“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. Sri Lanka Latest News
පහසුකම් ලබාගැනීම සඳහා නෞකාව කොළඹ වරායට පැමිණෙන බව අමාත්‍යාංශය පැවසුවේය.
චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර තිබු අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.
කෙසේවෙතත් නෞකාවේ පැමිණීම නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ද පසුගිය දා අවසර ලබාදෙනු ලැබීය.
“Shi Yan 6” නෞකාව භූ භෞතික ගවේෂණය සඳහා භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව සහිත නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවකි.
එම නෞකාව නාරා ආයතනය සමඟ එක්ව පර්යේෂණයක් සිදුකිරීමට ද නියමිතය.
ඒ අනුව “Shi Yan 6” නෞකාව දින 25ක පමණ කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බව වාර්තා වේ.










