• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුර බොන්න හොඳම වෙලාව මොකක්ද? නින්දට පෙර වතුර බීම අත්‍යාවශ්‍යද? වතුර ගැන ඔබ මෙතෙක් කල් හිතාගෙන හිටපු කතා ඇත්තද? Sri Lanka Latest News

October 23, 2023
in Exclusive
Reading Time: 33 mins read
A A
වතුර බොන්න හොඳම වෙලාව මොකක්ද? නින්දට පෙර වතුර බීම අත්‍යාවශ්‍යද? වතුර ගැන ඔබ මෙතෙක් කල් හිතාගෙන හිටපු කතා ඇත්තද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිරිසුදු, නැවුම් පානීය ජලය මිනිස් වර්ගයාට මෙන්ම, අනෙකුත් සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වන නිසාම, ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනීමට ලොව පුරා බොහෝ මිනිසුන් නිරන්තරයෙන් වෙහෙසෙන බව නොරහසකි. මේ අතර ජලය පානය කිරීමට සුදුසුම කාලයන් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. (Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය සටහන්

ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය දැන ගැනීම ඉතා වැදගත් බව පවසමින් හෘද රෝග විශේෂඥයෙකු විසින් එම කාල මොනවාද යන්න කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

දැනගෙන සිටියද….?

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි.

මා නොදැන සිටි තවත් දෙයක් … මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?

මේ සම්බන්ධ ව හෘද වෛද්‍යවරයෙකුගේ (හෘද රෝග විශේෂ) ප්‍රතිචාරය මෙසේය :

ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.

දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.

එය අවසාන ප්‍රකාශයට ගැලපේ!

ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!

එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.

හෘද රෝග Specialist කෙනෙකු ගේ වචන ….!

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ

2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම (1) ආහාර දිරවීමට උපකාරී වේ

3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීම රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ???)

4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)

5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.

6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.

හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!

ඉතින්, මම දැනටමත් මෙම තොරතුරු මෙම සමස්ත කණ්ඩායමට බෙදාදීම කර ඇත. ඔබගෙන් බොහෝ දෙනෙක් ස්වල්පයක් ගැන දැනුවත් විය හැකි නමුත් ඒ සියල්ලම නොවිය හැකිය !!

මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත.”

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙහි ඇති කරුණු සියල්ලක්ම සත්‍ය බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවටයි.

මේ පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

ජලය, මිනිස් සිරුරට වැදගත් වන අතර, එය නිශ්චිත ප්‍රමාණවලින් දවසේ නිශ්චිත වේලාවන්හිදී පරිභෝජනය කිරීමෙන් කිසිදු සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳ අධ්‍යනයන් පවතිනවාද යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා.

උදෑසන පිබිදීමෙන් පසු බොහෝ ශාරීරික ක්‍රියාවලීන් සඳහා ජලය අවශ්‍ය වේ. ඔබේ නින්ද නිසා පැය කිහිපයක් ජලය නොබී පිපාසව සිටියේ නම්, පානීය ජලය ඔබව නැවත සජලනය කරන බව සත්‍යයකි.

නමුත් ඉහත සටහනේ දක්වා තිබූ පරිදි පානීය ජලය “අභ්‍යන්තර අවයව සක්‍රීය කරයි” යන්න තහවුරු කරන පොදු පිළිගැනීමකට ලක්වූ පර්යේෂණයක් අපට සොයාගත නොහැකි විය. “සක්‍රිය කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද හෝ ජලය සක්‍රිය කිරීමට අදහස් කරන්නේ කුමන ඉන්ද්‍රියයන්ද යන්න නිර්වචනය නොකරන බැවින් එම ප්‍රකාශයන් පිළිබඳ අපැහැදිලිව පවතී.

ජලය ආහාර දිරවීමේ ක්‍රියාවලියට උපකාරී වන බව  සත්‍යයක් පවතී. ජලය මළපහ කිරීම පහසු කරන අතර  මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ. නමුත් ආහාර ගැනීමට මිනිත්තු 30කට පෙර ජලය පානය කිරීම අවශ්‍ය බවට සඳහන් විශ්වාසනීය  සාක්ෂියක් දැක ගන්නට නොලැබේ.

ඉහත සටහනේ දැක්වෙන ලෙස ස්නානය කිරීමට පෙර ජලය වීදුරුවක් පානය කිරීමෙන් රුධිර පීඩනය අඩු වන බවට පොදු පිළිගැනීමකට ලක්වූ  සාක්ෂියක් අපට හමු නොවීය. නමුත්, ජලය පානය කිරීම සමහර පුද්ගලයින්ගේ රුධිර පීඩනය තරමක් වැඩි කරන බවට සාක්ෂි දැක ගන්නට ලැබුණා.

