• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියාව පරද්දන්න ලෝකෙට ගියපු අපේ රටේ ඉස්කෝලෙ ළමයි I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive, News, Sports
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආසියානු පදක්කම් අරගෙන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලංකාවට ආවා. අවුරුදු ගානකට පස්සේ තමයි මේ පදක්කම් ඔවුන් ගත්තේ. ඒ නිසා මේ පදක්කම් වෙනදට වඩා වටිනවා. අපට ආඩම්බරෙන් කතාකරන්න පුළුවන් සමහර දේවල් නැති වෙමින් යනවා වගේ දැනෙන අස්සේ තමයි මේ පදක්කම් සටහනෙන් අපට යම් ගෞරවයක් ලැබුණේ. ඒ ගෞරවයේ ප්‍රධාන හිමිකාරිය වෙන්නේ තරුෂි කරුණාරත්න.(Sri Lanka Latest News)

තරුෂි කියලා කියන්නේ වලල රත්නායක විද්‍යාලයේ තවමත් අධ්‍යාපනය ලබන ළමයෙක්. තරුෂිගේ කතාව විතරක් අපි ලෝකෙට කියනකොට ඔබ දන්වද දන්නෙ නෑ මේ අවුරුද්දේ මේ කණ්ඩායම් එක්ක පාසල් ශිෂ්‍යයෝ 10 දෙනෙක් සහභාගි වෙච්ච බව. මේ සිසුන් 10 දෙනාවම අපි හරියට පරිස්සම් කරගත්තොත් මේ අය අපේ රටේ ක්‍රීඩා අනාගතය බවට පත්වෙන බව විශ්වාසයි. ඒ නිසා තමයි මේ වතාවේ මෙහෙම ලිපියක් ලියන්න තීරණය කළේ.

මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනාම තවමත් ඉන්නේ ක්‍රීඩාවන් පුහුණු විය යුතු, අධ්‍යාපනය ලැබිය යුතු, අනාගතය සකස් කරගත යුතු මට්ටමේ. ඉතින් මේ අයට අවශ්‍ය පුහුණුව ලබාදීලා තවත් අවුරුදු 5ක් වගේ ඇතුළත ඔවුන්ගේ ක්‍රීඩාවේ තියෙන ඉතා ශක්තිමත් කාලයේදී අපිට ඒ අයගෙන් ප්‍රයෝජන ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ලිපිය පටන් ගන්නවා.

මේ ලැයිස්තුවේ පළමුවෙන්ම ඉන්නේ තරුෂි කරුණාරත්න. තරුෂි වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඇත්තටම ඈ මීට කලිනුත් මේ විදියටම දක්ෂතා දක්වපු කෙනෙක්. විශේෂත්වය වන්නේ තරුෂි මේ වතාවේ පදක්කම් ලංකාවට අරගෙන ආවා. ඈට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමියි. රන් පදක්කම ඈ දිනාගන්නේ කාන්තා මීටර් 800 දිවීමේ තරගයේ ජයග්‍රාහිකාව විදියට. ඒ වගේම ඈට මීටර් 400 x 4 සහාය දිවීමේ කණ්ඩායමේ ජයග්‍රහණයේ පදක්කමත් හිමිවෙනවා. ඒ නිසා ඈ ඉතා සුවිශේෂයි. ඈ ගැන අපි නිතරම කතා කරපු නිසා වැඩි විස්තරයක් මේ ලිපියෙන් ලියන්න අවශ්‍ය වෙන්නේ නෑ.

ඔබ නොදන්න තවත් වැදගත් කාරණයක් තමයි මීටර් 400 x 4 සහාය දිවීමේ කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවක් හිටියා තවමත් පාසලේ ඉගෙන ගන්න. ඉස්කෝලෙ ළමයි දෙන්නෙක් එක්ක තමයි ලෝකඩ පදක්කම දිනාගත්තු සහාය දිවීමේ කණ්ඩායම අපි ලෝකෙට අරගෙන යන්නේ. මේ දෙන්නා තව ඉස්සරහට යනකොට අපට කොච්චර මේ අයගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයිද කියන එක අපි හිතන්න ඕනේ. ඇය තමයි ජයේෂි උත්තරා.

ඇය ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලයේ ඉගෙනගන්න දරුවෙක් කියලා තමයි අපට දැනගන්න ලැබෙන්නේ. ජයේෂිට ජාතික වාර්තාව බිඳ දැමූ මීටර් 400 x 4 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න ලැබුණා. ජයේෂිත් පදක්කමක් අරගෙනයි ලංකාවට ආවේ. ඈ හිස් අතින් ලංකාවට ආපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඈටත් අපේ ගෞරවය ඒ විදියටම ලැබෙන්න ඕනේ. අපට තරුෂිගේ ජයග්‍රහණයෙන් ජයේෂිගේ ජයග්‍රහණය අමතක වෙලා යන්න බෑ. ජයේෂිත් තවමත් පාසල් ශිෂ්‍යාවක්. ඒ නිසා ජයේෂිලාව හොඳින් පුහුණු කරලා ගත්තොත් අපේ සහාය දිවීමේ කණ්ඩායම මුළු ලෝකෙම හොල්ලන්න පුළුවන් කණ්ඩායමක් වෙන එක අතිශය විශ්වාසයි.

