• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆොන්සේකා ගැන සජබෙන් තීන්දුවත් ගනී! Sri Lanka Latest News

October 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලු රටම ඉල්ලන හොරු අල්ලන වැඩෙයි හොරකම් කරපු සල්ලි රටට ගේන වැඩෙයි සජබ ආණ්ඩුවක් යටතේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට දෙන එක වෙනස් කරන්නේ නෑ! සජිත් ජනතාවට යළි යළිත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමාජ මාධ්‍ය නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානමින් සිටින බවට ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම අවස්ථා කිහිපයකදීම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සජබයේ වැඩපිළිවෙළ විවේචනය කිරීමටද ෆොන්සේකා පියවර ගෙන තිබිණි. ෆොන්සේකාගේ මෙම ප්‍රකාශ පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහ තීන්දු තීරණවලට පටහැනි වීම හේතුවෙන් මන්ත්‍රීවරුන් අතර ඒ සම්බන්ධයෙන් විවිධ විරෝධතා මතුවුණද පක්ෂයක් ලෙස කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් හෝ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමක් හෝ සිදුවූයේ නැත. නමුත් පසුගිය සතිය වනවිට මෙම තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන තිබූ අතර, සජබ කළමනාකරණ කමිටු රැස්වීමේදී ෆොන්සේකා මාධ්‍ය හමුවේ කර ඇති යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News

සඳුදා පැවැති මෙම කළමනාකරණ කමිටු රැස්වීම ආරම්භයේදී සජිත් ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණ් නැත. අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් හේතුවෙන් තමන් ඊට සහභාගි වන විට යම් ප්‍රමාදයක් විය හැකි බවත්, එම නිසා හමුවේදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කරන ලෙසත් සජිත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමක් කොට තිබිණි. ඒ අනුව සජිත් නොමැතිව සාකච්ඡා ආරම්භ වූ අතර, පටන් ගැනීමේදීම මන්ත්‍රීවරුන් රැසක්ම ෆොන්සේකාගේ මෙම ප්‍රකාශ පිළිබඳ කතාකරමින් ඊට එරෙහිව කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, ගම්වලදී ආසන සංවිධායකවරුන් මෙන්ම පාක්ෂිකයන් මේ පිළිබඳ තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් දැනුම් දී සිටියහ.

ඇක්ෂන් නැද්ද?

‘ෆොන්සේකා කියන්නේ අපේ පක්ෂයේ සභාපති. ඉතින් පක්ෂයේ සභාපතිතුමා පක්ෂ තීන්දු තීරණවලට පිටින් ගිහින් කතාකරනවා නම් අපි කොහොමද ගම්වල දේශපාලනය කරන්නේ? අපි පක්ෂයක් විදියට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් ගත්තා ජනාධිපතිවරණයට පක්ෂ නායකයා විදියට සජිත් ප්‍රේමදාස නායකුමා ඉදිරිපත් වෙනවා කියා. හැබැයි ෆොන්සේකා මහත්තයා ගිහින් යූටියුබ්වලට ඉන්ටවිව් දෙනවා එයත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. අපි ගම්වලට ගියාම ආසන සංවිධායකවරු මේවා ගැන අපෙන් ප්‍රශ්න කරනවා. පාක්ෂිකයොත් මේ ගැන අපෙන් අහනවා. මේවට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැද්ද කියලා අහනවා. ඉතින් අපි මොනවද ඒ අයට කියන්නේ? අපි කොහොමද ගම්වල දේශපාලනය කරන්නේ? මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ…’ යනුවෙන් එක් සජබ මන්ත්‍රීවරයෙක් කියද්දී තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ පක්ෂයක සභාපතිවරයා වශයෙන් හැසිරීමට ෆොන්සේකා මහතා කටයුතු කොට නැති බවය.
‘මේ මන්ත්‍රීතුමාගෙ කතාව සහතික ඇත්ත. එතුමා අපේ පක්ෂයේ සභාපති. පක්ෂයක සභාපති කෙනෙක් වුණාම හැසිරෙන්න ඕනෙ විදියක් තියෙනවා. දැන් සමහර මාධ්‍යවල යනවා එතුමා මේ ගැන කතා කරන්න ගෝඨාව බලයට ගේන්න උදව් කරපු දෙරණ නාලිකාවේ හිමිකරු වෙච්ච දිලිත් ජයවීරත් ගිහින් හම්බවුණා කියලා. ඊට පස්සේ තවත් තැනක කියනවා එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ හොඳ කියනවා කියලා. මෙහෙම කරන්න බෑ. පක්ෂයක මොකක් හරි විනයක් තියෙන්න ඕනෙ…’ යනුවෙන් එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කියද්දී කළමනාකරණ කමිටුව නියෝජනය කරන සියලු දෙනා ඊට පක්ෂව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.

සජිත් තීන්දුවක් ගනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළමනාකරුණ රැස්වීමට සම්බන්ධ වූයේ මන්ත්‍රීවරුන් මේ ආකාරයට ෆොන්සේකා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කරමින් කතා කළ පසුබිමකය. එහිදී මන්ත්‍රීවරු සජිත්ටද මේ පිළිබඳ දැනුම් දීමට පියවර ගත්හ. ඒ අනුව අවසානයේදී කළමනාකරණ කමිටුව තීන්දු කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පළමු වටයේදී පෞද්ගලිකව ෆොන්සේකා හමුවීමට ගොස් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදී මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් තීන්දු විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ලෝක බැංකුවේ කණ්ඩායමක් වත්කම් ගණනය කරන්න ඇවිත්! ටෙලිකොම් විකුණන්න සියල්ල ලෑස්තියි! වෘත්තීය සමිති ඇවිස්සෙයි! Sri Lanka Latest News

Next Post

වාර්තා පිට වාර්තා තියා දකුණු අප්‍රිකාවෙන් කාපු කෑමෙන් ලෝක ශූර එංගලන්තය අඩියටම වැටෙයි! එළියට විසිවෙන ලකුණු! දැන් ලංකාව 8 එංගලන්තය 9..! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.