කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.I Sri Lanka Latest News
අද පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා මෙම ජල කප්පාදුව සිදු කිරිමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදු ව ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.










