මහියංගණ රජමහා විහාරස්ථානයේ පෙරහරට රැගෙන විත් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ සීතා ඇතින්න සිද්ධියෙන් සති තුනකට පසු ඊයේ (18) පස්වරුවේ මහරගම වාසස්ථානය වෙත ලොරි රථයකින් රැගෙන යනු ලැබීය. (Sri Lanka Latest News)
දෙසතියක පමණ කාලයක් තිස්සේ නිදා නොගැනීම හේතුවෙන් ඇතින්නගේ උදර ප්‍රදේශය ඉදිමී තිබෙන බවත් ඉදිරියේ දී ශරීර සෞඛ්‍ය තත්ත්වය තවත් දුර්වල වී දීර්ඝ ගමනක් රැගෙන යාමට නොහැකි තත්ත්වයකට සතා පත්වුවහොත් ඇතිවන අවදානම සැලකිල්ලට ගෙන ඇතින්නගේ හිමිකරු සිටින මහරගම නිෙවසට රැගෙන යාමට තීරණය කර තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කීය.
ඇතින්ට වෙඩි තැබීමේ සිද්ධියට සාධාරණය ඉටු නොවන්නේ නම් තමන් ජාත්‍යන්තර අධිකරණය හමුවට හෝ ගොස් සාධාරණය ඉටුකර ගන්නා බව ඇතින්නගේ හිමිකරු වන එස්.එම්. රොෂාන් මහතා පැවසීය.
වෙඩි ප්‍රහාරවලට ලක්ව වනඅලි තුවාල ලබන අවස්ථා අසන්නට දකින්නට ලැබුණත් හීලෑ අලියෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රථම අවස්ථාව මෙය බව හීලෑ අලි අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න මහතා කීය.
dinamina