එමෙන් ම, නින්දට පෙර ජලය පානය කිරීම හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව කෙරෙහි බලපාන බවට ප්‍රබල  සාක්ෂි  අපට සොයාගත නොහැකි විය.

විශේෂඥයින්ගේ අදහස්

දියර ආහාරයට ගැනීමෙන් කිරීටක හෘද රෝග වැළැක්විය හැකි බව යෝජනා කිරීමට ඇතැම් පර්යේෂණ සිදුකර ඇති අතර, සමහර අය යෝජනා කරන්නේ විජලනය වීමෙන් ආඝාතය යථා තත්ත්වයට පත් විය හැකි බවයි. නමුත් නින්දට පෙර ජලය පානය කිරීම විශේෂයෙන් ප්‍රයෝජනවත් වන බවට නිශ්චිත සාක්ෂි  නොමැත.

පිලිපීන හෘද මධ්‍යස්ථානයේ නිවාරණ හෘද රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය Ranulfo Javelosa Jr. ද AFP වෙත සඳහන් කර තිබුණේ, ඉහත සටහනේ ප්‍රකාශ “වෛද්‍ය මිථ්‍යාවන්” බවයි. එමෙන් ම හෘද රෝග බොහෝ විට පැන නගින්නේ “කොලෙස්ටරෝල්, සීනි, ආතතිය සහ දුම්පානය” ඇතුළු සාධකවල එකතුවකින් බවයි. මෙම සාධක අඩු කළහොත්,  හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන බව ත්, වතුර වීදුරුවක් පානය කිරීම මගින් ඉහත සඳහන් රෝග පාලනය නොවන බවයි.

ආයුර්වේද වෛද්‍ය මතය 

මේ පිලිබදව අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ, මෙම සමාජ ජාලා සටහනේ ඇති සමහර කරුණුවල සත්‍යතාවයක් ආයුර්වේද වෛද්‍ය මතයට අනුව පැවතුනත් සමහර කරුණු අසත්‍ය බවයි. අසත්‍ය කරුණු සම්බන්ධයෙන් උදාහරණද ඔහු පැවසුවා. ප්‍රධාන ආහාර වේල් වලට පෙර ජලය විශාල වශයෙන් පානය කිරීම ,ආහාර දිරවීමට අහිතකර ලෙස බලපෑ හැකි බව සඳහන් කල ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ නින්ද අතරතුරදී ජලය පානය කිරීම ප්‍රමාණවත් නින්දක් ලැබීම සඳහා බාධක විය හැකි බවයි.

අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම්, ඔහු හෝ ඇය දිනකට වතුර වීදුරු 08(වතුර ලීටර 2 ක් ) වත් පානය කිරීම අප ශරීරයට අත්‍යවශ්‍ය වන සාධකයකි.

නමුත්, මේ ආකාරයෙන් දිනකට වතුරු ලීටර 2 ක් වත් පානය කළ යුතු වුවද, එක්වරම වතුර බෝතල් ගණනින් පානය කිරීමද වැරදි ක්‍රියාවකි. එසේ එක්වර ජලය පානය කිරීමට යාමෙන් විවිධ සංකූලතා මතුවිය හැකිය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? යනුවෙන් හෘද රෝග විශේෂඥයෙකු විසින් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සඳහන් කරුණු සමහර ඒවා නොමග යවන සුළු බවයි. එම ඇතැම් ප්‍රකාශයන් සඳහා උපකාර වන පොදු පිළිගැනීමකට ලක්වූ අධ්‍යන වාර්තා පර්යේෂණ නොමැති බව අප කළ විමර්ශනයේදී තහවුරු වූ අතර, හෘර්ද රෝග විශේෂඥයින් පෙන්වා දෙන්නේ එහි ඇතැම් කරුණු කරුණු නොමග යවන සුළු බවයි.

srilanka.factcrescendo.com

SendShareShare
Previous Post

විපක්ෂයේ සටන ජයගත්තා! ප්‍රතිත්‍රස්ත පනත-ඔන්ලයින් පනත ආණ්ඩුවට හකුලගන්න වෙලා! ජනාධිපතිවරණයත් දැන් තියන්න වෙලා! ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව ඇමැතිවරු වෙනස් කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල ගෙවීම වර්ජනය කරමු! මාස 14ට 400%කින් ලයිට් බිල වැඩි කළා! මණ්ඩලයට දැන් ලාබයි! පාඩුයි කියන්නේ බොරු! පෙරටුගාමීන්ගෙන් යෝජනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.