• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක වාර්තාවට අත වනන ටෙන්ඩුල්කාර් දියණියගේ සිහින තරුව I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive, Heart, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අග්‍රගණ්‍ය පිතිකරුවෝ එමටය. එවැනි බොහෝ පිතිකරුවන් විශිෂ්ටත්වයට පත්වී ඇත්තේ අත්දැකීම් තුළිනි. කැපී පෙනෙන ක්‍රිකට් තරු බවට පත් වූ වැඩි අත්දැකීමක් නැති කෝඩුකාරයෝ ද නැත්තේ නොවේ. ඒ අතරින් 24 හැවිරිදි ෂුබ්මාන් ගිල්ට හිමි වන්නේ සුවිශේෂ තැනකි.(Sri Lanka Latest News)

විශේෂත්වය වන්නේ වසර 2019 ජනවාරියේදී ඉන්දීය ජාතික පිලේ හිස්වැස්මට හිමිකම් කී මේ දකුණත් පිතිකරුවාට ක්‍රිකට් පිටිය දිග්විජය කිරීමට වැඩි කාලයක් වැය නොවීමය. හෙතෙම පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි අවධානයට ලක් වූ අතර, එහි උණුසුම මැකී යෑමටත් පෙර ඔස්ටේ්‍රලියානු පිලේ ඉන්දීය සංචාරයේ දෙවැනි එක්දින තරගයේදී ශතකයකට හිමිකම් කියමින් තවත් වාර්තාවකට හිමිකම් කීවේ ඉන්දීය ක්‍රිකට් අඹරේ දිදුලන තරුව බවට පත්වෙමිනි.

ඔස්ටේ්‍රලියාවට එරෙහිව මොහාලි නුවර පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 74ක් රැස්කළ ෂුබ්මාන් වාර්තාගත ශතකය රැස් කළේ ඉන්ඩෝර්හි පැවැති දෙවැනි එක්දින තරගයේදීය. එය ෂුබ්මාන් මේ වසරේදී රැස් කළ පස්වැනි එක්දින ශතකය වන අතර, එදා ඔහු රැස්කළ ලකුණු 104 වාර්තා පොතට එක් වූයේ කැලැන්ඩර් වසරක එක්දින ශතක 5 සම්පූර්ණ කළ 7 වැනි ඉන්දීය පිතිකරුවා ලෙසිනි. ‍කැලැන්ඩර් වසරක එක්දින ශතක 5 සම්පූර්ණ කළ සෙසු ඉන්දීය පිතිකරුවන් ලෙස ඉතිහාසයට එක්වූයේ සචින් තෙන්ඩුල්කාර්, විරාට් කෝලි, රාහුල් ඩ්‍රාවිඩ්, සෞරව් ගැන්ගුලි, ශිකර් ධවාන් සහ රෝහිත් ෂර්මාය. ෂුබ්මාන් ද මේ විශිෂ්ටයෝ ගොන්නට එක්වීමෙන් ඉන්දීය ක්‍රිකට් අනාගතයට කදිම ආයෝජනයක් බවට පත්වී සිටී.

ෂුබ්මාන් ගිල් 1999 සැප්තැම්බරයේදී පන්ජාබයේ ෆසිල්කා නුවර සීක් ජාතික පවුලක උපත ලැබුවේ නිවුන් දරුවන් ලෙසිනි. ඔහුගේ නිවුන් සොහොයුරිය ශානීල් එකට හැදී වැඩුණු මේ කඩවසම් ඉලන්දාරියා ක්‍රිකට් ක්‍රීඩකයකු වූයේ ඔහුගේ පියාගේ බලපෑම් නිසාය. ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය තිබුණේ ගොවියකු වූ ලක්ෂ්වින්දර් සිංගේ සිත තුළය. එහෙත් ඔහුට ඒ සිහිනය සැබෑ කරගැනීමට නොහැකි විය.

සිය පුත්‍රයා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කිරීමට ඔහු තීරණය කළේ එබැවිනි. අවුරුදු තුනේදීම පිත්ත අතට ගත් ෂුබ්මාන්ගේ ක්‍රිකට් හැකියාව දුටු ලක්ෂ්වින්දර් ඔහුට සිය ගොවිපොළේම ක්‍රිකට් පිටියක් සහ ‘ටර්ෆ්’ විකට්ටුවක් තනා දුන්නේය. ඔහුට පිතිහරඹය පුහුණු කළේ සිය ගොවිපළේ රැකියාව කළ සේවකයන් පන්දු යවන්නෝ බවට පත්කරමිනි. ඒ සඳහා ඔහු සේවකයන්ට වෙනම ගෙවීමක් කළ බවද කියැවේ. පසුව ෂුබ්මාන් සමග ගොවිපළේ ක්‍රිකට් ගැසීමට ගමේ කොල්ලෝත් එක්වූහ. හැකිනම් තමන්ගේ කඩුල්ල දවා ගන්නා ලෙසත්, එසේ කඩුල්ල දවාගන්නේ නම් රුපියල් සියයක් දෙන බවටත් ඔහු ගමේ කොල්ලන් හා ඔට්ටු තැබුවේය.

