ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා ( Maria Fernanda Garza ) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා ඊයේ (18) පස්වරුවේ දිවයිනට පැමිණියාය .
ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170 ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය, ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය වේ.
ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ .










