• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑනුන්ට පිරිමින්ට එළව එළවා ගහපු කාගිල්ස්-හවුස් ඔෆ් ෆැෂන්-KD නාඩගම් එළියට දාපු මල්ලිලාට දඬුවම් කරමුද? සැලියුට් ගහමුද? I Sri Lanka Latest News

October 21, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ගෑනුන්ට පිරිමින්ට එළව එළවා ගහපු කාගිල්ස්-හවුස් ඔෆ් ෆැෂන්-KD නාඩගම් එළියට දාපු මල්ලිලාට දඬුවම් කරමුද? සැලියුට් ගහමුද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය කියන සංකල්පය අද ලෝකයේ වඩාත් බලපෑම්සහගත මාතෘකාවත් බවට පත්වෙලා. ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප්, ට්විටර් ඇතුළු මේ ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය බොහෝ දෙනෙක් භාවිත කරන්නේ විනෝදාස්වාදය සඳහායි. පාළුව තනිකම නැතිකර ගැනීම සඳහායි.(Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය භාවිතය නිසා යම් සිදුවීමක්, ප්‍රවෘත්තියක් ක්ෂණයකින් ලෝකයේ එහා කොණේ සිටින්නකුට පවා දැනගැනීමේ අවස්ථාව ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේත් යම් විශේෂ සිදුවීමක් සිදුවූ විට එය වීඩියෝ සහ ඡායාරූපගත කර විවිධ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළකිරීම මේ වන විට රැල්ලක් බවට පත්වී හමාරය. එහෙත් මෙහි ඇති යහපත් පැත්ත මෙන්ම බොහෝ දෙනකුට නොපෙනෙන අයහපත් පැත්තක්ද පවතින බව පෙනීයයි.

සමාජ මාධ්‍යයේ ප්‍රධාන අරමුණු හතරක් පවතින බව ඒ පිළිබඳ විශේෂඥ දැනුමැති අය විසින් හඳුන්වා දී තිබෙනවා. එය SLIM යනුවෙන් හඳුන්වන අතර, එහි පළමු වැන්න Share යනුවෙන් හැඳින්වෙයි. තොරතුරු නිවැරැදි දැයි බලා බෙදාහැරීම ඉන් අදහස් වන අතර, Learn ලෙස හඳුන්වන දෙවැන්නෙන් සමාජ මාධ්‍ය හරහා දැනුමක් ලබාගැනීම අදහස් කෙරේ. Interacting යනුවෙන් හඳුන්වන්නේ සමාජ මාධ්‍ය මගින් මිනිසුන්ගේ කාලය හා දුරස්ථභාවය බිඳ හෙළීමය.

Marketing යන වදනින් සමාජ මාධ්‍ය හරහා අලෙවිකරණය, ව්‍යාපාරික කටයුතු සිදුකිරීම හැඳින්වේ. මෙලෙස ප්‍රධාන කාර්යයන් හතරක් සමාජ මාධ්‍ය මගින් සිදුවන බව එය භාවිත කරන ඕනෑම කෙනෙක් දන්නා කරුණක් බවට පත්ව ඇත. එහෙත් ඉහත දැක්වූ කරුණු පසෙක තබා යම් යම් පුද්ගලයන්ව විවේචනය කිරීම, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට පහර ගැසීම වැනි දේ සඳහාද සමාජ මාධ්‍ය අද වන විට භාවිත වෙමින් පවතී.

මීට සති තුනකට පමණ පෙර බොරැල්ල කොටා පාරේ පිහිටි කාගිල්ස් ෆුඩ් සිටියේ සේවකයන් පිරිසක් පාරිභෝගික කාන්තාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. එම ෆුඩ් සිටි ශාඛාවෙන් ඇය භාණ්ඩ සොරකම් කළ බවට වූ චෝදනාවක් මත එලෙස පහරදී ඇති බවයි පසුව අනාවරණ වී තිබුණේ. එම පහරදීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර, පහරදීම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් එම සිදුවීමේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් පසුගිය සතියේදී නැවතත් ඊට සමාන සිදුවීමක් වාර්තා වුණේ කඳාන ප්‍රදේශයේ පිහිටි KD Express නමැති ආයතනයකිනි. එහි හිමිකරු සහ ඔහුගේ බිරිය විසින් තරුණියකට දැඩි ලෙස පහර දෙන වීඩියෝවක් එලෙස සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර, එයද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිය ෆේස්බුක් පිටු හරහා හුවමාරු කරගෙන තිබුණා. එසේම මීට කලකට ඉහතදී කොළඹ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇඳුම් අලෙවි සලේ සේවකයන් විසින් එහි පාරිභෝගිකයකුට පහරදෙන අන්දම දැක්වෙන සීසීටීවී දර්ශනද සමාජ මාධ්‍යවල හුවමාරු වුණා.