පුත්‍රයාගේ පිතිහරඹයේ තරම බලා සිටි ලක්ෂ්වින්දර් අනතුරුව උපන් ගම හැරදමා මොහාලි නුවර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නිවෙසක් කුලියට ගෙන එහි පදිංචියට ගියේ සිය පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩකයකු නොකර ආපසු ගමට නොයන බවට අදිටන් කරගනිමිනි.

පියාගේ අනුමානය වැරදුණේ නැත. විජේ මර්චන්ට් කුසලානය සඳහා වූ අවුරුදු 16න් පහළ ප්‍රාන්ත තරගාවලියේදී පන්ජාබ් ප්‍රාන්තය වෙනුවෙන් සිය කුලුඳුල් තරගයට පිවිසි ෂුබ්මාන් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කරමින් පියාගේ සිහිනය සැබෑ කිරීමේ පළමු අඩිතාලම දැමුවේය. ෂුබ්මාන් ගිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දු වූයේ එලෙසිනි. ඔහු දැන් කාගේත් අවධානයට ලක්වූ පිතිකරුවෙකි.

ක්‍රිකට් විචාරකයන් කියන්නේ ෂුබ්මාන් යනු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී එන තරුව කියාය. ඔහු ඉන්දීය ක්‍රිකට් කරළියේ මීළඟ විරාට් කෝලි බව හිටපු ක්‍රීඩක සුරේෂ් රයිනා දැනටමත් අනාවැකි පළකර තිබේ. ෂුබ්මාන්ගේ පිතිහරඹ තාක්ෂණය කෝලිට වඩා වෙනස්ය. ඔහුගේ මුළු ක්‍රීඩා රටාවම පදනම් වී ඇත්තේ පසුපාදය කේන්ද්‍ර කරගනිමිනි. එය හැම අතින්ම සමාන වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු හා කඩුලු රකින්නකු වූ බ්‍රෙන්ඩන් කුරුප්පුගේ පිතිහරඹ රටාවටය.

එය කෙසේ වෙතත් ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ ලෝක වාර්තාවක් අබියස සිටින බව නම් ඉඳුරාම කිව හැකිය. එය එතෙක් මෙතෙක් එක්දින තරග බිමේ වසරකදී පිතිකරුවකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවය. එම වාර්තාව තබනු ලැබුවේ අන් කිසිවකු හෝ නොව ෂුබ්මාන්ගේ අනාගත මාමණ්ඩිය වනු ඇතැයි කවුරුත් කියන ලෝක පූජිත ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ය. ෂුබ්මාන් යනු සචින්ගේ එකම දියණිය සාරාගේ සිහින කුමරු බවට ඉන්දියාවේ ක්‍රීඩා ලෝලීන් අතර පැතිරී ඇති කතාව තවමත් තහවුරු වී නැත. එය කෙසේ වුවත් තවමත් නොබිඳී පවතින සචින් 1998 කැලැන්ඩර් වසරේදී ලකුණු 1894ක් රැස් කරමින් තැබූ ලෝක වාර්තාව මේ වසරේදී බිඳදැමීමට ෂුබ්මාන්ට වැඩි අවස්ථාවක් ඇති බව නම් සහතිකය.

ඒ සඳහා ඔහුට අවශ්‍ය තවත් ලකුණු 665ක් පමණි. ඔස්ටේ්‍රලියාව සමග පැවැති තුන්වැනි තරගයට අමතරව ෂුබ්මාන්ට ඒ සඳහා තවත් එක්දින තරග ගණනාවක්ම ඉතිරිව තිබේ. එළැඹෙන එක්දින ලෝක කුසලානයේදී ඉන්දියාව මූලික වටයේ තරග 9කට ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන්දියාව අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට ගියහොත් එතැනම තවත් තරග දෙකකි. ඉන්දීය පිල දකුණු අප්‍රිකාව සමගත් එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය.

ෂුබ්මාන් ආබාධයකට ලක් නොවන්නේ නම් හෝ ඉන්දියාව ඔහු තරග කිහිපයකින් විවේක ගැන්වීමට නොසිතන්නේ නම් හෝ සචින්ගේ ලෝක වාර්තාව බිඳ දැමීමට ඔහුට තවත් එක්දින තරග 13ක්ම ඉතිරිව තිබේ.

blog.gossiplanka.lk වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ආසියාව පරද්දන්න ලෝකෙට ගියපු අපේ රටේ ඉස්කෝලෙ ළමයි I Sri Lanka Latest News

Next Post

රනිල් ඉන්නෙ හීන ලෝකවල! ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රනිල්ටවත් පොහොට්ටු ගොට්ටන්ටවත් ජනවරමක් නෑ! මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නවත්-ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නවත් අපි තුනෙන් දෙක ලබා දෙන්නේ නැත! මරික්කාර් සජබෙ තීන්දුව දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.