තවත් සටහන් පෙළකින් පෙන්වා දී තිබුණේ ස්නානය කරන විට මුලින්ම හිස වතුරට ඇල්ලීම ආඝාතය තත්ත්වය ඇතිවීමට අවදානමක් ඇතිකරන බවටයි. නමුත් මේ පිළිබඳ කළ විමර්ශනයේදී තහවුරු වූයේ මෙයද නොමඟයවනසුලු ප්‍රකාශයක් බවයි.

නාන කාමර තුළ මිනිසුන් වැඩි වශයෙන් ආඝාතයට ගොදුරුවන්නේ, බොහෝ දෙනා ස්නානය පටන් ගන්නේම පළමුව හිස කොටස ජලයට නිරාවරණය කිරීම නිසා බවත් එය ඉතා වැරදි චර්යාවක් බවත් එයින් වැළකී සිටිය යුතු බවට හේතු දක්වමින් පළව තිබූ විස්තරාත්මක සටහනක් බොහෝ දෙනා ෆේස්බුක් ඔස්සේ හුවමාරු කරගෙන තිබිණි.

එම සටහනේ වැඩිදුරටත් කරුණු විස්තර කර තිබුණේ මෙලෙසින්.

‘ඔබ ජලයට පළමුව හිස කොටස නිරාවරණය කළහොත් සිදුවන්නෙ හිස පෙදෙසට ඉතා ඉක්මනින් ලේ ගමනාගමනය සිදුවී ධමනි රුධිර නාලවලට හානි සිදුවීමයි. මේ හේතුවෙන් ආඝාතය ඇතිවී ඔබ නානකාමරය තුළ ඇදවැටීමකට ලක්වේ. එවිටම හිස බිම වැදීමෙන් තවත් හානි සිදුවීමට හැකිය.’

‘කැනඩා වෛද්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත්කළ ජ’නල් වාර්තාවක ද ආඝාතයේ පවතින බරපතළකම පෙන්වා දී ඇත.’

‘ලොව පුරා සිදුකළ සමීක්ෂණ ගණනාවකින්ම නානකාමරය තුළදී සිදුවන ආඝාතය හේතුවෙන් සිදුවන මරණ හා අංශභාග තත්ත්වය දවසින් දවස වැඩිවන බව පෙනීගොස් ඇත. එනිසාවෙන්ම නෑමේදී අනුගමනය කළයුතු පියවර කීපයක් වෛද්‍යවරු හඳුන්වා දී ඇත.’

‘ස්නානය කිරීමේදී මුලින්ම හිස සහ හිසකෙස් ජලයට නිරාවරණය නොකළ යුතුය. මිනිස් සිරුරේ රුධිර සංසරණය නිශ්චිත උෂ්ණත්වයක පවතින බැවින් ශරීර උෂ්ණත්වය බාහිර උෂ්ණත්වයට හැඩගැසීමට යම් කාලයක් ගතවේ. වෛද්‍යවරුන් පවසන පරිදි, ජලය නිසා හිස මත රුධිර සංසරණ වේගය වැඩි කරයි. එම අවස්ථාවේදී ආඝාත අවදානමද වැඩිවිය හැක. අධි රුධිර පීඩනයට මොළයේ ධමනි ඉරාදැමිය හැක.’

නෑමේ නිවැරැදි රීතිය

‘මුලින්ම දෙපා වතුරට අල්ලන්න. ඉන්පසු උරහිස් සහ පහළ කොටස් වතුරට නිරාවරණය කරන්න. ඉන් පසුව මුහුණ ප්‍රදේශයට වතුර වැටෙන්න සලස්වන්න.’

‘ඔබ හිස ජලයට නිරාවරණය කළ යුත්තෙ ඉහත පියවරවලින් පසුවයි.’

‘අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ ඉරුවාරදය ඇති අය විශේෂයෙන් මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. මේ පිළිබඳ ඔබගේ අම්මා, තාත්තා, නෑදෑ හිතමිතුරන් දැනුවත් කරන්න….’

ඉහත සඳහන් නොමඟයවනසුලු සමාජ මාධ්‍ය පළකිරීම් පිළිබඳ කරුණු විමර්ශනය කර එහි ඇති සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප කටයුතු කළෙමු.

පළමුවෙන්ම අප, ආඝාතය නම් රෝගී තත්ත්වයේ, එනම් Strokes වල විද්‍යාත්මක පසුබිම විමසා බැලුවෙමු.

ආඝාතය යනු කුමක්ද?

ආඝාතය සාමාන්‍ය ව්‍යවහාරයේදී මොළයේ ලේ කැටි සිරවීම, මොළයේ නහර පුපුරා යෑම ලෙසත් හඳුන්වනවා. එම නම්වලින් පැහැදිලි වන ලෙසම මෙහිදී සිදුවන්නේ මොළයට රුධිර සැපයුම් කෙරෙන රුධිර නාල යම් හේතුවක් නිසා අවහිර වීම හෝ මොළය තුළ හදිසි රුධිර වහනයක් සිදුවීම නිසායි. මේ අනුව මොළයේ රුධිර සැපයුම අවහිර වීම නිසා ඇතිවන ආඝාතය Ischemic stroke ලෙසත්, මොළය තුළ සිදුවන රුධිර වහනයක් නිසා ඇතිවන ආඝාත තත්ත්වයHemorrhagic stroke ලෙසත් හැඳින්වෙනවා.Ischemic stroke තත්ත්වයකදී මොළයේ රුධිර සැපයුමට බාධා එල්ල වී මොළයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය ද්‍රව්‍ය ලබාගත නොහැකිව, මිනිත්තු ගණනක් තුළදී මොළයේ සෛල මියයාම ආරම්භ වෙනවා.Hemorrhagic stroke තත්ත්වයකදී කාන්දු වන රුධිරය මගින් මොළයේ සෛල මත පීඩනය ඇතිකර ඒවාට හානි ඇතිකරනවා.

කෙසේ නමුත් මෙම තත්ත්ව දෙකේදීම මොළයේ සෛලවලට විශාල වශයෙන් බලපෑම් එල්ල කරනවා. එලෙස ඇතිවන ආඝාත තත්ත්ව දිගුකාලීනව ඇතිවන මොළයේ හානි සහ ආබාධ මෙන්ම මරණය පවා ඇතිකිරීමට හේතු වෙනවා.

ආඝාත රෝගයේ ලක්ෂණ ලෙස මුහුණේ, අත් පා සහ විශේෂයෙන් ශරීරයේ එක් පැත්තක ඇතිවන හදිසි හිරිවැටීමක් හෝ දුර්වල වීමක් (අංශභාග තත්ත්වයක්), හදිසි ව්‍යාකූලත්වය, කතාකිරීමේ අපහසුතාව සහ අපැහැදිලි ලෙස කතාකිරීම, එක් ඇසක් හෝ ඇස් දෙකේම හදිසියේ ඇතිවන පෙනීමේ දුර්වලතා, ඇවිදීමේ අපහසුතා, කැරකැවිල්ල, සමබරතාව නොමැතිකම වැනි දේ පෙන්නුම් කරනවා. මෙවැනි අවස්ථාවකදී සුදුසුම පිළියම වන්නේ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීමයි. ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රමාද වීම දිගුකාලීන අංශභාගයට ගොදුරු වීම, ජීවිත අවදානම පවා ඇති කරනවා.

ආඝාතය ඇතිවීමට හේතු

ආඝාතය ඇතිවීම සඳහා ප්‍රධානතම හේතු ලෙස සැලකෙන්නේ අධි රුධිර පීඩනය, දුම් පානය සහ ද්විතීක දුම්පානය, ඉහළ කොලෙස්ටරෝල් මට්ටම, දියවැඩියාව, අධික ස්ථුලතාව ආදියයි. ආඝාතය ඇතිවීම යම්තාක් දුරට මඟහරවා ගැනීම සඳහා ඉහත ප්‍රධාන කරුණු කිහිපයෙන් ආරක්ෂා වී සිටීම වැදගත්ය. මීට අමතරව හදවතේ ඇතිවන යම් යම් දුර්වලතා, මොළයේ නහරවල දුර්වලතා මෙන්ම මානසික ආතතිය ආදී විවිධ කරුණු ආඝාතය ඇතිවීම සඳහා හේතු වෙනවා.

