• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම හැංගි හැංගි ‌වෙස් බඳින්නේ නෑ: ඇතුළට ගිය දයාසිරි ප්‍රහාරය අරඹයි

March 19, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ශ්‍රීලනිපයට අලුත් නායකයෙක්: ඉල්ලුම දයාසිරිට (EXCLUSIVE VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ‌පොහොට්ටුවේ නාමයෝජනා අස්සන් කිරීමෙන් පසු පළමු වරට පක්ෂයට වූ ‌කෙනෙහිලිකම් අනාවරණය කරමින් සිය ‌ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එය කිසිදු සංස්කරණයකින් ‌තොරව ‌මෙසේ පළ කරමු.

ඔබත් මමත්…

ඔබත් මමත් රටත් අභියෝග ගණනාවකට මුහුණ දෙන මේ කාළ වකවානුව තුළ මොහොතකට අතීතා වර්ජනය කර බැලූකළ ලෝකයේ බලවත්ම රටවලටත් හිතන්නට බැරි දේවල් අපි කරලා තිබෙනවා. යුද්ධයම හොඳ උදාහරණයක්.ඒ වගේම මුළු ලෝකය වගේම අපේ රටත් මුහුණපා තිබෙන මේ covid 19 වසංගත තත්වයද අපට ලොකු අභියෝගයක්.මේ හැම දේකින්ම පරීක්ෂා කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙ ඔරොත්තු දීමේ ගුණය යි.
ඔව් අපි ඔරොත්තු දෙන විදියට පෙළගැසෙමු..

දයාසිරි ඕනම දේකට ඔරොත්තු දෙන මිනිහෙක්.
ඒ ශක්තිය දුන්නේ ඔබ ගැටලුවක් පෙනෙන තැනක අවසාන මොහොත දක්වාම සටන් කළේ ඔබ මට දුන් ඔරොත්තුදීමේ ශක්තිය නිසයි.අද මම නාමයෝජනා අත්සන් කළා.පොහොට්ටුව ලකුණින්,
කෙනෙක් දෙන්නෙකුගෙ වැරදි වලට රටක් වට්ටන්න දෙන්න පුලුවන්ද ?
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැක්මක් සහිත නායකයෙක්.රට වෙනුවෙන් එතුමා හොයන මිනිස්සු මුණ ගස්වන්න අද දක්වාම මම සටන් කලා.

මතවාදී අරගල දේශපාලනයේ සුලභයි. තීරණාත්මක ජනාධිපතිවරණයේදී ගෝඨාභය මැතිතුමාට රටේ හරි අතට අත දුන්නෙ එක්ව ජයගතයුතු අභියෝග රාශියක් නිසයි.අදත් ඒ ගමන අත් නොහරින්නේ අන්න ඒ නිසයි. නමුත් මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා. පක්ෂයේ සංවිධායකයින්, පාක්ෂිකයින් ආරක්ෂා කිරීම මගේ යුතුකම .ඒ වෙනුවෙන් හඬක් නොනගා සිටීම සැබැවින්ම අසීරුය. අපි එකම මහගෙදර ඉපදී එක බත් මුට්ටිය බෙදාගෙන කෑ සහෝදරයන් විනා දේශපාලන විරුද්ධවාදීන් නොවෙමු.
ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නිර්මාණය වන්නේ එවන් පසුබිමකයි.

හැංගි හැංගි වෙස් බැඳීම මාගේ පුරුද්ද නොවේ.
කථා සාරාංශය මෙසේයි..
අප සන්ධානය ගොඩනැගීමේදී එකඟ වූ කරුණු රාශියක් ඇත. පක්ෂ වලට ලබා දෙන අපේක්ෂක සංඛ්‍යාව ඉන් ප්‍රධාන යි.
කුරුණෑගල මාගේ දිස්ත්‍රික්කයයි. අපේක්ෂකයින් දහඅටක් අතරින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයින් හයක් ලබාදෙන එකඟතාව පසුව එය හතර දක්වා අඩුවීම අවසානයේ දෙකක් පමණක් ලබාදීම ගැටලුවේ ආරම්භයයි. මේ ලඝු කිරීම තුළ විශාල ඡන්ද පදනමක් සහිත හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරු දෙපළක්ම මගහැරී ඇත. විද්වතුන් මග හැරී ඇත. කොටළුවන් ලයිස්තුවට දමා අශ්වයන් පාර්ලිමේන්තුවට එවනවා කියා පවසන්නේ මා නොව මහජනතාවයි. මෙම තීරණය මත ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඇඟිල්ල දිගු වීම ඉතා කණගාටුවකි.මා හඬ නැගුවේ ම එය ද නිවැරැදි කළ යුතු නිසාය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල සංවාදයක්, සටනක් කර පැවැති තත්ත්වය ආරක්ෂා කර ගත්තා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශාල ඡන්ද පදනමක් සහිත ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පොරොන්දු වූ අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනෙක් පමණක් ලැබුණු අතර නුවරඑළියට, කළුතරට කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාව ලැබුනේ නැහැ. අවසානයේ නුවරඑළිය ,කළුතර,වන්නි දිස්ත්‍රික්ක හා උතුරු නැගෙනහිර ප්‍රදේශ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කිරීමට ඉදිරිපත් වන්නේ මෙවන් පසුබිමකයි..

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වගේම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක. රාජකාරිය මට හැමදාම දේවකාරියක්, මට සියලු දෙනා ලබාදුන් වගකීම මා නිවැරදිව ඉටු කළ යුතුමයි.මම යළි කියමි කීපදෙනෙකුගේ උවමනාවට රටක් අනාගතයක් විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ගමනත් අඩාල කිරීම අපරාධයකි.

අපි එකතුවෙමු ඕනෑම දේකට ඔරොත්තු දෙන රටක් හදමු
ස්තුතියි

SendShareShare
Previous Post

ගෝඨා ලංකාව 3ට කඩයි

Next Post

නාමයෝජනා ඉවරයි: කරු ‌දෙපැත්තටම නෑ

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.