හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ඊයේ රාත්‍රියේදී දුරකතන ඇමැතුමක් ලබා දී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. Sri Lanka Latest News
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එහිදී හදිසියේ සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත අප්‍රසාදය ප්‍රකාශ කොට ඇති බවය.
දෙදෙනා අතර පැවැති මෙම දුරකතන සංවාදය සැලකිය යුතු වේලාවක් පැවැති බවද එම ආරංචිමාර්ග අනාවරණය කරයි.
පොහොට්ටුව සතුව තිබූ අමාත්‍ය ධූරයන් ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනකු අතට පත් කිරීම හිටපු ජනාධිපතිවරයාගේ මෙම අප්‍රසාදයට හේතු වී ඇති බවද දැනගන්නට ඇත.