ජලය සහ ආඝාතය අතර සබඳතාව

විජලනය රුධිරය සාන්ද්‍ර වීම සඳහා හේතු වෙනවා. මෙහිදී එලෙස උකු බවට පත්වන රුධිරය මොළය කරා ප්‍රවාහනය කිරීම සඳහා දුෂ්කරතාවක් ඇතිවීමට ඉඩ කඩ පවතිනවා. මෙලෙස ඝන වූ රුධිරය රුධිර වාහිනී හරහා ගමන් කිරීමට ගන්නා උත්සාහයේදී ආඝාත තත්ත්වයක් ඇතිවීමට අවස්ථාව පවතිනවා.

විවිධ අධ්‍යයනවලට අනුව හොඳින් ජලය පානය කරන පුද්ගලයන්ට වඩා, අඩුවෙන් ජලය පානය කරන පුද්ගලයන් ආඝාතයට ගොදුරු වීමට ඇති ඉඩකඩ ඉහළ බවයි.

ස්නානය සහ ආඝාතය අතර සම්බන්ධය

සාමාන්‍යයෙන් ආඝාතය යනු ඕනෑම අවස්ථාවක ඕනෑම ක්‍රියාකාරකමක යෙදෙන අයකුට වැලඳිය හැකි රෝග තත්ත්වයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත්, ස්නානයේදී ආඝාතයට ලක්වන පිරිස පිළිබඳ 2011 වසරේ ජනවාරි සිට 2015 වසරේ දෙසැම්බර් මාසය තෙක් සිදුකළ සායනික සමීක්ෂණයක් ඔස්සේ ස්නානයේදී ආඝාතයට ලක්වීමට වැඩි අවදානමක් පවතීදැයි යන්න විමසා බලා තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව රෝගීන් 1,939 දෙනකුගෙන් ස්නානයේ යෙදෙන අතරේදී ආඝාතය උද්ගතව ඇත්තේ රෝගීන් 78 දෙනකුට පමණයි. එය 4%කට ආසන්න ප්‍රතිශතයක් ලෙස දැක්විය හැකියි. ඒ අනුව ස්නානය කරන විට ආඝාතය ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවාය යන්න සත්‍ය වීමට පවතින ඉඩකඩ ඉතා අවම බව පෙනී යනවා.

මීට පෙර කිහිප වරක්ම ඉහත ලිපියේ අඩංගු කරුණු වෙනත් රටවල පවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා. එයට අදාළව AFP Fact Check විසින් සිදුකළ කරුණු විමර්ශනයකදී ඔවුන් Monash Healthys ස්නායු විද්‍යා පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය ථාන් ෆාන් මහතාව සම්බන්ධ කරගෙන තිබුණා.

මෙහිදී ඔහු ආඝාතයෙන් දිවි ගලවාගත් අය සඳහා ස්නානය කළ යුතු ආකාරය පිළිබඳ ඇමෙරිකානු හෘද සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශනයක් පෙන්වා දෙමින් සඳහන් කර තිබුණේ ආබාධිත රෝගීන් හට ආරක්ෂිතව ස්නානය කිරීමට අදාළ අනුපිළිවෙළ හැර වෙනත් එවැනි කිසිදු ස්නානය කිරීමේ පිළිවෙතක් ගැන එහි සඳහන් නොවන බවයි.

