සිය චීන සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව මේ දිනවල ආන්දෝලනයට තුඩු දී සිටින අමාත්‍යවරුන් 6 දෙනකු ඉවත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
නමුත් එම ඇමැති ධූර පිරවීමේදී පිටත සිටින කිසිවකුට අලුතින් තනතුරු නොදීමටද ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයි පැවසේ.
ඒ අනුව ඇමැති තනතුරු දරන කිහිප දෙනකු අතරේ මෙම අමාත්‍ය ධූරද බෙදා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද දැනගන්නට තිබේ.










