ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර සිටී.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ වෙත ප්‍රවේශය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660 ක් වනු ඇත.