තවදුරටත්, මෙම මතය සඳහා සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඇති පදනම පිළිබඳ විමසා බැලීම සඳහා අප ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍ය L.P.A. කරුණාතිලක මහතාව සම්බන්ධ කරගත්තා. ඔහු පැවැසුවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආඝාතයෙන් වැළකීම සඳහා ස්නානය කළ යුතු අනුපිළිවෙළක් නැති බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ සාමාන්‍යයෙන් අධික උෂ්ණත්වයක සිට පැමිණ ඍජුවම ඉතා සිසිල් වතුරෙන් ස්නානය කිරීම වැනි අවස්ථාවලදී මෙවැනි අවදානමක් මතුවිය හැකි බවයි. සාමාන්‍යයෙන් ශරීරයේ බාහිර සාධක (උෂ්ණත්වය, පීඩනය වැනි) කෙටි කලක් තුළදී විශාල වශයෙන් විචලනයට ලක්වීම ආඝාතය ඇති වීමට හේතු විය හැකි බවයි.

උදාහරණයක් වශයෙන් තද අව්වක සිටින අයකු, එක් වරම තදින් වායු සමීකරණය කර ඇති කාමරයකට පිවිසීමේදී ශරීරයේ බාහිර උෂ්ණත්වය ඉතා විශාල වෙනසකට ක්ෂණිකව ලක්වීම සිදුවනවා. මෙහිදී, ශරීර උෂ්ණත්වය යාමනය කිරීම සඳහා සිරුරේ රුධිර නාල සංකෝචනය වීම සිදුවෙනවා. මෙය ක්ෂණිකව සිදුවන නිසා එහිදී රුධිර නාලිකාවල පීඩන වෙනස්කම්, අවහිර වීම් වැනි තත්ත්ව උද්ගත වී, ආඝාතය තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වෛද්‍ය L.P.A. කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.

ඉහළ උෂ්ණ පරිසරයක සිට ක්ෂණිකව දහදිය සහිතව ස්නානයට නොයන ලෙස මතයක් පවතින්නේ ඉහත කරුණ නිසාවෙනුයි. කෙසේ නමුත්, වැඩි උෂ්ණ ස්ථානයක සිට ක්ෂණිකව ස්නානය කිරීමට ගොස් හිස තෙමාගැනීම මේ අනුව අනතුරුදායක විය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. ඒ වෙනුවෙට ක්‍රම ක්‍රමයෙන් එම උෂ්ණත්වය සඳහා ශරීරය හැඩගස්වාගෙන නෑම සුදුසු බවයි හෙතෙම පැවැසුවේ.

නාන කාමරවල ඇති වතුර මල්වල හැඩය, හොඳින් ජලය විසිරී යන පරිද්දෙන් හැඩගස්වා පවතින්නේද, සිරුරේ සෑම කොටසකටම ක්‍රමවත්ව ජලයෙන් තෙමා, සිසිලස ලබාදෙන අන්දමටයි. එවිට ක්ෂණික උෂ්ණත්ව වෙනස්වීම්වලින් සිරුර ආරක්ෂා කෙරෙනවා.

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් සොයා ගැනුණේ නාන කාමරවලදී මිනිසුන් වැඩි වශයෙන් ආඝාතයට ගොදුරු වීම පිළිබඳ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් දැනට නොපවතින බවත්, ස්නානයේදී මුලින් හිස අල්ලා සේදීම ආඝාතයට හේතු නොවන බවය. නමුත් ඉතා උෂ්ණ පරිසරයක සිට පැමිණ දේහය සිසිලසට හැඩගස්වා නොගෙන ක්ෂණිකව ස්නානය කිරීමේදී මෙය යම් ගැටලුකාරී තත්ත්ව ඇති කිරීමට ඉඩකඩ පවතින බවත් තහවුරු වුණා.

srilanka.factcrescendo.com වෙබ් අඩවියෙන් උපුටාගත්තකි.

SendShareShare
Previous Post

හැමෝම කතා කරපු ආන්දෝලනාත්මක චීන නැව කොළඹ වරායේ නැංගුරම් දාලා තියෙන හැටි මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

කමාන්ඩෝ ගේමක් දුන්න අවුරුදු 16 කෙල්ල I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.