කෙසේ වෙතත් ආසන්නම සිදුවීම වූ බොරැල්ල කොටා පාරේ පිහිටි කාගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳසලේ පහරදීමට මුල්වූ සිදුවීම විමසා බැලීමේදී පෙනී යන්නේ පහරකෑමට ලක්වූ කාන්තාව සිය දරුවාට ලබාදීම සඳහා කිරි පිටි පැකට්ටුවක් සොරකම් කර ඇති බවකි. කිසිදු හේතුවක් මත සොරකම් කිරීම අප කිසිවකුත් අනුමත කරන්නේ නැත. එහෙත් සොරකමක් කළ පමණින් එම තැනැත්තා හෝ තැනැත්තිය නිරුවත් කර පහරදීම ද අප කිසිසේත් අනුමත නොකරමු.

එහිදී පහර කෑමට ලක්වූ කාන්තාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෙවැන්නකි.

‘ඕනෙ කෙනෙක්ට මට විරුද්ධව නීත්‍යනුකූලව කටයුතු කරන්න පුළුවන්. ඒ වෙලාවේ මට ගහන්නේ නැතුව පොලිසියට කතා කරන්න තිබුණා. දොරවල් වහලා මට මේ විදියට පහර දෙන්න ගත්තේ ඇයි? මට කතාකරන්න කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. එතැන සේවය කළ කාන්තාව මට පහර දුන්නේ ඉතා අමානුෂික විදියට. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මමත් පහර දුන්නා. මගේ ඇඟ පුරාම තැළුම් පාරවල් තියෙනවා. එතැන Manager විදියට හිටපු ගෑනු කෙනා මගේ ඔළුවට පවා ගැහුවා. ඕනෙම දේක ඇත්ත නැත්ත හොයන පිළිවෙළක් තියෙනවා. මට මුහුණ දෙන්න වුණේ දරාගන්න බැරි බිහිසුණු සිද්ධියකට…’

මෙම සිදුවීමට සමානකම් දක්වන අනෙක් සිදුවීම සිදුව තිබුණේ පසුගිය 14 වැනිදා වන අතර, කඳාන ප්‍රදේශයෙන් එය වාර්තා වුණා. කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන භාණ්ඩ ප්‍රවාහනය කරන KD Express නම් ආයතනයක් තුළ එම සිදුවීම සිදුව තිබූ බවටයි තොරතුරු අනාවරණ වී තිබුණේ. එම ආයතනයේ කළමනාකරු සහ ඔහුගේ බිරිය විසින් පහරදීම සිදුකර ඇති බවත්, පෞද්ගලික ආරවුලක් මත ඔවුන් විසින් සිය ඥාති කාන්තාවකට එලෙස පහරදී තිබූ බවත් සමාජ මාධ්‍යයන්හි පළවී තිබුණා. මෙම පහරදීම දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම පහරදීම සිදුකළ යුවල පොලිස් අත්අඩංගුවට ගැනුණා. එම සිදුවීම පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේ මෙවැන්නකි.

‘මෙම විඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමග අප මෙය කුමන ස්ථානයක සිදුවූවක්ද යන්න සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. පසුව අනාවරණ වුණේ කඳාන ප්‍රදේශයේ එක්තරා ස්ථානයක මෙය සිදුවුණා කියලා. ඒ වගේම මෙම සිදුවීම පිළිබඳ දුරකතන ඔස්සේද අපට තොරතුරු ලැබුණා. පහරදීම සිදුකළ සැකකරුවා එම ස්ථානයේ සිටින බවටත් තොරතුරු ලැබුණා.

කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වෙලා සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අඹුසැමි යුවලක්. ඔවුන්ගේ වයස අවුරුදු 36ක් පමණ වනවා. මෙම දෙදෙනාම පහර දුන්නේ වයස අවුරුදු 19ක කාන්තාවකට. එම කාන්තාව ඔවුන්ගේ ආයතනයේ සේවය කරන කෙනෙක්. ඒ වගේම ළඟම ඥාතියෙක්. මෙම කාන්තාව වසර කිහිපයක සිට ඔවුන්ගේ නිවෙසේ තමයි සිටින්නේ ඒ ඥාතිත්වය නිසා. ඇය එම ආයතනයේ සේවය කරන අතරතුර ඇතිවෙච්ච ගැටලුවක් හේතුවෙනුයි මේ ආකාරයට පහරදී තිබෙන්නේ.