ඒ වගේම මේ කණ්ඩායමේ හිටියා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න විශ්මි ගුණරත්න. විශ්මිටත් මේ වතාවේ රිදී පදක්කමක් පැලඳගෙන ලංකාවට එන්න හැකියාව ලැබුණා. විශ්මි තවමත් පාසල් ශිෂ්‍යාවක් විදියට තමයි කටයුතු කරන්නේ. ඈ ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තමයි මේ තරගාවලියට සහභාගි වුණේ. නෙත්මි අහිංසා, වෙල්පහළ ශ්‍රී සංඝරත්න මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්.

ඈට මේ වතාවේදී පදක්කමක් දිනාගන්න බැරිව ගියත් ඈට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගන්න පුළුවන් වුණා. මේ වතාවේ බලාපොරොත්තු නොවුණු විදියට ඈට පළමු තරගයෙන් තාක්ෂණික කාරණාවක් මත ඉවත් වෙන්න සිදුවුණා. ඒ නිසා තමයි ඈ ගැන කතා කරන්න අමතක වෙච්ච ක්‍රීඩිකාවක් බවට පත්වුණේ. ඇය තමයි අපේ හතරවැනි පාසල් ක්‍රීඩිකාව. ඈටත් තව සෑහෙන දුරක් යන්න තියෙනවා. නෙත්මිට පුළුවන් වුණා මුළු ලෝකෙම අවධානය දිනාගත්ත ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරලා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම්ලාභිනියක් බවට පත්වෙන්න.

ඒ වගේම තාල්යා ටන්ෂෙල් කියන්නේ කොළඹ කාන්තා විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක්. ඈත් මේ වතාවේ සහභාගි වුණා මේ තරගාවලිය සඳහා. බෝට්ටු පැදීම තමයි ඈගේ තරග ඉසව්ව. ඒ ඉසව්වෙන් ඇය පරාජයට පත්වුණා. තවමත් 17 හැවිරිදි වියේ ඇය පසුවෙන්නේ. ඈ තමයි අඩුම වයස හිමි තරගකාරිය විදියට මේ තරගාවලියට සහභාගි වුණේ. ඒ වගේම චන්තිමා සිනේලි, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යාවක්.

ඇගේ වයස අවුරුදු 18යි. ඇය ස්කොෂ් ක්‍රීඩිකාවක් විදියටයි මේ තරගාවලියට සහභාගි වුණේ. ඇයට පදක්කමක් ලබාගන්න අවස්ථාව ලැබුණේ නෑ. නමුත් ඇය තරග කිහිපයකට සහභාගි වුණත් ඒවායින් පරාජයට පත්වුණා. ඈව හරියට පුහුණු කරලා ගන්න පුළුවන් නම් ඔවුන්ට හොඳ අනාගතයක් තියෙනවා. මොකද ඇය තවම 18 හැවිරිදි වියේ පසුවන නිසා.

ෂෙවෝන් ඩැනියෙල්, ශාන්ත ජෝෂප් විද්‍යාලයේ වයස අවුරුදු 19 ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඔහු රටම දන්න ක්‍රීඩකයෙක්. ඒ වගේම සුසල් උදයන්ත සිල්වා නාලන්දා විද්‍යාලයේ. වයස අවුරුදු 17යි ඔහුට. ඔහු චෙස් තරග සඳහායි සහභාගි වුණේ. අපට දැනගන්න ලැබෙන විදියට ඔහු ඒ තරගයෙන් පරාජයට පත්වුණා. ඒ වගේම නදිල නෙත්විරු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යයෙක්.

ඔහු ජිම්නාස්ටික් තරග ඉසව්වට තමයි සහභාගි වුණේ. ඔහුට හිමිවුණේ 17 වැනි ස්ථානය, ආසියාවෙන්ම. අසියාවෙන්ම 17 වැනියා වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා ඔහුටත් ලොකු දුරක් යන්න තියෙනවා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ තරින් නානායක්කාරත් මේ තරගාවලියට සහභාගි වුණා.

මේ විදියට පාසල් ශිෂ්‍යයෝ 10 දෙනෙක්ව අපි එක්කගෙන යනවා මේ වතාවේ. ඒක සුබ නිමිත්තක්. අපට හොඳ අනාගතයක් තිබෙන බව පේන්න තියෙනවා. ඒ නිසා මේ 10 දෙනාව හොඳින් පරිස්සම් කරගන්න කියලා අපි ඉතා ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා, ඔවුන්ව නැති නාස්ති කරගන්නේ නැතිව. මොකද ඔවුන් තමයි අපේ රටේ අනාගතය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රාමාගේ සහෝදරයාට පණ දෙන්න හනුමන්තා හිමාලයෙන් අරන් එද්දී ලංකාවටත් වැටුණු අද්භූත බෙහෙත් පැළය I Sri Lanka Latest News

Next Post

ලෝක වාර්තාවට අත වනන ටෙන්ඩුල්කාර් දියණියගේ සිහින තරුව I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.