• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාමාගේ සහෝදරයාට පණ දෙන්න හනුමන්තා හිමාලයෙන් අරන් එද්දී ලංකාවටත් වැටුණු අද්භූත බෙහෙත් පැළය I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැරෙන්න යන අයට ජීවිතය දෙන්න පුළුවන්… හොයාගන්න පුළුවන් රිටිගලින් විතරයි…

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු විස්කම් මවන සැත්කම් පිටුදකින අතිවිශිෂ්ට ගණයේ වෙද සත්කාරයකි. සොබාදහමේ අසිරිය මත මහ පොළොවෙහි නිරායාසයෙන් වැවෙන, ගහකොළවලින් අතු ඉතිවලින් පොතු මුල්වලින් ගත් සාරයෙන් මරණාසන්න රෝගීන්ට පවා නැවත නිදහසේ හුස්ම ගන්නට අවැසි අවකාශය දෙන මේ අරුම පුදුම වෙදකමට ඇත්තේ වසර දස දහස් ගණනක අතීතයකි.(Sri Lanka Latest News)

බටහිර වෛද්‍ය විද්‍යාව සමග කිසිදු ගනුදෙනුවක් නැති වඩා හොඳ ක්‍රමවේදය කුමක්දැයි යන විවාදය තුළ නිහඬ සීතල යුද්ධයක යෙදෙන ආයුර්වේදයෙහි නව සොයාගැනීම්ද සත්තකින්ම කියනවා නම් බහිර වෛද්‍ය විද්‍යාවටද වරෙක දෙවැනි නොවන තරම් වේ.

මේ කියන්නට සූදානම් වන්නේද එහෙම සොයාගැනීමක් ගැනය.

ආයුර්වේදය ගැන උනන්දුවක් දක්වන ඔබ අහලා තියෙනවද ‘සංජීවනී ඔසු පැළය’ ගැන?

මොකක්ද මේ ‘සංජීවනී ඔසු පැළය’? එහි ඇති විශේෂත්වය කුමක් විය හැකිද?

මේ සොයාගැනීම ගැන පුවත්පතක සටහන් කරන්නට තරම් එහි යම් වැදගැම්මක් වේද?

සත්තකින්ම, සංජීවනී ඔසු පැළය ගැන පුරාණයෙහි කියැවී සහ ලියැවී ඇති දෑ බොහෝය. එහි පිහිටි වටිනාකම අමිලය. කාලය ටිකක් මිඩංගු කරන්න ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන සෝෂල් මීඩියාවක තියෙන ඕපාදූපයක් කියවනවාට බලනවාට වැඩිය සංජීවනී ඔසු පැළය ගැන කියැවෙන මේ වටිනා කතන්දරය ඔබේ වෙද අත්පොතට කදිම වූ මිල කළ නොහැකි දැනුම් සම්භාරයක් තිළිණ කරාවි.

මුලින්ම අපි සංජීවනී ඔසු පැලයේ පෙනුම සහ ස්වභාවය ගැන කතා කරමු. සංජීවනී ඔසු පැලය හරියටම කියනවා නම් ගැහැනු උදවිය වඩාත්ම ආශා කරන විසිතුරු ශාකයකට සමානයි. තවත් පහසුවට කියනවා නම් ‘සංජීවනී ඔසු පැළය ක්‍රෝටන්වලට සමානය. තද කොළ පාටය. දණ්ඩක ආධාරයෙන් විහිද ගිය අතුපතර මොනර පිලක හැඩය සිහිගන්වයි. ඔසු පැළයක් විදියට විතරක් නෙමේය. ගෙමිදුල, ආලින්දය හෝ විසිත්ත කාමරයෙහි මුළු ලස්සන කරන ඇසට ප්‍රියමනාප විසිතුරු පැළයක් ආකාරයටද මෙය නිවෙසේ බෝකර ගන්නට පුළුවන.

‘ලස්සන පෙනුම කන්නද?’ කියා අහන අයට ‘සංජීවනී ඔසු පැළයෙහි මිල කරන්නට අපහසු වටිනාකම කියන්නටයි මේ ලැහැස්ති වෙන්නේ.

රටවල් කිහිපයකම වාගේ විශේෂයෙන්ම ඉන්දියාව, චීනය සහ ඔස්ටේ්‍රලියාවේද සංජීවනී ඔසුව විවිධ වූ විද්‍යාත්මක නම්වලින් ප්‍රචලිතය. සුවිශේෂීව ප්‍රධාන වශයෙන් මෙහි නියම විද්‍යාත්මක නාමය ‘සෙලජීනෙල්ලා සිලරීස්’ (Selaginella ciliaris) ලෙස හැඳින්වේ. මරණාසන්නව තුවාල වූ රෝගියකුගේ ජීවිත අවදානම වළක්වන ගුණාත්මක බවින් පිරි මෙම බෙහෙත් පැළෑටිය ලේ වහනය වීම ඉතා ඉක්මනින් වළක්වාලන විස්මිත ගුණයකින් පරිපූර්ණ වේ.

අතීතයේ පමණක් නොව අදටත් ඉන්දියාවේ හිමාල කඳුවැටි අවට වාසය කරන ගෝත්‍රික මිනිසුන් අනතුරු සහිත අවස්ථාවල ලේ ගැලීම් නිසා මරණයට පත්වන්නට ආසන්නව සිටින දස දහසක් රෝගී වූවන්ට නැවත ජීවිත දානය දීමට මෙම ඔසුවෙහි සාරය භාවිතයට ගන්නා බව වෙද පත පොතෙහි සාක්ෂි සහිතව සඳහන් කොට ඇත. සංජීවනී ඖෂධ පැළය ගැන පර්යේෂණයෙහි නිරතව සිටි එවක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හල්දුම්මුල්ල ජාතික ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරි කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පවසා සිටියේ සංජීවනී ඔසු පැළය දේවත්වයෙන් රැකබලා ගතයුතු පැලෑටියක් බවය.

ඔහු එහෙම ප්‍රකාශයක් කළේ සංජීවනී ඔසු පැලය වඳවීගෙන යන්න අරඅඳින නිසාද?

කනගාටුවට කාරණය ඒකය. මරණාස්නන වූවනට පවා ජීවිත දානය දෙන මෙම වටිනා දුර්ලභ ශාකය වඳවී යන බෙහෙත් පැළෑටි වර්ග අතරට එක්ව ඇත. එලෙසම වන සත්ව සම්පත් ගැන තොරතුරු සටහන් වන එක්සත් ජාතීන්ගේ රතු දත්ත පොතෙහිද සටහන්ව තිබෙන්නේ, මොනර පිලක හැඩය ගෙන ඇති නිසා ‘මයුරශික’ යන සංස්කෘත නාමයෙන් හැඳින්වෙන සංජීවනී ඔසු පැළෑටිය මීවන ශාකයක් බැවින් මල් හටගැනීමක් ප්‍රකට නොකරයි. ගල් සහිත සහ කඳුකර සහිත ප්‍රදේශයන්හි වර්ධනය වන ලකුණු පෙන්නුම් කරයි ලෙසටය.

සංජීවනී ඔසු පැළයෙහි ප්‍රභේද දෙකකි. එකක් ‘සෙලජිනෙල්ලා සිලරීස්’ යන විද්‍යාත්මක නාමයෙන් ප්‍රසිද්ධ අතර, අනෙක් වර්ගය සිලරීස් යන විද්‍යාත්මක නාමය දරන්නේය. ප්‍රභේද දෙකෙහිම සම සමව ලේ වහනය වළක්වාලන අතිසුවිශේෂ ගුණය පරිපූර්ණව ඇති අතර, ශ්‍රී ලාංකේය වශයෙන් මෙම ඖෂධ පැළෑටිය අවිනිශ්චිත ශාකයක් වශයෙන්ද හඳුන්වා දී ඇත.

කෙසේ වුවද ඉතා දුර්ලභ ගණයේ ඔසු පැළයක් වුවද සංජීවනී ඔසුව රූමස්සල කන්ද ආශ්‍රිතව රිටිගල සහ රාස්සගල ප්‍රදේශවල සොයාගත හැකි බවටද පර්යේෂණාත්මකව තොරතුරු හෙළිව ඇති බව කියැවේ.

ඒ සංජීවනී ඔසු පැළයෙහි විද්‍යාත්මක සහ වෙද තොරතුරුය. ඊළඟට අපි යන්නේ සංජීවනී ඔසුවෙහි සෞන්දර්යාත්මක අසිරිය අත්විඳින්නටය.

කුමක් විය හැකිද ඒ සෞන්දර්යාත්මක අසිරිය?

ඒ අසිරිය ඇත්තේ ලස්සන කතන්දර පොඩියක් තුළය. මොහොතකට හිතා බලන්න හිමාල අඩවියෙහි දස දහස් ගණන් ඖෂධ පැළෑටි වැවෙන පොළොවෙහි අරක්ගත් සංජීවනී බෙහෙත ලංකාවේ පොළොව මත අරක් ගත්තේ කොහොම වෙන්න පුළුවන්ද කියලා. කොහොම හරි ඒ කාරණය සිද්ධ වුණා. හැබැයි එය අහම්බයක්. ඒ අහම්බය නම් හරි පුදුම හිතෙන අහම්බයක්. ඒ අහම්බය සිදුවූ කතන්දරයත් හරි අපූරුයි. කොයි තරම් අපූරුයිද කියනවා නම් අරාබි නිසොල්ලාසයේ එන කතා පුවතක් වගේම ඒක අහගෙන ඉන්න ආසයි. කියවනකොට රූප පෙළක් හිතෙන මැවෙන තරමට සිත්කලුයි.

කතන්දරය පටන්ගන්න කලින් අපි යන්නේ බොහෝ ඈත අතීතයටයි. ඒ අතීතය අවුරුදු පන්දහසකටත් එහා කාලයක්. ඒ සුන්දර සිත් අලවන කතා පුවතට චරිත නිරූපණය මවන්නේ සුප්‍රසිද්ධ ඉතිහාසගත රාමා සීතා පෙම් කතාවේ රාමා සහ ඔහුගේ සිවුපා හිතමිතුරා වූ හනුමන්තායි. ඔන්න ඉතින් රාමා සීතා සහ රාවණා පෙම් පලහිලව්වේ එක් අවස්ථාවකදී රාමාගේ සහෝදරයා වුණු ලක්ෂ්මනට දරුණු ප්‍රහාරයක්දී මාරාන්තික තුවාල සහිතව අසාධ්‍ය වෙනවා.

ජීවිතයත් මරණයත් අතර ඉන්න ලක්ෂ්මනට නැවත ජීවය දෙන්න නම් දුර්ලභ ගණයේ සුවිශේෂ ඖෂධ පැළෑටියක් වුවමනා වෙනවා. ඖෂධ පැළෑටිය හඳුන්වන්නේ ‘සංජීවනී’ කියන නාමයෙන්. රාමා තම සිවුපා මිතුරාගේ උදව් ඉල්ලනවා. යහපත් පෙළේ තිරිසන් මිතුරකු වූ හනුමන්තා දෙවරක් නොසිතා රාමාට උදව් කරන්න යුහුසුලුව ඉදිරිපත් වෙනවා. අහිංසක තිරිසනා ඊගහක වේගයෙන් අහසින් යන්නේ හිමාල අඩවියට. සංජීවනී ඔසු පැළය තියෙන්නේ හිමාල අඩවියේ පමණයි.

කාලය සීමිතයි. ලක්ෂ්මන මරණාසන්නයි. තම හිතවත්ම මිතුරා රාමා ඉන්නේ ඉමහත් වේදනාවක. රාවණා තම ආදරණීය පෙම්වතිය පැහැරගෙන ගිහින්. ඒ අතර සහෝදරයා මරණ මංචකයේ. රාමා හිටියේ උමතු ස්වභාවයක. හනුමාට එය දරාගන්න බැහැ. හනුමා හැකි ඉක්මනින් හිමාලයට එනවා. ‘ලක්ෂ්මනට පණ දෙන්නට හැකි සංජීවනී ඔසුව කෝ?’ පිස්සුවෙන් වගේ අසරණයා එය හිමාලයෙහි පොළෝ තලය මත හැම බිම් අඟලකම හොයනවා. ඒත් හොයාගැනීමට පහසු වන්නේ නැහැ.

