ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීන්දු කර ඇත.
ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත්, එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් දැනගන්නට තිබේ.
රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.
එසේ නැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටලු රැසක් ඇති වන බවත්, එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් වාර්තා වේ.