කෙසේ වෙතත් එවැනි ආකාරයේ පහරදීමකට කිසිම පුද්ගලයකුට අයිතියක් නැහැ. මුදල් සම්බන්ධව හෝ යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් තිබුණා නම් ඕනෑම අවස්ථාවක පොලිසියට පැමිණිල්ලක් කරන්න තිබුණා. මෙහි අවසන් ප්‍රතිඵලය හැටියට පහරදීම සිදුකළ දෙදෙනාවම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරකෑමට ලක්වූ 19 හැවිරිදි කාන්තාවත් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා. සියලු ආයතනවල සේවය කරන අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබ මෙවැනි දේට පෙළඹෙන්න එපා. ඔබේ ආයතනවල මූල්‍ය වංචා සිදුවෙන්න පුළුවන්. වෙන වෙන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඔබේ සේවකයන්ට එහෙම නැත්නම් ඔබ ළඟට එන පාරිභෝගිකයන්ට පහර දෙන්නට යන්න එපා…’

කෙසේ වෙතත් මේ වන විට එම පහරදීම දැක්වෙන වීඩියෝව සමාජගත වෙලා ඉවරයි. ඒ තරුණියට කතාකරන්නට හෝ අවස්ථාව ලබානොදී ඇයට අතින් පයින් සහ පුටුවලින් පහරදී තිබුණා. ඒ අමානුෂික පහරදීම හමුවේ ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මුනිවත රකින්නට ඇත්තේ තවදුරටත් එම රැකියාවේ රැඳී සිටීමට ඇයට අවශ්‍ය වූ නිසා වන්නට ඇති. මේ සිදුවීම පොලිසියට කිව්වා නම් ඇගේ රැකියාව අහිමි වේ යැයි සිතා ඇය පොලිසියට පැමිණිලි නොකර ඉන්නටත් ඇති. ඇයට පහර දෙන අයුරු දුටු ඕනෑම කෙනකුට හිතෙන්නේ පහරකෑම හමුවේ ඇය මියයන්නට ඇති බවයි. ඒ තරමටම දරුණු ලෙස ඇයට ඔවුන් පහර දුන්නා.

කාන්තාවගේ අයිතීන් ගැන කාන්තාවගේ ගෞරවය ගැන මහා ඉහළින් අපේ රටේ කතා කළත් ඒ සියලු කතිකාවන් හිස් වචන ටිකක් විතරයි කියලා මේ සිදුවීම් එක්ක අපට හිතෙනවා. කාන්තාවකට අපේ රටේ තියෙන තැන මොකද්ද? කාන්තාව වෙනුවෙන් සමරන්න කියලා අවුරුද්දේ විශේෂ දිනයකුත් වෙන්කරලා තියෙනවා. ඒත් ඒ එකකින්වත් පලක් තියෙනවද කියන එකයි අපට නම් හිතෙන්නේ.

කාන්තාවකට පහරදෙන මේ වීඩියෝ දර්ශන සමාජගත වීමෙන් පසුව පහරදීම සිදුකළ පිරිසට දැඩි දෝෂ දර්ශන එල්ල වුණා. අදාළ සුපිරි වෙළෙඳසල පාරිභෝගිකයන්ගේ පිළිකුලට ලක්වුණා. කිසිම හේතුවක් මත කාන්තාවකට හිංසා කරන්න අපේ රටේ තහනම්. හොරෙක් වුණත්, ගණිකාවක් වුණත් මිනීමරුවෙක් වුණත් ඔහුට හෝ ඇයට පහරදීමට කිසිවකුට අයිතියක් නෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට උසාවිය සහ පොලිසිය බැඳී සිටිනවා. පොලිසියේ කාර්යභාරය ඉටුකිරීම සිවිල් ජනතාවට අයිති නැති බවත් මෙහිලා සිහිපත් කළ යුතුයි.

ආයතනවල මෙවැනි සිදුවීම් සිදුවෙන්නේ බොහෝ දෙනෙක් ආර්ථික ගැටලුවලින් පීඩාවට පත්වෙලා සිටින නිසයි. අප රටේ කම්කරුවන් වෙනුවෙන් නීති තිබුණත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. දුප්පත්කම් අසරණකම් සියල්ල මුදලට යටවෙන සමාජයක් නිර්මාණය වෙමින් පැවැතීම වැළැක්විය යුතුයි. එසේම සෑම කෙනකුම සමාජ මාධ්‍යයන්හි අරමුණු සහ වටිනාකම් හරියාකාරව තේරුම් ගෙන ඒවා නිවැරැදි ලෙස ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ තුළින් සමාජයටද යහපතක්ම සිදුවනු ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට IMF ඉදිරිපත් කළ නිර්දේෂ 16 ඔබ දන්නවාද? I Sri Lanka Latest News

Next Post

අපේ එවුන්ටත් එහා ගිහින් චීන්නුත් දැන් කසිප්පු පෙරන්නත් පටන් අරන්! ඔබේසේකරපුරේදී දෙන්නෙක් බඩුත් එක්කම අල්ලන් යයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන 'බැසිලර් ටී’ (Basilur Tea), ජාත්‍යන්තර තේ දිනය සමරමින් ‘රූට්ස් ඔෆ් සිලෝන්’ (Roots of Ceylon)...

Read more
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.