එතැනදී හනුමා පරළ වෙනවා. වැඩිපුර ඉක්මනින් පරල වෙන්නෙත් බොහෝ විට සංවේදී හිත් ඇත්තෝ කියනවනේ. හනුමත් එහෙමයි. නැත්නම් ඉතින් සීතා දේවියගේ කඳුලෙ දුක දරාගන්න බරිව දේශයක් ගිනිබත් කරාවියැ. මෙතැනදීත් හනුමාට ඉවසිල්ල නැතිවුණා. දෑතින්ම තම සිරුරෙහි ලෝම ඇදගත්තා. විලාප දීලා කෑගැහුවා. අනතුරුව ඔහුට ගණදෙවි නුවණ වැනි නුවණක් පහළ වුණා.

රාමා කී ආකාරයට සංජීවනී ඔසුව තියෙනවාය කියන බිම් ප්‍රදේශය තුළ වූ කඳු යාය හනුමා දෑතින් වීර්ය දාලා උගුල්ලා ගන්නවා. උගුල්ලා ගත් ඒ කඳු කොටස දෑතින්ම ඔසවා ගෙන හැකි පමණ වේගයෙන් අහස සිසාරා ලංකා පුරයට එනවා. ඒ එන අතර මගදී තමයි ඒ කන්දෙන් කොටස් කිහිපයක්ම පොළොවට කඩාවැටෙන්නේ. ඒ වැටුණු ප්‍රදේශය අතර රිටිගල කඳුකරය. රූමස්සල, දොළුකන්ද කච්චතිව් සහ තල්ලඩි ප්‍රධාන වේ.

ඒ ප්‍රදේශ අතරින් රිටිගල ප්‍රදේශය තුළදී සංජීවනී ඔසු පැළෑටිය අනෙකුත් ප්‍රදේශවලට වැඩිය මඳක් පහසුවෙන් සොයාගත හැකි බවට තොරතුරු අනාවරණ වී ඇත. එලෙස අහම්බයක්ව ඉබේම ලංකා පොළොවේ බෝවූ සංජීවනී ඔසුවෙහි වටිනාකම සහ එය දුර්ලභ ගණයේ ආරක්ෂා කළ යුතු ඔසුවක් බවට කරුණු කාරණා හෙළිවූයේ වසර දහස් ගණනකට පසුවය.

මීවන ශාක ගණයට අයිති, මල් හටගන්නේ නැති බීජ මගින් බෝවන සංජීවනී ඔසු පැළෑටිය සාමාන්‍යයෙන් පහසුවෙන් වැවෙන්නේ ගල් සහිත වූ කඳුකර ප්‍රදේශවලය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව බොහෝ ප්‍රසිද්ධව ඇති ශ්‍රී ලංකාව වැනි රටක බහුලව වගාකිරීමට අපහසු වුවත් මරණාසන්න රෝගීන්ට ජීවය දෙන අධික ලේ ගැලීමට සුවදායක නැවතීමක් දෙන අමිල වටිනාකමකින් යුතු මේ ඔසු පැළය සංරක්ෂිත වගාවක් ලෙස ප්‍රචලිත කරලීමෙන් අත්කොට ගත හැකි ප්‍රතිලාභ මිල කරන්නට බැරි තරම් නොවේද? සිවුපා සතකු වුවද රාමා සීතා පෙම් පුවතෙහි සංවේදී චරිතයක් වූ හනුමා අහම්බයක් ලෙස ලක් පොළොවට තිළිණ කළ සංජීවනී ඔසු පැළය අප මවු රටෙහි සශ්‍රීකව ව්‍යාප්ත වන්නටත්, මරණාසන්න රෝගීන්ට එයින් නැවත ජීවය ලැබේවා යන්නත් මෙහිදී ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු (මූලාශ්‍ර අන්තර්ජාලය ඇසුරිනි)

SendShareShare
Previous Post

ආණ්ඩුව රට හදනවද තවත් බංකොලොත් කරනවද? සිසුන් 59,000ක් සරසවියට එද්දි උගන්වන්න 12992ක් ඉන්න ඕන තැන කතිකාචාර්යවරුන් ඉන්නේ 5500යි! පඩිත් අඩුයි! ප්‍රතිපාදනත් නෑ! සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආසියාව පරද්දන්න ලෝකෙට ගියපු අපේ රටේ ඉස්කෝලෙ ළමයි I Sri Lanka Latest News

MORE NEWS

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.