රටේ අතිබහුතරයක් ජනතාව බැංකුවලට සහ විවිධ පුද්ගලයන්ට ණයවී ඇතත් කිසිදු ණයක් ලබා නොගත් සුපිරි කණ්ඩායමක් අපේ රටේ සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවක් අමතමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, රුවන් විජයවර්ධන, රවි කරුණානායක, වජිර අබේවර්ධන වැන්නන් කිසිවකුට ණයවී නොමැති නමුත් ඔවුන් අප රට ණය කිරීමට කටයුතු කොට ඇති බවයි.










